IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


තෙල් මිල වැඩි කළාට විෂය බාර ඇමැති ඉල්ලා අස්විය යුතුයි

ඩයනා උදයංගනී

ඉන්ධන මිල ඉහළ දමා ජනතාව අපහසුතාවට පත් කිරීමේ වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කොරෝනා උවදුර හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින ජනතාව මෙමගින් තව දුරටත් පීඩාවට පත්කිරීම අනුමත නොකරන බව එම පක්ෂ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වේ. එම නිවේදනය මෙසේය.

 



අදහස් (76)

තෙල් මිල වැඩි කළාට විෂය බාර ඇමැති ඉල්ලා අස්විය යුතුයි

Indrajith Saturday, 12 June 2021 08:36 PM

නාට්‍ය.. නාට්‍යම තමයි...

:       0       14

Raveendra Saturday, 12 June 2021 08:44 PM

මම හිතන්නේ මේක මේ අලුත් අවුරුදු උත්සවයක හොඳම විහිළුව තෝරන එකට යවන්න හදපු ලියුමක් වැරදිලා මාධ්‍යයට දීලා වෙන්න ඕනෑ.. ජනාධිපති අගමැතිගේ පොහොට්ටුව කියලයි අපි නම් දැනගෙන උන්නේ. දැන් බලාගෙන යනකොට ගම්මන්පිල ඇමැතිතුමා ඒ දෙන්නාටම වැඩිය බලවත් කෙනෙක් වගේනේ...

:       0       6

සුධීර Saturday, 12 June 2021 08:52 PM

සාගරත් පිස්සු වැඩ කරනවා. ජනපති දැනුවත්ව උදය කරපු වැඩක් ඕක... ඔක්කොම රඟපෑම්...!!!

:       0       6

saali Saturday, 12 June 2021 08:52 PM

මෙයාට විතරයි වැඩ බැරි... අනිත් ඔක්කොම සුපිරියි.

:       0       3

අකමැති Saturday, 12 June 2021 08:55 PM

තවත් ජවනිකාවක් පමණි...!

:       0       5

භූෂණ කල්හාර Saturday, 12 June 2021 08:57 PM

මේ දවස්වල විකාශනය වන නාට්‍ය මාලවේ නිෂ්පාදක කණ්ඩායමේ ප්‍රතිරූපයට වන හානිය අවම කරන කොටසක් වෙන්න පුළුවන් සම්භාවිතාව ඉතාම ඉහළයි. හැබැයි ගම්මන්පිල කියන නලුවා දේශපාලන අනාථයෙක් කියලා මේකෙන් ඔප්පු වෙනවා. පල නොකියා පළා බෙදලා බැරිම තැන මෙහෙම කරලා කියලා තමයි හිතෙන්නේ. තව ඉතිරි විමල් සහ ගෙවිඳු කියන සර්කස්කරුවන් විතරයි.

:       0       51

saman Saturday, 12 June 2021 09:07 PM

ඉන්ධන මිල 15% ප්‍රතිශතයකින් වගේ වැඩි වෙලා තියෙනවා ..අනිත් භාණ්ඩ වල මිලත් වාර්ෂිකව 15% ක් වගේ වැඩි වෙනවා.. නමුත් පුද්ගලික අංශයේ වැඩ කරන අපේ වැටුප් වාර්ෂිකව වැඩිවෙන්නේ 8% කින් වගේ.. ඉතින් වැටුප් වැඩිවීමට වඩා වැඩි ප්‍රතිශතයකින් බඩු මිල වැඩි වෙනකොට එය අපිට දරන්න අමාරුයි. රුපියල් 80 000 කට වැඩියෙන් වැටුප් ගන්න අයට නම් මේ තත්වය අමාරු නැහැ..රුපියල් 70 000 කට වඩා අඩු වැටුප් ගන්න අයට නම් විශාල අභියෝගයක්.. මේ පිළිබඳව අධ්‍යනය කර රුපියල් 70 000 ට වඩා අඩු වැටුප් ලබන පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි ප්‍රතිශතයකින් වැඩි කිරීමට පුද්ගලික අංශයට බලපෑමක් ඇතිකරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා..

:       1       13

uk Saturday, 12 June 2021 09:07 PM

මෙයාට නම් විකාර... පාර්ලිමේන්තුවේ නෙවෙයි ඉන්න ඕනේ... පිස්සන් කොටුවේ..

