
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
"සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සි හැමදාමත් මම හිතින් විඳවනවා, දුක දරාගන්න අමාරුයි, ගොඩක් දුර්වලයි මගේ හිත,අනේ මට සමාවෙන්න
මගේ මරණයට හේතුව විසාදය, කිසිම සතුටක් මට දැනෙන්නේ නෑ " යනුවෙන් ලිපියක් ලියු " යු ටියුබ්" නාලිකාවක හිමිකරුවකු ගේ මළ සිරුර කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක උද්‍යාන භූමියක තිබී හමු වු බව කොටුව පොලිසිය කියයි.
මෙලෙස සැක කටයුතු ලෙස මියගොස් ඇත්තේ මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචිව සිටි අසන්න ධනංජය බණ්ඩාර නැමති 29 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා ඊයේ (30) හෝටලයට පැමිණ අද (31) වන මහලේ 16 වෙනි කාමරයේ නවාතැන් ගෙන සිට ඇතැයි ද පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත.
එම හෝටලයේ හතරවෙනි මහලේ උද්‍යාන භූමියේ භූමිය අසල නාඳුනන පුද්ගලයකු මිය ගොස් ඇති බවට පිළියන්දල මඩපාත පොල්හේන ප්‍රදේශයේ පදිංචි ආයතනයේ සේවකයකු කරන ලද පැමිණිල්ලකට අනුව මළ සිරුර සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනමාද්‍ය කලාව දැන් වෙනස්. මේක sub කරපු කෙනත් ලියපු කෙනත් වැරදියි.. මරණයට හේතුව මෙහෙම පල කිරීම කිසිම දියුණු රටක කරන්නෙ නැ. නීති විරෝදීයි. සිය දිවි නසා ගන්නා අයට සපෝර්ට් එකක් මේ දීලා තියෙන්නෙ
විසාදිය.... මමත් ඒ තරුණයාට තිබුන ප්‍රශ්න හා සමාන ප්‍රශ්න වලින් දුක් වින්දා.. සතුට කියන එක පොඩ්ඩක්වත් දැනෙන්නේ නෑ. පාළුව, දුක නිදිමත ගතිය, මරණිය ලෙඩක් තියෙනවා කියලා හිතෙනවා.තනියම ඉන්න කැමති බව. උස් තැන් වලට අධික බිය, යම් හේතුවක් නිසා උස් තැනකට ගියොත් එතනින් පනින්න හිතෙනවා. ඒ අවස්ථාවේ හිතෙනවා මාව කව්රුහරි මෙහෙයවනවා වගේ දෙයක්...මැරෙන්නමයි හිතෙන්නේ . පස්සේ මන්ම හිතුවා මේ ලෙඩක් කියලා.. මං ගොඩක් හිටියේ අන්තර්ජාලයත් එක්ක. නිදාගත්තේ ගොඩාක් අඩුවෙන්. මේ හැම එකක්ම මන් වෙනස් කෙරුවා. මුලින් හරිම අමාරුයි... අන්තර්ජාලය පිස්සුවක් වෙලා තිබුනේ. දැන් ඒවා අඩු කෙරුවා. හොඳට නිදාගන්නවා. ඉස්සර නින්ද යන්නෙත් නෑ. දැන් ලොකු සැනසීමක් තියෙනවා..