IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නිදහස් උළෙලේ තේමාව එළි දකී

(අංජුල මහික වීරරත්න)

"ජාතික පුනරුදයට පෙළ ගැසෙමු" යන තේමාවෙන් 77 වන ජාතික නිදහස් සමරු උත්සවය පෙබරවාරි 04 වැනිදා පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.

කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙන මෙවර ජාතික නිදහස් සැමරුම නව යුගයක සමාරම්භය සනිටුහන් කිරීමක් ලෙස අර්ථ ගැන්විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාතික නිදහස් උළෙල පිළිබඳව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.

නිදහස ලබා ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දහස් සංඛ්‍යාත ලාංකිකයන් සිහිපත් කරමින් මෙවර නිදහස් උළෙල පැවැත්වෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා අදහස් දක්වමින් පැවසූයේ ජාතික සංහිඳියාව පිළිබිඹු වන පරිදි සියලු ජන කොටස් වල සහභාගීත්වයෙන් ජාතික නිදහස් උළෙල පැවැත්වෙන බවයි.

මෙම අවස්ථාවට  ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික), යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ , ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහත්වරු ද සහභාගී වූහ.



අදහස් (3)

නිදහස් උළෙලේ තේමාව එළි දකී

රම්බොඩ Thursday, 30 January 2025 04:53 PM

අවුරුදු 76 ක්ම ඔය ලස්සන තේමාවන් ඇහුණා. මේ 77 වතාව...

:       4       34

Perera Friday, 31 January 2025 04:57 AM

තවම කොයි හැටි වෙතත් දැන්නම් පාරේ බැහැලා යන්නවත් නිදහස තියෙනවා. ප්‍රභූ කියා ගත්තු එවුන්ගේ රථ පෙලපාලි කරදර නැතුව.

:       5       0

Asanga Sunday, 02 February 2025 10:30 AM

පෙරේරා, ඕක නිසා නෙමෙයි වුනේ... මහින්ද රට බේරලා දුන්නු නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site