:       0       28

siri Saturday, 12 June 2021 09:27 PM

මේවට අපි කොයි පැත්තෙන්ද හිනාවෙන්නට ඕනෑ කියලා ඔය නිවේදනයේම සඳහන් කළා නම් තමයි මරු...!!!

:       0       31

bandara Saturday, 12 June 2021 09:32 PM

මේක මහජන විරෝධය සමනය කිරීම සඳහා හදපු ලිපියක්. මුදල් නියෝජ්‍ය ඇමතිතුමා තෙල් මිල වැඩි කිරීමට හේතු දැක්වූවා. ඒ කියන්නේ මේක මහින්ද මහතාගේ අනුදැනුම ඇතිව කරපු දෙයක්... මේකට පොහොට්ටු පක්ෂය විරුද්දයි කියලා පෙන්වන්න ගහපු ලිපියක් මේක... අපේ බුරුවො 69 ලක්ෂය මේ ලණුවත් කයි.

:       0       24

pradeep Saturday, 12 June 2021 09:46 PM

නාට්‍ය රඟපාන එක නවත්වන්න... අපිට දැන් ඇතිවෙලා.

:       0       9

gunarathna Saturday, 12 June 2021 09:47 PM

මේ පුද්ගලයාට සාමූහික වගකීම කියන එක අදාළ නැද්ද? මට පේන විදිහට ආණ්ඩුවේ සාමුහිකත්වය කඩලා බිඳලා දාන්න ආපු කෙනෙක් වගේ..!!!

:       1       4

Nihal Saturday, 12 June 2021 09:47 PM

බ්ලැක්ලිස්ට් වෙයි. බලාගෙන..

:       0       7

siri Saturday, 12 June 2021 09:48 PM

යහපාලනය කාලේ තෙල්මිල වැඩීයි කියලා බක්කි කරත්තවලින් සහ බයිසිකල් කටුවලින් පාර්ලිමේන්තු ගිය වීර වරයින්ට ඒ වැඩේ ආයෙත් සැරයක් කරන්න ඔන්න හොඳම අවස්ථාවක් ඇවිත්... දැන් ඉතින් තෙල් මිල විතරක් නොවේ අනිත් හැමදෙයක්ම ගිනි ගණන්නේ... හැබැයි පටන්ගන්න වෙලාවයි තැනයි මාධ්‍යයට කියලා පටන්ගත්තොත් තමයි වඩාත් ප්‍රයෝජනවත්...

:       0       34

Rata Perata Saturday, 12 June 2021 09:49 PM

මෙන්න මේ අය තෙල් මිල වැඩිකරපු එක ජනතාවට අමතක කරන්න සංදර්ශනයක් දැන්මම පටන් අරගෙන. මේ එක එක පෙරමුණු වලින් කියනකම් ඉන්න එපා, ගමට ආවම අල්ලගන්න.

:       0       33

Viki Saturday, 12 June 2021 09:57 PM

ජනතා විරෝධයෙන් ගැලවෙන්න කරන තවත් පහත් වැඩක්..!! 

:       0       4

Mahesh Saturday, 12 June 2021 09:58 PM

එතකොට "සර්" බබාද?

:       0       6

Almeida Saturday, 12 June 2021 10:13 PM

ඒකත් නාමල්ට දෙන්නද කියන්නේ? මේ කරලා තියෙන අපරාධවලට නැවත නම් රාජපක්ෂ පරම්පරාවේ කාටවත් අපි ඡන්දෙ දෙන්නේ නැහැ.

:       0       45

K.jayaram Saturday, 12 June 2021 10:21 PM

නාට්‍ය රඟදැක්වීමක් නොකර, වැඩි කල මිල ගණන් නැවත අඩු ජනතාවට ප්‍රමාණවත් වේ..

:       0       5

Kandy Sanath Saturday, 12 June 2021 10:21 PM

මේ අය හිතන් ඉන්නේ මේ රටේ මිනිස්සු ඔක්කොම බත් කන හරක් කියලා. ඔවුන්ම වැඩි කරලා ඔවුන්ම බැනගන්නවා. කවුද අප්පා මේ අමන නරිනාටක වල පිටපත් ලියන්නේ...?

