
(පද්මසිරි ගාර්දියවසම් සහ චන්ද්‍රසේන ගමගේ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අගුණකොළපැලැස්ස 175 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද 27 සවස 5.30 ට පමණ වෑන් රථයක ටයරයක් පුපුරා ගොස් මැද ආරක්ෂිත වැටේ ගැටී සිදුවූ අනතුරකින් වෑන් රියේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය.
අනතුරට පත් වෑන් රියේ ගමන් ගත් තවත් හතර දෙනෙකු තුවාල ලබා අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇතැයි පොලිසිය පැවසීය .
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම දෙනිපිටිය ,වරකාපිටිය ප්‍රදේශයේ පදිංචි ඥාණවතී සහ නිලූකා යන නම් වලින් හදුන්වන අවු 40 සහ 60 වයසේ පසුවන කාන්තාවන් දෙදෙනකු බවද පොලිසිය සඳහන් කරයි. අගුණකොළපැලැස්ස අධිවේගී මුරපොළේ පොලිස් නිළධාරින් විසින අනතුර ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනේට හුළං ගහනකොට දොර කණුවේ හරි ඒ වගේ තැනක ඇති කොපමණ හුලන් ගහන්න ඕනෑද කියලා. ඒ ප්‍රමාණයට හුළං ගහන්න. ටයර් එක කල්පැනලා නම් අලුත් එකක් දාගන්න. සමහරු කට්ට කපපු ටයර් අරන් දාගන්නවා, ඒවා ලෙල්ලටම ගෙවුණාට පස්සේ කට්ටා කපලා විකුණන ඒවා, හරිම භයානකයි ඒවා පාවිච්චි කරන එක. ටයර් එක ඉරිතලලා නම් ඒවත් විසික් කරලා දාන්න...