ඩයනා උදයංගනී
ඉන්ධන මිල ඉහළ දමා ජනතාව අපහසුතාවට පත් කිරීමේ වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
කොරෝනා උවදුර හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින ජනතාව මෙමගින් තව දුරටත් පීඩාවට පත්කිරීම අනුමත නොකරන බව එම පක්ෂ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වේ. එම නිවේදනය මෙසේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාට්‍ය.. නාට්‍යම තමයි...
මම හිතන්නේ මේක මේ අලුත් අවුරුදු උත්සවයක හොඳම විහිළුව තෝරන එකට යවන්න හදපු ලියුමක් වැරදිලා මාධ්‍යයට දීලා වෙන්න ඕනෑ.. ජනාධිපති අගමැතිගේ පොහොට්ටුව කියලයි අපි නම් දැනගෙන උන්නේ. දැන් බලාගෙන යනකොට ගම්මන්පිල ඇමැතිතුමා ඒ දෙන්නාටම වැඩිය බලවත් කෙනෙක් වගේනේ...
සාගරත් පිස්සු වැඩ කරනවා. ජනපති දැනුවත්ව උදය කරපු වැඩක් ඕක... ඔක්කොම රඟපෑම්...!!!
මෙයාට විතරයි වැඩ බැරි... අනිත් ඔක්කොම සුපිරියි.
තවත් ජවනිකාවක් පමණි...!
මේ දවස්වල විකාශනය වන නාට්‍ය මාලවේ නිෂ්පාදක කණ්ඩායමේ ප්‍රතිරූපයට වන හානිය අවම කරන කොටසක් වෙන්න පුළුවන් සම්භාවිතාව ඉතාම ඉහළයි. හැබැයි ගම්මන්පිල කියන නලුවා දේශපාලන අනාථයෙක් කියලා මේකෙන් ඔප්පු වෙනවා. පල නොකියා පළා බෙදලා බැරිම තැන මෙහෙම කරලා කියලා තමයි හිතෙන්නේ. තව ඉතිරි විමල් සහ ගෙවිඳු කියන සර්කස්කරුවන් විතරයි.
ඉන්ධන මිල 15% ප්‍රතිශතයකින් වගේ වැඩි වෙලා තියෙනවා ..අනිත් භාණ්ඩ වල මිලත් වාර්ෂිකව 15% ක් වගේ වැඩි වෙනවා.. නමුත් පුද්ගලික අංශයේ වැඩ කරන අපේ වැටුප් වාර්ෂිකව වැඩිවෙන්නේ 8% කින් වගේ.. ඉතින් වැටුප් වැඩිවීමට වඩා වැඩි ප්‍රතිශතයකින් බඩු මිල වැඩි වෙනකොට එය අපිට දරන්න අමාරුයි. රුපියල් 80 000 කට වැඩියෙන් වැටුප් ගන්න අයට නම් මේ තත්වය අමාරු නැහැ..රුපියල් 70 000 කට වඩා අඩු වැටුප් ගන්න අයට නම් විශාල අභියෝගයක්.. මේ පිළිබඳව අධ්‍යනය කර රුපියල් 70 000 ට වඩා අඩු වැටුප් ලබන පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි ප්‍රතිශතයකින් වැඩි කිරීමට පුද්ගලික අංශයට බලපෑමක් ඇතිකරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා..
මෙයාට නම් විකාර... පාර්ලිමේන්තුවේ නෙවෙයි ඉන්න ඕනේ... පිස්සන් කොටුවේ..
මේවට අපි කොයි පැත්තෙන්ද හිනාවෙන්නට ඕනෑ කියලා ඔය නිවේදනයේම සඳහන් කළා නම් තමයි මරු...!!!