:       0       104

මැක්ස් Saturday, 12 June 2021 10:25 PM

මේ වගේ මරි මෝඩ නිවේදන හරහා මිනිස්සුන්ගේ නාහෙට ලණු දාන එක හරියන්නේ නෑ ලේකම්තුමා.... අපි බබාලා නෙවෙයි. ඇමැතිගේ පිටට වැරැද්ද දාලා ඔහේලට බේරෙන්න බෑ...

:       0       5

Praba Saturday, 12 June 2021 10:30 PM

උගුර යටින් කෑ ගහලා ඡන්දෙ දිනලා දුන්නේ මං මෙන්න බොල මේ ඈයොට මං එපාලු දැන්..

:       0       2

Wijitha Deraniyagala Saturday, 12 June 2021 10:36 PM

පහත් සංදර්ශන... ඔක්කොම එකතු වෙලා කරලා. ඕවට කියන්නෙ ෂෝ කියලා. අහන්න ඕන අර අජිත් නිවාඩ්ගෙන් තමයි..

:       0       7

Nandana රාජපක්ෂ Saturday, 12 June 2021 10:41 PM

මිනිස්සු මෝඩයි කියා ඔබ සිතනවද?

:       0       12

sampath Saturday, 12 June 2021 10:56 PM

කොරෝනයි, තෙල් මිලයි අතරේ සම්බන්ධය කුමක්ද? දැන් මේ පල නොකියා පලා බෙදීමක් කරන්නේ පහුගිය කාලේ තෙල් නැවි ගිනි ගත්තා... අස්වෙන්න කිව්වේ නෑ. කොරෝනා ව්‍යාප්ත වුණා.. අස්වෙන්න කිව්වේ නෑ. කවුරු හිටියත් අස් වුණත් ජනතාවට කිසිම වෙනසක් නෑ..

:       2       36

Nilanjala Saturday, 12 June 2021 10:57 PM

සුපිරි නාටකයක්...!!!

:       0       38

shalika maduranga Saturday, 12 June 2021 11:09 PM

හරියට අපි වැඩි කරා වගේ...!!!

:       0       19

pradeepa Saturday, 12 June 2021 11:12 PM

ගයන ගැයුම්, නටන රැඟුම්... රාජපක්ෂලා දන්නේම නැද්ද තෙල් මිල වැඩිවෙනවා කියලා. ඇඟේ වහලා ඉන්න මැක්කා දන්නවා හාම්පුතා දන්නේ නැහැ. මෙයාලා බබාලානේ..!!!

:       0       55

Rohana Saturday, 12 June 2021 11:13 PM

මට සත්‍ය සිදුවීමක් මතක්වුණා. එක්තරා මිනීමරුවකු මරණකරුගේ ගෙදරටම ගොස් තමන් මිනීමරුවකු නොවන බව පෙන්වීමට අවමංගල කටයුතු සංවිධානය කරමින් අවසානයේ මරණකරු පිළිබඳ ගුණකථනයකුත් කළාලු. සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ ලිපියත් ඒ වගේමයි.

:       0       66

K Perera Saturday, 12 June 2021 11:22 PM

විෂය බාර ඇමැතිවරයාට පිට කොන්දක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්..!!! ලංකාවේ එහෙම වුණත් ඇමෙරිකාවේ එහෙම වෙන්නේ නැහැනේ...!!!

:       0       5

Kumara Saturday, 12 June 2021 11:30 PM

එතකොට දැන් මේ රටේ තියෙන්නේ වෙන මොකක් හරි පක්ෂයක ආණ්ඩුවක්ද? ඉන්ධන මිල වැඩිකිරීමට ‌හේතුව දැනට ඉන්ධන ලීටරයක් මත රජයට අයකර ගන්නා බද්දට අමතරව බදු මුදලක් එකතු කිරීමයි. බදු පැනවීමට අදාල විෂය භාර ඇමතිවරයා යනු අගමැති සහ මුදල් ඇමති වන මහින්ද රාජපක්ෂ මහතායි. ඒ අනුව ඉල්ලා අස්විය යුත්තේ එතුමා නොවේද?

:       0       72

sanka Saturday, 12 June 2021 11:31 PM

69 සෙට් එක මේ තරම් අඬවන්න එපා.. බත් කෑවාට ඒ අයත් පවු...!!!

:       0       60

සිල්වා Saturday, 12 June 2021 11:47 PM

ඇමැති ඉල්ලා අස්වුණාම ඉන්ධන මිල අඩු වෙනවද? නැතිනම මිල අඩුකරනවද?

