
(අංජුල මහික වීරරත්න)
භෞතික සහ ආධ්‍යාත්මික වශයෙන් නටබුන් වූ රාජ්‍යය දේහය පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කරමින් නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට ලබන වසරේ අයවැය ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කළේය.
නූතනත්වයේ සංස්කෘතියකට රාජ්‍ය සේවය ගෙන යා යුතු බවත් එය ආරක්ෂා කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
නටබුන් වූ රාජ්‍ය සේවය නවීකරණය කිරීම සඳහා එහි භෞතික පහසුකම් වැඩිදියුණු කිරීමට ලබන වසරේ අයවැයේදී ප්‍රමුඛ අවධානය යොමු කර ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේදී අද (05) පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ (SASA) 41 වන වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 41 වන වාර්ෂික සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න සහභාගීත්වයෙන් අද (05) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය යනු රාජ්‍ය සේවයේ ප්‍රමුඛතම දීප ව්‍යාප්ත සේවාව වන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් වෘත්තීය සංවිධානයයි. මෙවර එහි වාර්ෂික සමුළුව පවත්වනු ලැබුවේ වසර 05කට පසුව වීම විශේෂත්වයකි.
රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා පසුගිය අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීම ඉදිරියට ගෙන යමින් ලබන වසරේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කරන බවත් 2027 වසර සඳහා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
ආකර්ෂණීය රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමටදේශපාලන අධිකාරිය ලෙස ආණ්ඩුව කැප වී සිටින බවත්, ඊට රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ කැපවීම අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සදහන් කළේය.
ෙරාජ්‍ය සේවයේ සුළුතරයක් අතින් තමන්ට පැවරී ඇති වගකීම ගනුදෙනුවක් බවට පත් වී ඇති බවත් එසේ සමාජ වටිනාකමෙන් ඔබ්බට ගිය මූල්‍ය වටිනාකම්වලට මුල් තැන දුන් රාජ්‍ය සේවය එම තත්ත්වයෙන් මුදවාගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාවේ ඇත්තක් නෑ! රාජ්‍ය සේවය තමයි දැන් ආකර්ෂණීයම තැන! ඒකනේ ඒකට බැඳෙන්න පොරකන්නේ!. ඒ තියෙදිද්ත් ඊ ලඟ අය-වැයෙන් රජයේ කාර්යාලවලට අලුත් ගොඩනැගිලි වාහන තවත් වැඩි පඩි ! ඔන්න පුරවැසියන් මත බදු බර පටවලා නිෂ්පාදන ආර්ථිකයක් හදන විදිය! 2028 රට නැවතත් බංකොලොත් ! ආණ්ඩුව ආයෙත් රනිල්ට! හොරු ටික ආයෙත් රජ වෙනවා! රජයේ සේවකයින් වැඩි පඩි දිගටම! රටේ නිෂ්පාදනයේ නියැලෙන ගොවියන්ට ධීවරයන්ට නිෂ්පාදන ක්ෂේත්‍රයේ බිම් මට්ටමේ කමිකරුවන්ට බඩ ගින්නේ මැරෙන්න තමා වෙන්නේ!
රජයේ සේවය හදන්න නම් , ඉන්න ඇයො ඔක්කොම ගෙදර යවල අලුතෙන් මිනිස්සු බදවා ගන්න ඕනේ , පරණ ඇයො හොරකම් අලුතෙන් එන මිනිස්සුන්ටත් පුරුදු කරනවා ,