මේක මහජන විරෝධය සමනය කිරීම සඳහා හදපු ලිපියක්. මුදල් නියෝජ්‍ය ඇමතිතුමා තෙල් මිල වැඩි කිරීමට හේතු දැක්වූවා. ඒ කියන්නේ මේක මහින්ද මහතාගේ අනුදැනුම ඇතිව කරපු දෙයක්... මේකට පොහොට්ටු පක්ෂය විරුද්දයි කියලා පෙන්වන්න ගහපු ලිපියක් මේක... අපේ බුරුවො 69 ලක්ෂය මේ ලණුවත් කයි.
නාට්‍ය රඟපාන එක නවත්වන්න... අපිට දැන් ඇතිවෙලා.
මේ පුද්ගලයාට සාමූහික වගකීම කියන එක අදාළ නැද්ද? මට පේන විදිහට ආණ්ඩුවේ සාමුහිකත්වය කඩලා බිඳලා දාන්න ආපු කෙනෙක් වගේ..!!!
බ්ලැක්ලිස්ට් වෙයි. බලාගෙන..
යහපාලනය කාලේ තෙල්මිල වැඩීයි කියලා බක්කි කරත්තවලින් සහ බයිසිකල් කටුවලින් පාර්ලිමේන්තු ගිය වීර වරයින්ට ඒ වැඩේ ආයෙත් සැරයක් කරන්න ඔන්න හොඳම අවස්ථාවක් ඇවිත්... දැන් ඉතින් තෙල් මිල විතරක් නොවේ අනිත් හැමදෙයක්ම ගිනි ගණන්නේ... හැබැයි පටන්ගන්න වෙලාවයි තැනයි මාධ්‍යයට කියලා පටන්ගත්තොත් තමයි වඩාත් ප්‍රයෝජනවත්...
මෙන්න මේ අය තෙල් මිල වැඩිකරපු එක ජනතාවට අමතක කරන්න සංදර්ශනයක් දැන්මම පටන් අරගෙන. මේ එක එක පෙරමුණු වලින් කියනකම් ඉන්න එපා, ගමට ආවම අල්ලගන්න.
ජනතා විරෝධයෙන් ගැලවෙන්න කරන තවත් පහත් වැඩක්..!!
එතකොට "සර්" බබාද?
ඒකත් නාමල්ට දෙන්නද කියන්නේ? මේ කරලා තියෙන අපරාධවලට නැවත නම් රාජපක්ෂ පරම්පරාවේ කාටවත් අපි ඡන්දෙ දෙන්නේ නැහැ.
නාට්‍ය රඟදැක්වීමක් නොකර, වැඩි කල මිල ගණන් නැවත අඩු ජනතාවට ප්‍රමාණවත් වේ..
මේ අය හිතන් ඉන්නේ මේ රටේ මිනිස්සු ඔක්කොම බත් කන හරක් කියලා. ඔවුන්ම වැඩි කරලා ඔවුන්ම බැනගන්නවා. කවුද අප්පා මේ අමන නරිනාටක වල පිටපත් ලියන්නේ...?
මේ වගේ මරි මෝඩ නිවේදන හරහා මිනිස්සුන්ගේ නාහෙට ලණු දාන එක හරියන්නේ නෑ ලේකම්තුමා.... අපි බබාලා නෙවෙයි. ඇමැතිගේ පිටට වැරැද්ද දාලා ඔහේලට බේරෙන්න බෑ...
උගුර යටින් කෑ ගහලා ඡන්දෙ දිනලා දුන්නේ මං මෙන්න බොල මේ ඈයොට මං එපාලු දැන්..
පහත් සංදර්ශන... ඔක්කොම එකතු වෙලා කරලා. ඕවට කියන්නෙ ෂෝ කියලා. අහන්න ඕන අර අජිත් නිවාඩ්ගෙන් තමයි..
මිනිස්සු මෝඩයි කියා ඔබ සිතනවද?
