IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නාමල්ගේ නඩුව විභාග කරන මහේස්ත්‍රාත්ට අපහාස කළ අය ගැන සොයයි

(මනෝප්‍රිය ගුණසේකර)

පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහි මුල්‍ය අපරාධ නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට එරෙහිව මුහුණු පොතේ යම් යම් සටහන් තැබු පුද්ගලයන් පිළිබඳ වාර්තාවක් නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයාට අද නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට එරෙහිව මුහුණු පොතේ යම් යම් සටහන් තැබු පුද්ගලයන් අධිකරණයට අපහාසයක් කර ඇති බවට පැමිණිලි කරමින් කොළඹ මහාධිකරණ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා කළ පැමිණිල්ලකට අනුව එලෙස නියෝග කළේය.

‘පොද්දල ජයන්ත’ සහ ‘සනත් බාලසුරිය’ නමැත්තන්ගේ මුහුණු පොත් මඟින් පසුගිය 21 වැනිදා මුහුණු පොතේ සිට සංසරණය වන සටහනක් උපුටා දක්වමින් කොළඹ ප්‍රධාන මහාධිකරණ රෙජිස්ට්‍රාර් එස්.ඒ.අයි. රංජිත් මහතා මෙම පැමිණිල්ල කර ඇත.

‘පොද්දල ජයන්ත’ සහ ‘සනත් බාලසුරිය’ නමැත්තන්ගේ මුහුණු පොතේ තබා ඇති සටහන් අනුව අධිකරණයට අපහාසයක් වී ඇති බවට තමාට හැඟී යන බව සඳහන් කරමින් ප්‍රධාන මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා මෙම පැමිණිල්ල කර ඇත.

 



 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site