
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත
එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.
මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්නකෝ සත්තුවත්තේ ගිරවෙක් රැකගන්න බැරි ජනාධිපති කෙනෙක් අපට ඉන්නේ. නේද යෝගා?
ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.
මේක විහිළුවකට ගන්න එපා... එවන් දෙයක් කරන කල් මේකෙ නිලධාරීන් යන එන අය ඇස් බැඳගෙනද හිටියේ?
මීට කලිනුත් හොරකමක් සිදුවෙලා තියනවලු... නැවත එම කූඩුවේම සතෙක් දෙවන වරටත් හොරකම් කරලා. කෝ මේවා වලක්වා ගන්න අරන් තියන ක්‍රියා මාර්ග? සත්වෝද්‍යාන පාලනාධිකාරිය නින්දේද? නැත්නම් මේක කරලා තියෙන්නේ එයාලත් දැනුම්වත්වද?
ගිරා ආණ්ඩුවේත් මැකෝ කෙනෙක් ඉන්නවද?
ෂුවර් එකටම රාජපක්ෂ ලාගේ වැඩක්... ඔවුන් තමයි ඔය ගිරව් ඇති කරන්නේ...!
සෙනෙවිරත්න, තමුන්ගේ අම්මා නැතිවුණොත් වැරැදිකාරයා ජනපතිද?
දැන් කොහොමද ඡන්දෙ තියන්නේ?
ආරක්ෂක අංශය කියන හැටියට පිටින් කවුරුවත් ඇතුළු උන බවක් පෙන්නෙන්නේ නැහැ කියන එකෙන් හොඳට පැහැදිලි වෙනවා,ඇතුලේ ඉන්න කාර්ය මණ්ඩලයේ කෙනෙක් හෝ කීප දෙනෙක් මේ සොරකමට සම්බන්ධ බවට. එහෙම නැතිනම් නරඹන්නෙකු හැටියට ඇතුළට පැමිණිලා එම හොරකමට සම්බන්ධ කාර්ය මණ්ඩලයේ සහයෝගය මත එහෙම රැඳී ඉඳලා පාන්දරම සොරකම කර ඇති බවට.
කපුටාස් වෙන්නත් පුලුවන්
සෙනවිරත්නට අනුව ගෑනි පැනලා ගියත් ජනපති අස් වෙන්න ඕනේ, සෙනවිරත්න ගැබ්බර වුනත් ජනපති ඉල්ලා අස් වෙන්න ඕනේ. මෙම කතාවක් නේ.