කොරෝනයි, තෙල් මිලයි අතරේ සම්බන්ධය කුමක්ද? දැන් මේ පල නොකියා පලා බෙදීමක් කරන්නේ පහුගිය කාලේ තෙල් නැවි ගිනි ගත්තා... අස්වෙන්න කිව්වේ නෑ. කොරෝනා ව්‍යාප්ත වුණා.. අස්වෙන්න කිව්වේ නෑ. කවුරු හිටියත් අස් වුණත් ජනතාවට කිසිම වෙනසක් නෑ..
සුපිරි නාටකයක්...!!!
හරියට අපි වැඩි කරා වගේ...!!!
ගයන ගැයුම්, නටන රැඟුම්... රාජපක්ෂලා දන්නේම නැද්ද තෙල් මිල වැඩිවෙනවා කියලා. ඇඟේ වහලා ඉන්න මැක්කා දන්නවා හාම්පුතා දන්නේ නැහැ. මෙයාලා බබාලානේ..!!!
මට සත්‍ය සිදුවීමක් මතක්වුණා. එක්තරා මිනීමරුවකු මරණකරුගේ ගෙදරටම ගොස් තමන් මිනීමරුවකු නොවන බව පෙන්වීමට අවමංගල කටයුතු සංවිධානය කරමින් අවසානයේ මරණකරු පිළිබඳ ගුණකථනයකුත් කළාලු. සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ ලිපියත් ඒ වගේමයි.
විෂය බාර ඇමැතිවරයාට පිට කොන්දක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්..!!! ලංකාවේ එහෙම වුණත් ඇමෙරිකාවේ එහෙම වෙන්නේ නැහැනේ...!!!
එතකොට දැන් මේ රටේ තියෙන්නේ වෙන මොකක් හරි පක්ෂයක ආණ්ඩුවක්ද? ඉන්ධන මිල වැඩිකිරීමට හේතුව දැනට ඉන්ධන ලීටරයක් මත රජයට අයකර ගන්නා බද්දට අමතරව බදු මුදලක් එකතු කිරීමයි. බදු පැනවීමට අදාල විෂය භාර ඇමතිවරයා යනු අගමැති සහ මුදල් ඇමති වන මහින්ද රාජපක්ෂ මහතායි. ඒ අනුව ඉල්ලා අස්විය යුත්තේ එතුමා නොවේද?
69 සෙට් එක මේ තරම් අඬවන්න එපා.. බත් කෑවාට ඒ අයත් පවු...!!!
ඇමැති ඉල්ලා අස්වුණාම ඉන්ධන මිල අඩු වෙනවද? නැතිනම මිල අඩුකරනවද?
ගම්මන්පිල මහතා 2020-11-20 දින පාරලිමේන්තුවේදී කියා තියෙනවා මේ රජයේ ප්‍රතිපත්තිය ඉන්ධනවලට ස්ථාවර මිලක් පවත්වා ගෙන යාම බව. ඒ අනුව මෙය රජය අපහසුතාවයට පත්කිරීමක් බව පැහැදිළියි.
මිනිස්සුන්ගේ අවදානය වෙනතකට ගෙනියන්න දේශපාලකයින් කරන මෝඩ වැඩ තමයි. මහජනතාවත් සමග විහිළු කරන්න එපා.
ගම්මන්පිල කියන ඕස්ට්‍රේලියාවේ පොලිසියට අවශ්‍ය වරෙන්තුකාරයා පමණක් නොව, ඔබත් ඇතුළු සියලුම මෝඩ, දූෂිත, නූගත්, අමන, අසික්කිත හොර පොහොට්ටුවෝ සියලු දෙනාම වහාම තම නොහැකියාව පිළිගෙන, ජනතාවගෙන් සමාව ඉල්ලා (සමාව ඉල්ලුවත් නැතත් වෙන ආණ්ඩුවක් යටතේ කට්ටියම කූඩුවලට යනවා..) වහාම ඉල්ලා අස්වී (ජනාධිපතිත් ඇතුළුව) නැවත ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි. එසේ නොකලොත්... එදාට මිනිසුන් නීතිය අතට ගනීවි. දුශ්ශීල ජූජක බමුණන් සැඟවීමට තැන් සොයනු ඇත. පොහොට්ටුවන් මිනිසුන් අතින් සම්බෝල වී යනු ඇත.