:       0       48

ගැමුණු Saturday, 12 June 2021 11:48 PM

ගම්මන්පිල මහතා 2020-11-20 දින පාරලිමේන්තුවේදී කියා තියෙනවා මේ රජයේ ප්‍රතිපත්තිය ඉන්ධනවලට ස්ථාවර මිලක් පවත්වා ගෙන යාම බව. ඒ අනුව මෙය රජය අපහසුතාවයට පත්කිරීමක් බව පැහැදිළියි.

:       20       118

Njay Sunday, 13 June 2021 01:01 AM

මිනිස්සුන්ගේ අවදානය වෙනතකට ගෙනියන්න දේශපාලකයින් කරන මෝඩ වැඩ තමයි. මහජනතාවත් සමග විහිළු කරන්න එපා.

:       0       114

විජිත් Sunday, 13 June 2021 01:41 AM

ගම්මන්පිල කියන ඕස්ට්‍රේලියාවේ පොලිසියට අවශ්‍ය වරෙන්තුකාරයා පමණක් නොව, ඔබත් ඇතුළු සියලුම මෝඩ, දූෂිත, නූගත්, අමන, අසික්කිත හොර පොහොට්ටුවෝ සියලු දෙනාම වහාම තම නොහැකියාව පිළිගෙන, ජනතාවගෙන් සමාව ඉල්ලා (සමාව ඉල්ලුවත් නැතත් වෙන ආණ්ඩුවක් යටතේ කට්ටියම කූඩුවලට යනවා..) වහාම ඉල්ලා අස්වී (ජනාධිපතිත් ඇතුළුව) නැවත ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි. එසේ නොකලොත්... එදාට මිනිසුන් නීතිය අතට ගනීවි. දුශ්ශීල ජූජක බමුණන් සැඟවීමට තැන් සොයනු ඇත. පොහොට්ටුවන් මිනිසුන් අතින් සම්බෝල වී යනු ඇත.

:       38       221

Prabha Sunday, 13 June 2021 03:42 AM

එතකොට මේක කැබිනට් තීරණයක් නොවේද?

:       0       31

pahtiranaSunday, 13 June 2021 01:29 PM

කියලා වැඩක් නැහැ. මේ මිනිස්සුන්ට විකාරද? එහෙමත් නැතිනම් හැටිද?

:       0       50

නිමල් Sunday, 13 June 2021 04:39 AM

මේ වගේ කතාවලට මොකක් කියන්නද මන්දා?

:       0       37

ප්‍රනීත් Sunday, 13 June 2021 05:03 AM

කොමඩි ගැටුම පටන් අරන්... ජනතාවට ඉන්ධන මිල වැඩිකරපු එක අමතක කරවන්න.

:       0       52

sam Sunday, 13 June 2021 05:23 AM

ජනතාව විපතට වැටිලා ඉන්න වෙලාවේ විහිළු කියන්නේ නැතිව එහෙනම් විෂය බාර ඇමැති ඉවත් කරන්නකෝ..!!! 

:       0       75

senaSunday, 13 June 2021 12:16 PM

ඇමැතිවරයා අයින් කරන්න ඕනෑ නැහැ.... තෙල් මිල පරණ ගානට ගෙනාපුවාම ඉවරයිනේ...

:       1       19

යෝගා Sunday, 13 June 2021 05:38 AM

ඊළඟට පත්කරන ඇමැති තෙල්මිල අඩු කරනවද? නිකන් ජනතාවට මෝඩචූන් දෙන්න එපා..

:       0       40

සංජීව Sunday, 13 June 2021 06:19 AM

ජෝක් නම් ජෝක්... මේවානේ ජෝක්... කොරෝනා නුඹ මේ රටට හොඳ වැඩියි මහත්තයෝ..!!! 

:       0       61

Gayan Kulatunga Sunday, 13 June 2021 06:36 AM

මේ තීරණය ඉතා නිවැරදියි. මේ ඇමැති ඉල්ලා අස්විය යුතුයි. අමාත්‍යාංශයේ බොහෝ දේ කරන්න තියෙද්දී පිස්සු කෙලින ඇමතියෙක්.... මෙයාගේ වැඩවලින් ජනාධිපතිගේ සහ අගමැතිගේ නම කැතවෙනවා...

