
(ගයාන් සූරියආරච්චි)
සියලුම තරාතිරම්වල තනතුරු දැරූ තමාට පොලිසියේ සියලු දුක්ඛදෝමනස්සයන් ඇතුළු අටලෝ දහම හොදින් හුරුපුරුදු බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.
පොලිස් කොස්තාපල්වරයකු වශයෙන් වසර 4 ක්, පොලිස් පරීක්ෂණ නිලධාරියකු වශයෙන් වසර 7 ක් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නියෝජිත නිලධාරියකු ලෙස වසර 26 ක සේවාකාලයක් ඇතුළු බදවාගැනීමේ ත්‍රිත්වයෙන්ම පොලිස් සේවයට එක්වූ මට අද දින ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පති තනතුරට පත්වීමට ලැබීම පිළිබදව සතුටක්.
නිදහස් අධ්‍යාපනය යටතේ මා මේ තත්ත්වයට පත්කිරීමට උර දුන් නිදහස් අධ්‍යාපනයටත් ඒ වෙනුවෙන් මහජනතාව වැය කළ මුදල් වෙනුවෙන් වගකීමක් සහ වගවීමක් මා හට තියෙනවා.
පොලිසියේ දැක්මට අනුව අපරාධ හා ප්‍රචණ්ඩත්වය පිළිබදව කිසිදු බියකින් තොරව සාමකාමී පරිසරයක් බිහිකිරීම යථාර්තයක් කිරීම සදහා මා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ ඉහළ කාර්ය සාධනයක් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම විනයානුකූල පොලිසියක් හැදීම මා ඉහළින්ම සලකනවා.
වසර 150 ක් පුරා පැවැති ගෞරවණීය පොලිස් සේවයේ පෞඩත්වය නැවත ගෙන ඒම සදහා කළ යුතු සෑම දෙයක්ම කරනවා.‘‘ යැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා මේ තනතුරට පත්වීම ශ්‍රී ලංකා පොලිසියේ අභිමානයයි, සුභ පතනවා.
ගෞරවය නැවත ගැනීම, අනේ මන්දා?ගෞරවණීය පොලීසියක් යථාර්ථයක් කිරීමට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා!
කියන විදියට හිටියොත් ඉස්සරහට සැප තමයි.
විනය ගරුක,නීති ගරුක සේවාවක්.ඇති කිරීමට සියලු ශක්තිය ධ්‍යෛර්ය නිරතුරුවම ලැබේවා !
මාලිමාවට ඕන විදිහට කළොත් ගොඩ
මේකත් බිග් කුච්චන් තමයි
ඔබතුමාට මගේ සුබ පැතුම්. පොලිසියේ නාමය බබලවන්නට ඔබට සියලු ශක්තිය සහ ධෛර්යය ලැබේවා...!
අපේ රටේ කිසි කෙනෙකුට කරන්න බැරි වෙච්ච පාතාලය අනවසර ගිනිඅවි මත් උවදුර පාලනයට ඔබට හැකි වේවායි ඉත සිතින් පතමු. ජයවේවා…!