එතකොට මේක කැබිනට් තීරණයක් නොවේද?
මේ වගේ කතාවලට මොකක් කියන්නද මන්දා?
කොමඩි ගැටුම පටන් අරන්... ජනතාවට ඉන්ධන මිල වැඩිකරපු එක අමතක කරවන්න.
ජනතාව විපතට වැටිලා ඉන්න වෙලාවේ විහිළු කියන්නේ නැතිව එහෙනම් විෂය බාර ඇමැති ඉවත් කරන්නකෝ..!!!
ඊළඟට පත්කරන ඇමැති තෙල්මිල අඩු කරනවද? නිකන් ජනතාවට මෝඩචූන් දෙන්න එපා..
ජෝක් නම් ජෝක්... මේවානේ ජෝක්... කොරෝනා නුඹ මේ රටට හොඳ වැඩියි මහත්තයෝ..!!!
මේ තීරණය ඉතා නිවැරදියි. මේ ඇමැති ඉල්ලා අස්විය යුතුයි. අමාත්‍යාංශයේ බොහෝ දේ කරන්න තියෙද්දී පිස්සු කෙලින ඇමතියෙක්.... මෙයාගේ වැඩවලින් ජනාධිපතිගේ සහ අගමැතිගේ නම කැතවෙනවා...
එතකොට ඉන්ධන මිල වැඩිකිරීමට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලය අස්වෙන්න ඕනෑ නැද්ද?
දැන් එතකොට ආණ්ඩුවෙ කිසි කෙනෙක් මිල වැඩි කරනකම්ම දන්නේ නෑ.... අහෝ ඛේදයකි. සුපිරි නාටකයකි.
මේවාට තමයි අර මොකක්ද ෂෝ කියන්නේ... කොරෝනා අස්සෝ හොර කැබිනට් පේපර් එකක් දාලා සුඛෝපභෝගී ජීප් ඕඩර් කරාට ආණ්ඩුවම ගෙදර යා යුතුයි.
අනේ බොරු මාධ්‍ය සංදර්ශන නැතිව එහෙනම් වැඩිකරපුවා ඉඳලා මිල අඩුකරන්නකෝ...!!!
මේවා ඔක්කොම මාධ්‍ය සංදර්ශන විතරයි. ඡන්දය ගත්තාට පස්සේ මෙයාලා ඔක්කොම ඇපේට... කොකා පෙන්වනවා විතරයි..!!!
සාගර කියන්නේ මොකුත්ම දන්නැති තොත්ත බබා. සූප්පුවක් ගෙනත් දෙන්නද?
එතකොට කබ්රාල්ට අමු කැවිලාද?
අසීරු අවස්ථාවක් ඇතිකළේ ගම්මන්පිළ විතරයිද? ඉල්ලා අස්විය යුත්තෝ කවරහුද?
සහල් කිලෝවේ මිලෙහි සිට දැරිය නොහැකිව, රටේ ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ගෙන ඇත්තේ විෂය බාර අමාත්‍යවරයාගේ තනි අභිමතයටද? රටේ ජනතාව මේ ගැන බලන්නේ ඉන්නේ හොඳ අවබෝධයක් ඇතිවයි...
කැබිනට් ඇමැතිවරු ඔක්කොම එකතුවෙලා රජය අනවශ්‍ය වියදම් පාලනය නොකර වියදම් පියවා ගන්න තෙල්මිල වැඩිකරලා විෂ බාර ඇමැති කෙනෙක් ගැන කියනවා... රට පාලනය කරන්නේ කවුද?