:       473       435

Koka Sunday, 13 June 2021 06:39 AM

එතකොට ඉන්ධන මිල වැඩිකිරීමට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලය අස්වෙන්න ඕනෑ නැද්ද?

:       0       128

වතුර Sunday, 13 June 2021 06:40 AM

දැන් එතකොට ආණ්ඩුවෙ කිසි කෙනෙක් මිල වැඩි කරනකම්ම දන්නේ නෑ.... අහෝ ඛේදයකි. සුපිරි නාටකයකි.

:       0       70

සඳුන් Sunday, 13 June 2021 06:45 AM

මේවාට තමයි අර මොකක්ද ෂෝ කියන්නේ... කොරෝනා අස්සෝ හොර කැබිනට් පේපර් එකක් දාලා සුඛෝපභෝගී ජීප් ඕඩර් කරාට ආණ්ඩුවම ගෙදර යා යුතුයි.

:       1       237

kumara Sunday, 13 June 2021 07:09 AM

අනේ බොරු මාධ්‍ය සංදර්ශන නැතිව එහෙනම් වැඩිකරපුවා ඉඳලා මිල අඩුකරන්නකෝ...!!!

:       0       142

Dewa Sunday, 13 June 2021 08:11 AM

මේවා ඔක්කොම මාධ්‍ය සංදර්ශන විතරයි. ඡන්දය ගත්තාට පස්සේ මෙයාලා ඔක්කොම ඇපේට... කොකා පෙන්වනවා විතරයි..!!! 

:       0       136

Rohana Sunday, 13 June 2021 08:55 AM

සාගර කියන්නේ මොකුත්ම දන්නැති තොත්ත බබා. සූප්පුවක් ගෙනත් දෙන්නද?

:       0       164

Shirley suraweera Sunday, 13 June 2021 09:03 AM

එතකොට කබ්රාල්ට අමු කැවිලාද?

:       0       86

gunda Sunday, 13 June 2021 09:11 AM

අසීරු අවස්ථාවක් ඇතිකළේ ගම්මන්පිළ විතරයිද? ඉල්ලා අස්විය යුත්තෝ කවරහුද?

:       0       72

දිසා.....ගම්පහ Sunday, 13 June 2021 09:11 AM

සහල් කිලෝවේ මිලෙහි සිට දැරිය නොහැකිව, රටේ ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ගෙන ඇත්තේ විෂය බාර අමාත්‍යවරයාගේ තනි අභිමතයටද? රටේ ජනතාව මේ ගැන බලන්නේ ඉන්නේ හොඳ අවබෝධයක් ඇතිවයි...

:       0       191

janahitha Sunday, 13 June 2021 09:18 AM

කැබිනට් ඇමැතිවරු ඔක්කොම එකතුවෙලා රජය අනවශ්‍ය වියදම් පාලනය නොකර වියදම් පියවා ගන්න තෙල්මිල වැඩිකරලා විෂ බාර ඇමැති කෙනෙක් ගැන කියනවා... රට පාලනය කරන්නේ කවුද?

:       0       59

RANJITH WIJESINGHE Sunday, 13 June 2021 09:19 AM

මේ බොරුවට මිනිස්සු රවට්ටන්න එපා හොඳේ... හරි නම් ආණ්ඩුවේ හැමෝම ගෙදර යන්න ඕනේ මේ කරන නොහොඹිනා දෙවල් වලට..

:       0       136

Dhammika Sunday, 13 June 2021 09:21 AM

මෙන්න දැන් පෙන්නනවා පොහොට්ටුවේ තෙල් නාට්ටිය...

:       0       166

nimalka Sunday, 13 June 2021 09:37 AM

ඉල්ලා අස් නොවුවහොත් විශ්වාස භංගයක් ගෙනඒමට පියවර ගන්නවාද?

:       0       147

වාසුදේව Sunday, 13 June 2021 10:06 AM

ආණ්ඩුවක් පිස්සු කෙළලා, කෙළලා, මිනිස්සුන්ගේ පිටේ නොසෑහෙන්න බර පටවලා, ප්‍රාඩෝ ගන්න මුදල් නාස්ති කරලා, ගිනිගන්න නැව වරායට ගෙන්නලා පාරිසරිකව බිහිසුණු විනාශයක් කරලා, වසංගත අනාගෙන ජීවිත වසංගතයට බිලිකරලා, හත්පොළේ ගාගෙන, රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයත් බල්ලටම දාලා, අන්තිමට ඉන්ධන මිල අසීමිතව ඉහළ දාලා මිනිස්සුන්ට යනඑන මන් නැහැ. මෙහෙම ආණ්ඩුවක් ලෝකෙම නැහැ.

