
(යොහාන් භාසුර)
දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම වර්තමාන ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
අධ්‍යාපන පරිවර්තන තුළින් දරුවන් හැලෙන්නෙ නැති, අතරමං වෙන්නෙ නැති අධ්‍යාපනයක් නිර්මාණය කිරීම බවත් කිසිදු දරුවෙකුට අධ්‍යාපනයෙන් හැලීමට ඉඩ නොතැබිය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය කීවාය.
වෘත්තීය අධ්‍යාපනය කියන්නේ හැලෙන දරුවන්ට දෙන මොකක් හරි බෙහෙතක් නොවන බව කී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ එවැනි වෘත්තිය අධ්‍යාපනය ගැන වර්තමාන ආණ්ඩුව සැලසුම් නොකරන බවත්ය.
වෘත්තීය අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ කොටසක් විය යුතු අතරම වෘත්තීය අධ්‍යාපනය පාසල් අධ්‍යාපන ක්‍රමය තුළම දරුවෙක්ට විවෘත විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු හමුවකදි අග්‍රාමාත්‍යවරිය එසේ සඳහන් කළාය.
මෙම හමුවට නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පද්මසිරි බණ්ඩාර , සුනිල් රත්නසිරි , උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක , උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී ජයසිංහ යන මහත්වරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින් කියන්න නම් ලේසියි, කරන්න තමයි බැරි, ටියුෂන් මාෆියාව දැන් මලිමාවට ජැක්එක ගහලා තිබෙන්නේ...
එන එන කෙනා මොනවා හරි අතගාලා යනවා. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදනන්න හිතකවත් නෑ වගේ.
ට්‍රම්ප් මහත්තයා බලයට නොපැමිණෙන්නට ඔබතුමියගේ සුලලිත වදන් සහිත වෙස්මූනෙන් අපි කොයිතරම කාලයක් රැවටෙන්න තිබුණාද?
කිව්වට ඔයා ඔව්වා කොහේ කරන්නද මැඩම්? ආණ්ඩුවේ ඉන්නේ හොර උපාධිකාරයෝ. ඉගෙන ගන්නේ නැතුව අවුරුදු ගණන් උද්ඝෝෂණ කර කර හන්දි වල ටින් හොල්ලපු කාලේ කාපු රස්තියාදුකාරයෝ. ඉගෙනගන්න එකෙකුටවත් ඉගෙන ගන්න නොදුන්නු අය. නවකවදය බෝ කරපු අය... වෛරය වපුරපු අය...