(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම හා දොඩංගොඩ අතර කිලෝමිටර් 18.09 පරගස්තොට ප්‍රදේශයේදී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව අධිවේගි රථවාහන පොලිසිය කියයි.

කැබ් රථයක් සහ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී මෙම අනතුර වී ඇත.

වාහන තුනම මාතර දිශාවට ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර වී ඇත.

අනතුරින් තුවාල ලැබූවන් කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

අනතුර හේතුවෙන් තරමක රථ වාහන තදබදයක් ඇති විය.