
මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (04) සිට ඇරඹුණු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.
අද සිට දින තුනක් හෙට (05) සහ අනිද්දා (06) තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතින බවද එම කොමිෂන් සභාව පවසයි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
(ඡායාරූපය: කේ බුද්ධික කුමාරසිරි)

වන්නි මැතිවරණ කොට්ඨාසය
(ඡායාරූපය: සිතුම් චතුරංග)

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
(ඡායාරූපය: සනත් ගමගේ)

COMMENTS
මාලිමාවට ජයවේවා !
මාලිමාවට ජයවේවා
උනන්දුව තියෙන්නේ මාලිමවට ඡන්දෙ දෙන්න. වෙන ඡන්ද වල එහෙම උනන්දුවක් තිබුනේ නෑ
බලලෝභී, බඩගෝස්තරවාදී කාලකන්නි, දූශිත, දේශපාලුවන්ට නොරැවටී යහපත් රටක් උදෙසා නිවැරැදි තීන්දුවක් ගැනීමට ජනතාවට මොලේ පෑදේවා...!
අපිව වසර ගණනාවක් නැති කළා... අනුන්ට පාඩම් කියාදෙන්න පටන් ගත්තා...