IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


දැරියට අතවර කළ සිද්ධිය වසන් කළැයි විදුහල්පති ඇතුළු 4ක් අත්අඩංගුවට

( අයි. ආර් ඉන්දික)

 

පාසල් දැරියකට ලිංගික අතවර  කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සියලු තොරතුරු දැනගෙනත් එම තොරතුරු පොලිසියට වසන් කිරීම සම්බන්ධයෙන් තණමල්විල ජාතික පාසලේ විදුහල්පතිවරයා ඇතුළු සිවුදෙනෙකු අද (13)සවස අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේ විදුහල්පතිවරයා ,නියෝජ්‍ය විදුහල්පතිවරයා, උපදේශන ගුරුවරියක් විනය කමිටුව බාරආචාර්යවරිය යන සිව් දෙනනාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය , තණමල්විල  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත.

සිද්ධිය පොලිසියට දැනුම්වත් කරන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා උපදෙස් දී ඇති බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වන බවත් පාසලේ විදුහල්පතිවරයා ඇතුළු කමිටුව එම තීරණය ක්‍රියාත්මක කර නැති බවත් මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය .

දැරියටය අතවර කළ බව කියන සිසුන්  21 දෙනකු සහ ඊට අනුබල දුන් කාන්තාව අගෝස්තු මස 22 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර ඊ දිසානායක මහතා නියෝග කළේය.

මෙසේ අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යයන් 21 දෙනා බණ්ඩාරවෙල සුරක්ෂා ළමා නිවාසයේ රඳවා තැබීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.

 

 

 



අදහස් (14)

දැරියට අතවර කළ සිද්ධිය වසන් කළැයි විදුහල්පති ඇතුළු 4ක් අත්අඩංගුවට

Rama Tuesday, 13 August 2024 06:41 PM

ඔය කොල්ලන්ව ළමා නිවාසයක තියෙන එක හරිද? එතැන ඉන්න අනික් අයවත් නැති කරයි නේද? මොවුන් ටික එකතුවෙලා. හරි විදිහට නම් මේ අයව තැනින් තැන වෙන්කරලා තියන්න ඕනෑ වගේ මට නම් හිතෙන්නේ....!

:       0       0

NWS KUMARA Tuesday, 13 August 2024 06:43 PM

හොඳ විනයක් තියෙන පිරිසක් බවනම් පේනවා.

:       0       0

කසුන් Tuesday, 13 August 2024 07:02 PM

තවත් සමහරුත් තැටිය රත්වුණු වෙලේ රොටියක් දෙකක් පුච්චාගෙන වගේ. ඒකයි සීන් එක වසං කරලා තියෙන්නෙ. බලමුකො ස්ටෝරිය දිග ඇරෙනකොට.

:       0       0

Prabha Tuesday, 13 August 2024 07:04 PM

තමන්ගේ පාසලේ කීර්ති නාමය නැතිවෙනවා කියලා ගොඩක් පාසල්වලින් ඔය දේ කරනවා.

:       0       0

ලසන්ත Tuesday, 13 August 2024 08:53 PM

එතකොට අර වින්දිත දැරියට තර්ජනය කර, බැණ වැදී, තමාට ඕනෑ විදියට ප්‍රකාශයක් ගන්න ගිය දොස්තරට පාඩමක් කියලා දෙන්නේ නැද්ද?

:       0       0

sugath Tuesday, 13 August 2024 09:50 PM

ශික් අප්පා. මෙහෙම කතා මම ඉස්කෝලේ ගිය කාලේ හීනෙන්වත් ඇහුනේ නැහැ.

:       0       1

රනා Wednesday, 14 August 2024 01:29 AM

ඔවුන්ගෙන් එක් අයෙක් මොනරාගල මාලිමා ගුරු රැස්වීමට සහභාගි විය...

:       1       0

Perera Wednesday, 14 August 2024 06:18 AM

වැරදි කරපු ශිෂ්‍යයන්ට බණ්ඩාරවෙල නිවාඩුවකුත් ගත කරන්න ලැබිලා

:       0       3

Jayarathna Wednesday, 14 August 2024 06:48 AM

අධිකරණයට ඉදිරිපත් කිරීම පමණක් මදි. අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා අමාත්‍යාංශය මගිනුත් විනය පරීක්ෂණයක් කරන්න ඕන .ඒ සමගම ඉහළ නිළධාරින්ගේ නියෝග ක්‍රියාත්මක නොකිරීම වෙනුවෙන් ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව විනය කටයුතු කරන්න ඕන. (ගුරුවරු කියාවි අපිට ආයතන සංග්‍රහය වලංගු නැහැ කියලා ඔවුන්ට තමන්ගෙ පත්වීම් ලිපිය කියවන්න කියලා මතක් කරනවා )

:       0       8

kam Wednesday, 14 August 2024 08:21 AM

සිද්ධිය වසන් කිරීමට දඩුවම් කිරීමට නීති ලංකාවේ තියනවාද? නැත්නම් නීති හදලා හරි මේ විදුහල්පතිට සහ ගුරුවරුන්ට දඩුවම් ලැබිය යුතුයි.

:       0       6

Suranga Wednesday, 14 August 2024 12:37 PM

රජයේ සේවයේ කුමන තනතුරක් දැරුවත් කරන වැරැදි වෙනුවෙන් විනයානුකූලව දඬුවම් කර සේවයෙන් පහකිරීමට නීති ආයතන සංග්‍රහයේ තියෙනවා. ඒවා ඇතුළත් කර පත්වීම් දුන්නාම එම කොන්දේසි වලට එකඟයි කියලා අත්සන් කළාම තමයි පත්වීම වලංගු වෙන්නේ කෙනෙක් ගිවිසුමක් අත්සන් කර එය කැඩුවා නම් ඒ වෙනුවෙන් දඬුවමක් දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි රාජ්‍ය සේවයේ සිටිද්දී දැනුවත් වෙලා හිටියේ අධිකරණය කුමන දඬුවමක් දුන්නා වුණත් රජය විසින් පවත්වන විනයානුකූල පරීක්ෂණයක් මගින් සේවයෙන් පහකළ හැකියි කියලා තමයි. එහෙම සිදුවීම් අපි දැකලා තියෙනවා...

:       0       2

NASAR Wednesday, 14 August 2024 08:49 AM

ආයුධ පෙන්නන්න වගෙයි එක්කන් යන්න බැරිද අර 21 දෙනවායි මේ 4 දෙනාවයි

:       0       5

ඉෂාන් අහමඩ් Wednesday, 14 August 2024 10:16 AM

ගැහැණු ළමයෙක්ට අතවර රපු එවුන්. ළමා නිවාසවල දාල හරියන්නෙ නෑ. එහේ ඉන්න ළමයෙක්ටත් අත තියන්න පුළුවන්. උන්ව ප්‍රස්ද්ධියේ තියල රටටම පේන්න එකාට කස පහරවල් 100 ගානේ දීල ගෙදර යැවුවනම් ආයෙ මැරෙනකන් ගෑණු ළමයෙක්ට අත තියන්නෙ නෑ. බඳින ගෑණිටත් බය වෙයි.

:       0       9

NWS KUMARA Wednesday, 14 August 2024 12:13 PM

මේ දේවල් වලට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මොකුත් කරන්නේ නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 178 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 246 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1122 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site