මේ බොරුවට මිනිස්සු රවට්ටන්න එපා හොඳේ... හරි නම් ආණ්ඩුවේ හැමෝම ගෙදර යන්න ඕනේ මේ කරන නොහොඹිනා දෙවල් වලට..
මෙන්න දැන් පෙන්නනවා පොහොට්ටුවේ තෙල් නාට්ටිය...
ඉල්ලා අස් නොවුවහොත් විශ්වාස භංගයක් ගෙනඒමට පියවර ගන්නවාද?
ආණ්ඩුවක් පිස්සු කෙළලා, කෙළලා, මිනිස්සුන්ගේ පිටේ නොසෑහෙන්න බර පටවලා, ප්‍රාඩෝ ගන්න මුදල් නාස්ති කරලා, ගිනිගන්න නැව වරායට ගෙන්නලා පාරිසරිකව බිහිසුණු විනාශයක් කරලා, වසංගත අනාගෙන ජීවිත වසංගතයට බිලිකරලා, හත්පොළේ ගාගෙන, රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයත් බල්ලටම දාලා, අන්තිමට ඉන්ධන මිල අසීමිතව ඉහළ දාලා මිනිස්සුන්ට යනඑන මන් නැහැ. මෙහෙම ආණ්ඩුවක් ලෝකෙම නැහැ.
ඔක්කොම බබ්බු... මේ අය මිනිස්සුන්ව අපායට ඇදලා දාන්න හදන්නේ. මේවා කරන්න කළින් එක බබෙක්වත් දන්නේ නැද්ද?
ඔබ කියන්නේ මුදල් ඇමති ඇත්තටම මිල වැඩි කිරීම ගැන නොදැන සිටි බවයි... ඔබ කාවද රවටන්න යන්නේ..?
මේකටද දේශපාලන පරිණතභාවය කියන්නේ..? විහිළු කාරයෝ. මෙයා ඇමැති මුදල් ඇමැති... මේ හැමෝම එකතුවෙලා කැබිනට් තීරණ ගැන තමයි හැමදාම කතා කරන්නේ... නැතිව තනි තනියෙන් ඇමැතිවරුන්ට තීරණ ගන්න බැහැ. දැන් නින්දෙන් නැගිටලා විකාර කියවනවා. විහිළු කතා.
ළඟ හිටපු කබ්රාල්ට මොකද කරන්නේ...? එයානේ මේකට සහාය දුන්නේ...?
හරියට ගෝඨාභයගේ අමුඩේ ගම්මන්පිල කැත කළා වගේ...!!!
පොදුජන පෙරමුණෙන් නිවේදන නිකුත් කරන්නේ කුමටද? අයියලා, මල්ලිලා, තාත්තලා, පුතාලා, බාප්පලා, පුතාලා ලොකු තාත්තලානේ රටේ රජයේ තදයන්... ඒ කට්ටියම එකතු වෙලා කතාකරගත්තාම වැඩේ ඉවරයි නේද? මොන කෙහෙල්මලටද මේකට නිවේදන...
හරිනම් අනුමැතිය දුන්නු ඔක්කොම ඉල්ලා අස්විය යුතුයි. නැතිනම් වැඩිකල් නොගොස් ප්‍රතිඵල බලාගන්න පුළුවන් වෙයි.
ඇතුලේ කචල් වගේ රනිල් මහත්තයාට වාසනා පොටක් පෑදෙන්න වගේ පෙනෙනවා. මේ පිපිරීමක් අතළඟ බොහෝමයක් එළියට එන්න පුළුවන්.. නමුත් ඔය නොපිපෙන මලේ ඉන්නේ බොහෝමයක් නූගත් දූෂකයන්... ඕකයි තත්වේ..!!!
ඉතින් අඩු කරපියව් කෝ...!!! ලියුම් ගහ ගහ ඉන්නේ නැතුව.
