
දේශසීමා ගැටුම් නවත්වා, කඩිනමින් සටන් විරාමයකට යෑමේ අරමුණින්, තායිලන්ත සහ කාම්බෝජ නායකයන් අතරේ, මැලේසියාවේ ක්වාලාලාම්පූර් අගනුවරදී සාකච්ඡා ආරම්භ විය.
තායිලන්තය සහ කාම්බෝජය අතරේ, සිවු දිනක් පුරා පැවැති අවි ගැටුම්වලින්, 33 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අවි ගැටුම් ආරම්භ වූයේ පසුගිය 24 වැනිදාය.
ගැටුම් උත්සන්න වෙද්දී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට මැදිහත් විය. ගැටුම් වහා නවත්වන ලෙස ට්‍රම්ප් තායිලන්තයටත්, කාම්බෝජයටත් තර්ජනය කළේය.
එසේ නොකරන්නේ නම්, තීරු බදු සම්බන්ධයෙන් වියට්නාමය සහ කාම්බෝජය සමඟ කිසිදු ගනුදෙනුවක් ඇති කර නොගන්නා බව ද ට්‍රම්ප් පැවැසීය. එසැණින්, සටන් විරාමයකට යෑමට තායිලන්තය සහ කාම්බෝජ නායකයෝ කැමැත්ත පළ කළහ.
ඒ අනුව, මැලේසියා රජයේ අනුග්‍රහය යටතේ, එරට ක්වාලාලාම්පූර් අගනුවර දී සාකච්ඡා පැවැත්විණි. සාකච්ඡා සඳහා පිටත්ව යෑමට සූදානම් වෙද්දී, කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් මනෙත් මාධ්‍ය හමුවේ පැවැසුවේ, කඩිනම් සටන් විරාමයකට කාම්බෝජය කැමැති බවය.
තායිලන්තයේ වැඩ බලන අග්‍රාමාත්‍ය පුම්තාම් වෙචායචායි ද ක්වාලාලාම්පූර් බලා පිටත් වීමට සූදානමින් වෙමින් කියා සිටියේ සටන් විරාමයකට තායිලන්තය ද සූදානම් බවත්, කාම්බා්ජය සටන් විරාමයකට එකඟවීම සතුටට කාරණාවක් බවත්ය.
තායිලන්තය සහ කාම්බෝජය අතීතයේ හැඳින්වූයේ සියම සහ ක්‍රෙමර් අධිරාජ්‍යය යනුවෙනි. මෙම රටවල් දෙකම ථේරවාද බෞද්ධ රටවල්ය. තායිලන්තය සහ කාම්බෝජය අතරේ දේශසීමා අර්බුදයක් පවතින්නේ, දෙරට අයිතිය ඉල්ලන ‘තා මෝන් තෝම්’ නමැති පුරාණ හින්දු කෝවිලක් මුල්කොට ගනිමිනි. 11 වැනි සියවසට අයත් මෙම කෝවිල සම්බන්ධ මෙම ගැටලුව, 1962 දී අන්තර්ජාතික අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර, අධිකරණය, ‘තා මෝන් තෝම්’ කෝවිල කාම්බෝජයට අයත් බවට තීන්දුවක් ලබා දුන්නේය. එම තීන්දුවෙන් පසුව ද දේශසීමා අර්බුදය සම්පූර්ණයෙන්ම සමථයකට පත් නොවිණි.
කෝවිල අවට ප්‍රදේශයේ සීමා නිර්ණය පිළිබඳව තායිලන්තය සහ කාම්බෝජය අතර මතභේද දිගින් දිගටම පැවැතිණි. නටබුන් වී ගිය ‘තා මෝන් තෝම්’ කෝවිල 2008 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කිරීමත් සමඟ අර්බුදය නැවතත් උත්සන්න විය. දෙරට හමුදා අතරේ අවි ගැටුම් පැවැතිණි. අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සිදුවුවත්, එය සම්පූර්ණයෙන් විසඳා ගැනීමක් සිදු නොවිණි. පසුගිය 24 වැනිදා දේශසීමා ගැටුම් ඇවිලී ගොස් දෙරට අතරේ යුදමය තත්ත්වයක් නිර්මාණය වූයේ ඒ අනුවය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තායිලන්ත කාම්බෝජ සාකච්ඡා ඇරඹේ