
(පද්මසිරි ගාර්දියවසම් සහ චන්ද්‍රසේන ගමගේ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අගුණකොළපැලැස්ස 175 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද 27 සවස 5.30 ට පමණ වෑන් රථයක ටයරයක් පුපුරා ගොස් මැද ආරක්ෂිත වැටේ ගැටී සිදුවූ අනතුරකින් වෑන් රියේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය.
අනතුරට පත් වෑන් රියේ ගමන් ගත් තවත් හතර දෙනෙකු තුවාල ලබා අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇතැයි පොලිසිය පැවසීය .
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම දෙනිපිටිය ,වරකාපිටිය ප්‍රදේශයේ පදිංචි ඥාණවතී සහ නිලූකා යන නම් වලින් හදුන්වන අවු 40 සහ 60 වයසේ පසුවන කාන්තාවන් දෙදෙනකු බවද පොලිසිය සඳහන් කරයි. අගුණකොළපැලැස්ස අධිවේගී මුරපොළේ පොලිස් නිළධාරින් විසින අනතුර ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

2025 නොවැම්බර් මස 04
315
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2131
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දක්ෂිණ අධිවේගයේ අනතරින් දෙකක් මරුට හතරක් රෝහලට
ගුණරත්න Sunday, 27 July 2025 09:44 PM
වාහනේට හුළං ගහනකොට දොර කණුවේ හරි ඒ වගේ තැනක ඇති කොපමණ හුලන් ගහන්න ඕනෑද කියලා. ඒ ප්‍රමාණයට හුළං ගහන්න. ටයර් එක කල්පැනලා නම් අලුත් එකක් දාගන්න. සමහරු කට්ට කපපු ටයර් අරන් දාගන්නවා, ඒවා ලෙල්ලටම ගෙවුණාට පස්සේ කට්ටා කපලා විකුණන ඒවා, හරිම භයානකයි ඒවා පාවිච්චි කරන එක. ටයර් එක ඉරිතලලා නම් ඒවත් විසික් කරලා දාන්න...