
(මදුශානි අබේසිංහ)
පොළොන්නරුව දීපඋයන ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ත්‍රීරෝද රථයක් ගැටී අද (08) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, තිදෙනකු බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ, ත්‍රීරෝද රථයේ රියැදුරු වන සෝමපුර, සිරිමංගලපුර, පදිංචි සිටි 70 වියති, එච්.එම්. කරුණාරත්න යන අය වන අතර තුවාල ලැබූ තවත් තිදෙනෙක් රෝහලේ ප්‍රතිකාර ලබන බව පරීක්‍ෂණ සිදුකරන පොළොන්නරුව රෝහල් පොලිසිය පවසයි.
මෙම අනතුර අද (08) උදෑසන හයයි තිහට පමණ සිදුව ඇති බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන පොළොන්නරුව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.