
(යොහාන් භාසුර සහ ගරුක ප්‍රියශාන්)
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් දුම්රිය වාර 200 කට අධික සංඛ්‍යාවක් අවංගු කිරීමත් සමඟ ධාවනය වූ දුම්රිය කීපයේ ගමන් කිරීමට ජනතාව උත්සාහ කිරීමෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අද (13) පස්වරුවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවිය.
රාජ්‍ය සහ පෞද්ගලික කාර්යාල සේවක සේවිකාවෝ 5000 කට අධික පිරිසක් කොටුව දුම්රිය ස්ථානයට අද පස්වරුවේ එකවර රැස්වීමෙන් දැඩි තදබදයක් ඇතිවිය.
කොටුව පොලිසිය සහ දුම්රිය ආරක්‍ෂක හමුදාව එක්ව ජනතාවට එම දුම්රිය කීපයේ පහසුකම් සැළසීමට කටයුතු කළ අතර පොලිසිය ත්‍රිරෝද රථයක ස්පීකරයක් බැද දුම්රිය ධාවනය පිළිබඳව නිවේදනය කළ ආකාරය එහිදී වඩාත් කැපී පෙනුණි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)




COMMENTS
මේ අය පඩි ලබන්නේ අහිංසක ජනතාවගේ බත් බත්පතෙන් ය. කොරෝනා වසංගත කාලේ අහිංසක ජීවිත බිලිගන්නා මෙවැනි තීරණ ගන්නා මේ අයගේ ගේ රස්සාවල් අවසන් කළ යුතු කාලය පැමිණ ඇත. තීරණ ගත හැකි ඇමතිවරයෙක් බිහි වේවා.
දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ සියලු සේවකයන්ගේ වැටුප් වැඩිකර ගැනීම් සඳහා උද්ඝෝෂණ පැවැත්වුවද ඔවුන් සේවය කරන ආයතනයේ දූෂිත ක්‍රියාවන් පිළිබඳව කිසිඳු උද්ඝෝෂණයක් පවත්වන්නේ නැත. දුම්රිය ආයතන ඇතුළු රජයේ පාඩු ලබමින් තිබෙන සියලු වෘත්තීය සමිති අහෝසිකර කරමු. සියලු ආයතන කාර්යක්ෂම කරමු...
අවුරුද්දේ වැඩිකාලයක්, වැඩි වාරගණනක් වැඩ වර්ජන කරන දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කළයුතුයි. මෙයින් අමාරුවේ වැටෙන්නේ මගී ජනතාවයි. දුම්රිය සේවකයින්ට වර්ජන තහනම් කළ යුතුයි. නිසි අනපනත් සම්මත කළයුතුයි...