IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දරුණු වයිරස ප්‍රභේද තවත් ප්‍රදේශ දහයකින්

(සුජිත් හේවාජුලිගේ)

බ්‍රිතාන්‍යයේ පැතිර ඇති සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ නමයකින්ද ඉන්දියාවේ පැතිර ඇති සැර කොරෝනා වයිරස ප්‍රභේදය නිරෝධායන මධ්‍යස්ථානයකින්ද හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ පැතිර ඇති සැර වයිරස ප්‍රභේදය හමුවී ඇත්තේ කොළඹ මඩකළපුව මඩකලපුව ත්‍රිකුණාමලය කුලියාපිටිය වාරියපොල හබරාදුව තිස්සමහාරාමය කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලිනි.

අස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ගත් මෙරට සෞඛ්‍ය සේවකයන් පිරිසකට ද බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතත් ඒ සියලු දෙනා මේ වන විට සුවය ලබා සිටින බවද ජීවන්දර මහතා ප්‍රකාශ කරයි.

මෙයට අමතරව මෙරටින් මුල සිට හමුවූ වයිරස ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් පිරිසක් තිස්සමහාරාමය ප්‍රදේශයෙන්ද හමුවී ඇතැයි එම විද්‍යායතනය පවසයි.

නව සැර කොරෝනා වයිරස ප්‍රභේද හඳුනා ගැනීමේ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ පිළිබඳ අවසන් වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාට අද (10) පෙරවරුවේ බාරදෙනු ලැබීය. මේ පිලිබඳ තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේ ය .



අදහස් (3)

දරුණු වයිරස ප්‍රභේද තවත් ප්‍රදේශ දහයකින්

වික්‍රමසිංහ Thursday, 10 June 2021 12:56 PM

තාම සමාජ ගතවෙලා ද නැද්ද කියන එක දැනගන්න විදිහක් නැද්ද..? ආ...එහෙම නැද්ද.... අප්පේ... මං බයේ හිටියෙ...

:       154       255

Nuwan Thursday, 10 June 2021 03:35 PM

මොන ප්‍රභේද හමුවුණත් අර මනුස්සයගෙන් තවම සමාජගතවෙලා නැ

:       17       38

Rohana Friday, 11 June 2021 12:54 PM

ලංකාවේ ඔක්කෝටම රෝගය හැදුණත් ඒත් කියන්නේ සමජ ගතවෙලා නෑ කියලයි. බලධාරින් ඒ වචනය භාවිතා කරන්න හරිම බයයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site