මේක නාටකයක්. අපිට ඇමති ඉල්ලා අස්වුණත් එකයි, නැතත් එකයි. එතුමා තනියම ගත්ත තීරණයක් නෙමෙයිනේ මේක... කැබිනට් මණ්ඩලයට සාමූහික වගකීමක් තිබෙනවා. ජනතාව ගැන සැබෑවටම හිතනවා නම් මේ වෙලාවේ තෙල්මිල වැඩි කරන්නේ නැතුව ඉන්න තිබුණා. දැන්වත් අඩු කරන්න. මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. හුඟක් අසරණයි...
තවත් ගැසට් එකක් කැන්සල් කරන්නයි යන්නේ... මෝඩ චූන් ... සිරිසේන හිටියා නම් කියලා හිතනවා.
එදා ඉඳලා ඔය කරන දේවල් වලට කට්ටිය අස්වුණානම් අද අපිත් පාර්ලිමේන්තු ගිහිල්ලා. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ... !!!
පොහොට්ටුවේ ජරා යක්කු එක්ක ආණ්ඩු කරන්න බෑ. ආණ්ඩුව ඇතුලේ සමගියක් නැතුව කොහොමද වැඩකරන්නේ? අපි මේ අයට ඡන්දෙ දුන්නේ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න. නැතුව මේ වගේ විගඩම් බලන්න නොවේ. අපි නම් ආපහු ජරා පොහොට්ටුවට ඡන්දෙ දෙන්නේ නෑ.
බාල්දිය කාට පෙරලෙයිද කියා ඉඟියක් දක්වන අද අන්තර්ජාලයේ පළවූ ප්‍රවෘත්තියකින් උපුටාගැනීමක් "බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ සිංගප්පූරු බැංකු ගිණුමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙ රටට මේ වනවිට ඛනිජ තෙල් ආනයනය කරන්නේ සිංගප්පූරු සමාගමක් හරහා වන අතර ඇමරිකානු ඩොලර් මිලියන ගණනාවක මෙම ගනුදෙනු සඳහා යම් කොමිස් මුදලක් සිංගප්පූරුවේ බැංකු ගිණුමකට බැරවන බවටත් මෙරට ඉන්ධන මිල වැඩිකිරීම ද එම සමාගමේ වුවමනාව අනුව සිදුව ඇති බවටත් තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. මෙම සිංගප්පූරු සමාගම පසුගිය යහපාලන රජය සමයේ ද මෙරටට ඉන්ධන සැපයුම් කළ ප්‍රධානතම සමාගම් අතරින් එකක් වන අතර ඛනිජ තෙල් නිෂ්පාදනය කරන මැද පෙරදිග රටවල් වලින් සෘජුවම එම නිෂ්පාදන මිලදී නොගෙන සිංගප්පූරු සමාගමක් හරහා මෙය සිදුකරන්නේ ඇයිද යන ප්‍රශ්නය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයක් අතර කතාබහට ලක්ව ඇති බවත් සඳහන්."
මෙහෙම වාර්තාවකුත් පලවෙලා තියෙනවා දැක්කා. "ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කළ කැබිනට් අනු කමිටුව මෙසේය: අගමැති මහින්ද රාජපක්ෂ (සභාපති), අමාත්‍ය බන්ධුල ගුණවර්ධන, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්. ඉන්ධන මිල වැඩිකිරීම සඳහා අවසන් තීරණය ගත් ජුනි 09 රැස්වූ කමිටු රැස්වීමට අමතරව සහභාගී වූ පිරිස : අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අමාත්‍ය නාමල් රාජපක්ෂ, අමාත්‍ය උදය ගම්මන්පිල. ඒ අනුව පොහොට්ටු ලේකම් ඉල්ලා අස්විය යුතු යයි කියන්නේ නම් එය සැබෑ ලෙස කිව යුත්තේ කමිටු සභාපති අගමැති මහින්ද රාජපක්ෂටය."
සාටක නාටක...