:       0       289

dayarathan Sunday, 13 June 2021 10:19 AM

ඔක්කොම බබ්බු... මේ අය මිනිස්සුන්ව අපායට ඇදලා දාන්න හදන්නේ. මේවා කරන්න කළින් එක බබෙක්වත් දන්නේ නැද්ද?

:       0       105

GG Sunday, 13 June 2021 10:23 AM

ඔබ කියන්නේ මුදල් ඇමති ඇත්තටම මිල වැඩි කිරීම ගැන නොදැන සිටි බවයි... ඔබ කාවද රවටන්න යන්නේ..?

:       0       113

wicky Sunday, 13 June 2021 10:38 AM

මේකටද දේශපාලන පරිණතභාවය කියන්නේ..? විහිළු කාරයෝ. මෙයා ඇමැති මුදල් ඇමැති... මේ හැමෝම එකතුවෙලා කැබිනට් තීරණ ගැන තමයි හැමදාම කතා කරන්නේ... නැතිව තනි තනියෙන් ඇමැතිවරුන්ට තීරණ ගන්න බැහැ. දැන් නින්දෙන් නැගිටලා විකාර කියවනවා. විහිළු කතා.

:       0       95

සෙනෙවිරත්න Sunday, 13 June 2021 10:55 AM

ළඟ හිටපු කබ්රාල්ට මොකද කරන්නේ...? එයානේ මේකට සහාය දුන්නේ...?

:       0       148

සෙනෙවිරත්න Sunday, 13 June 2021 10:56 AM

හරියට ගෝඨාභයගේ අමුඩේ ගම්මන්පිල කැත කළා වගේ...!!!

:       0       215

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 13 June 2021 11:22 AM

පොදුජන පෙරමුණෙන් නිවේදන නිකුත් කරන්නේ කුමටද? අයියලා, මල්ලිලා, තාත්තලා, පුතාලා, බාප්පලා, පුතාලා ලොකු තාත්තලානේ රටේ රජයේ තදයන්... ඒ කට්ටියම එකතු වෙලා කතාකරගත්තාම වැඩේ ඉවරයි නේද? මොන කෙහෙල්මලටද මේකට නිවේදන...

:       0       67

janabala asamagi Sunday, 13 June 2021 12:00 PM

කෙළින්ම කියමුකෝ ආණ්ඩුව රැකගන්න මන්ත්‍රීලාට ඩොලර් මිලියන ගණනක සැප වාහන දෙන්න තීරණය කරලා, ඒක පියවා ගන්න ඉන්ධන මිල පාලනය කළා. රනිල් මහත්තයා කළෙත් ඔය ටිකමයි. අන්තිම අමාරු වෙලාවෙත් කෝටි ගානක වාහන ගෙන්නලා බෙදාදුන්නා. මේවා නොකරන නායකයෙක් හොයාගන්න එක ජනතාවගේ වැඩක්...

:       0       42

Asanga Sunday, 13 June 2021 12:00 PM

හරිනම් අනුමැතිය දුන්නු ඔක්කොම ඉල්ලා අස්විය යුතුයි. නැතිනම් වැඩිකල් නොගොස් ප්‍රතිඵල බලාගන්න පුළුවන් වෙයි.

:       0       84

matara Baiyya ajimu Sunday, 13 June 2021 12:05 PM

ඇතුලේ කචල් වගේ රනිල් මහත්තයාට වාසනා පොටක් පෑදෙන්න වගේ පෙනෙනවා. මේ පිපිරීමක් අතළඟ බොහෝමයක් එළියට එන්න පුළුවන්.. නමුත් ඔය නොපිපෙන මලේ ඉන්නේ බොහෝමයක් නූගත් දූෂකයන්... ඕකයි තත්වේ..!!!

:       0       56

nimalka Sunday, 13 June 2021 12:32 PM

ඉතින් අඩු කරපියව් කෝ...!!! ලියුම් ගහ ගහ ඉන්නේ නැතුව.

