(ෂේන් සෙනෙවිරත්න)
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු ලබන දේවාලයක කපුවෙකු සහ ඔහුගේ බෑනා විසින් භාවිතා කළ බවට අනාවරණය වීමෙන් පසු එම දේවාලයේ කපුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
එම සුඛෝපභෝගී ජීප් රථය තෙල්දෙණිය පොලිස් වසමේ දිගන අයි.සී.සී. නිවාස සංකීර්ණයේ පාළු නිවසක ව්‍යාජ අංක තහඩු සවිකර ගරාජයක් තුළ සඟවා තිබියදී තෙල්දෙණිය කොට්ඨාස අපරාධ කාර්යාංශයට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන තිබිිිණි.
ඒ පිළිබඳ සිදු කළ පොලිස් ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් පවසා තිබුණේ එම ජීප් රථය මීට දින කීපයකට උඩදී වෙඩි තබාගෙන මියගිය ලොහාන් රත්වත්තේ ගේ ලේකම්වරයා විසින් එම නිවසට දමා ගොස් තිබූ බවයි .
COMMENTS
කුණු ඔක්කෝම දැන් පටවන්නේ මියගිය ලේකම්ට. ඇත්ත දැනගන්න එයා ළඟටම යවන්න.
හොරු අල්ලනවා කියලා ජනතාවට පෙන්නන්න ගිහිල්ලා හත්පොලේ ගාගන්නවා...
ගාල්තැන්නේ කපුවා හොරා.
ශ්‍රී ලංකාව ගෝත්‍රික ලක්ෂණ ඇති පසුගාමී රටක් තත්ත්වයේම තියාගන්න. මේ කපුමහත්වරුන්ගේ සේවය ඉමහත් ලෙස වැදගත්.
ඔය තක්කඩී ගාල්තැන්නෙ කපුවාගේ දූෂිත ගනුදෙනු සියල්ල සොයාබැලිය යුතුයි. ජනතාවගෙන් ඉතාමත් අසාධාරණ ලෙස මුදල් මංකොල්ල කන අති දූෂිත කලු සල්ලි සුදු කරන මිනිහෙක්...
ඔන්න කපුවන්ගේ තරම. මේ වගේ ව්‍යාජ දේවාලවලට අරක්ගෙන ඉන්නේ මල පෙරේතයින්, කුම්බාන්ඩයින්.මොලේ නැති හරකුන් ගාවට ගිහින් දහස් ගණනින් සල්ලි දෙන්නේ. ඒවාගෙන් කරන දේවල් පේනවනේ. මේ දේවාලවලට මීහරක්ට මොලේ නෑ. ලන්කාවේ හරියට මේ වගේ තැන් තියනවා වගේම මිනිස්සු පෝලිමේ ඒවාට යන්නේ. මේ වගේ අන්ධ විශ්වාස බුදුන් වහන්සේ අනුමත කරලත් නැහැ. දෙවියන් ඔය කියන දේවාලවල නෑ.
ඔය කපුවාගේ ජාවාරම් ගැන කවුරුත් දන්නවා... නිහඬව හිටියා එහෙමනේ...
ඔය හොර කපුවට දෙයියෝ කිව්වේ නැද්ද දන්නේ නෑ මෙය හොර වාහනයක් කියලා... මොවුන් ඔක්කෝම බොරු කාරයෝ... අපේ අහිංසක මිනිසුන් අතේ තියන තුට්ටු දෙකත් නැති කරගෙන තමන්ගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න මේ හොරු ළඟට තමයි යන්නේ...
ඔය සියදිවි නසාගෙන මරුණා කියන ලේකම්ගේ මරණයත් මිනී මැරුමක් වෙන්න පුළුවන්... මේ ගැන හොයලා බලන්න.