:       0       143

සාමාන්‍ය පුරවැසියා Sunday, 13 June 2021 12:39 PM

මේක නාටකයක්. අපිට ඇමති ඉල්ලා අස්වුණත් එකයි, නැතත් එකයි. එතුමා තනියම ගත්ත තීරණයක් නෙමෙයිනේ මේක... කැබිනට් මණ්ඩලයට සාමූහික වගකීමක් තිබෙනවා. ජනතාව ගැන සැබෑවටම හිතනවා නම් මේ වෙලාවේ තෙල්මිල වැඩි කරන්නේ නැතුව ඉන්න තිබුණා. දැන්වත් අඩු කරන්න. මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. හුඟක් අසරණයි...

:       0       28

fairoos Sunday, 13 June 2021 12:45 PM

තවත් ගැසට් එකක් කැන්සල් කරන්නයි යන්නේ... මෝඩ චූන් ... සිරිසේන හිටියා නම් කියලා හිතනවා.

:       0       26

Sri Lanka Sunday, 13 June 2021 01:20 PM

එදා ඉඳලා ඔය කරන දේවල් වලට කට්ටිය අස්වුණානම් අද අපිත් පාර්ලිමේන්තු ගිහිල්ලා. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ... !!! 

:       0       12

KP Sunday, 13 June 2021 01:34 PM

පොහොට්ටුවේ ජරා යක්කු එක්ක ආණ්ඩු කරන්න බෑ. ආණ්ඩුව ඇතුලේ සමගියක් නැතුව කොහොමද වැඩකරන්නේ? අපි මේ අයට ඡන්දෙ දුන්නේ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න. නැතුව මේ වගේ විගඩම් බලන්න නොවේ. අපි නම් ආපහු ජරා පොහොට්ටුවට ඡන්දෙ දෙන්නේ නෑ.

:       0       97

siri Sunday, 13 June 2021 02:29 PM

බාල්දිය කාට පෙරලෙයිද කියා ඉඟියක් දක්වන අද අන්තර්ජාලයේ පළවූ ප්‍රවෘත්තියකින් උපුටාගැනීමක් "බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ සිංගප්පූරු බැංකු ගිණුමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙ රටට මේ වනවිට ඛනිජ තෙල් ආනයනය කරන්නේ සිංගප්පූරු සමාගමක් හරහා වන අතර ඇමරිකානු ඩොලර් මිලියන ගණනාවක මෙම ගනුදෙනු සඳහා යම් කොමිස් මුදලක් සිංගප්පූරුවේ බැංකු ගිණුමකට බැරවන බවටත් මෙරට ඉන්ධන මිල වැඩිකිරීම ද එම සමාගමේ වුවමනාව අනුව සිදුව ඇති බවටත් තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. මෙම සිංගප්පූරු සමාගම පසුගිය යහපාලන රජය සමයේ ද මෙරටට ඉන්ධන සැපයුම් කළ ප්‍රධානතම සමාගම් අතරින් එකක් වන අතර ඛනිජ තෙල් නිෂ්පාදනය කරන මැද පෙරදිග රටවල් වලින් සෘජුවම එම නිෂ්පාදන මිලදී නොගෙන සිංගප්පූරු සමාගමක් හරහා මෙය සිදුකරන්නේ ඇයිද යන ප්‍රශ්නය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයක් අතර කතාබහට ලක්ව ඇති බවත් සඳහන්."

:       0       70

siri Sunday, 13 June 2021 02:35 PM

මෙහෙම වාර්තාවකුත් පලවෙලා තියෙනවා දැක්කා. "ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කළ කැබිනට් අනු කමිටුව මෙසේය: අගමැති මහින්ද රාජපක්ෂ (සභාපති), අමාත්‍ය බන්ධුල ගුණවර්ධන, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්. ඉන්ධන මිල වැඩිකිරීම සඳහා අවසන් තීරණය ගත් ජුනි 09 රැස්වූ කමිටු රැස්වීමට අමතරව සහභාගී වූ පිරිස : අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අමාත්‍ය නාමල් රාජපක්ෂ, අමාත්‍ය උදය ගම්මන්පිල. ඒ අනුව පොහොට්ටු ලේකම් ඉල්ලා අස්විය යුතු යයි කියන්නේ නම් එය සැබෑ ලෙස කිව යුත්තේ කමිටු සභාපති අගමැති මහින්ද රාජපක්ෂටය."

:       0       96

duminda Monday, 14 June 2021 03:56 PM

සාටක නාටක...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 609 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 270 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 723 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 737 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 291 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 474 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site