IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.

චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, නිල ණය හිමියන්ගේ කමිටුව සහ බැඳුම්කර හිමියන් සමඟ ඇති කර ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 17කට අධික ණය සහනයක් හිමිව ඇතැයි රජය පවසයි. 

මේ අතර වත්මන් ශුද්ධ ණය වටිනාකමින්  40.3% ක් සඳහා සහනයක් ලබාගනිමින්, දළ වශයෙන් ඩොලර් බිලියන 17.5 ක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය බාහිර වාණිජ ණය හිමියන් සමඟ ද එකඟතාවකට එළැඹ තිබේ. 

මෙමඟින් සැලකිය යුතු ණය සහනයක් හිමිවන අතර ණය පොලී ගෙවීම් අඩු කරමින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙන බව රජය පවසයි.



අදහස් (9)

ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි

Laksitha Thursday, 19 September 2024 06:56 PM

තවත් ඡන්ද ප්‍රතිඵලයක්...!

:       1       0

sena Thursday, 19 September 2024 07:01 PM

විශ්වාස කරන්න අමාරුයි...!

:       1       0

Asela Thursday, 19 September 2024 07:04 PM

ඇයි මේ චීන්නු දන්නේ නැත්ද ජනාධිපතිවරණයක් තිබියදී, ධුරයෙන් ඉවත්ව යන්න ඉන්න ජනාධිපති එක්ක ඩීල් දාලා වැඩක් නැහැ කියලා...?

:       1       0

දලුවගෙදර Thursday, 19 September 2024 07:07 PM

එහෙනම් ටෙලිකොම්, තෙල් සහ ලාබ ලබන කිසිම දෙයක් විකිනීම නවත්වන්න කටයුතු කළ යුතුයි!

:       0       1

ජගත් ලියනගේ Thursday, 19 September 2024 07:13 PM

ඉදිරියේදී පත්වන නව ජනාධිපති යටතේ ඔය ණය ගෙවන්න පුළුවන් වෙනවා. ඒක ස්ථීරයි...

:       0       0

යෝගා Thursday, 19 September 2024 08:53 PM

කවුරු කොහොම කිව්වත් අවුරුදු දෙකක් ඇතුළත රටක් බංකොළොත් බවින් මුදවා ගැනීමට සමත් වීම අති විශිෂ්ඨ ලෝක වාර්තාවක්. අපේ ආචාරය සහ ගෞරවය...!

:       1       2

කරෝලිස් Friday, 20 September 2024 10:12 AM

මේවා තාර බර ඇරලා පිළිගන්න. මේවා වචන එහා මෙහා කිරීමක් විතරයි, හරියටම වෙච්චි දේ දැනගෙන විශ්වාස කරන්න. රට මේ තත්ත්වයට පත්කළ අයට මේක ගොඩදාවි කියලා හිතන්න බැහැ.

:       5       4

Bandara Friday, 20 September 2024 11:08 AM

කරපු වෙනස නිසා අපි ගෑස්, කිරිපිටි, ප්‍රෙට්ට්‍රල් පෝලිම්වල ලැගලා පැය ගණන් කරන්ට් නැතුව කාපු කට්ට හොඳටම ඇති.

:       0       4

චන්දදායකයා Friday, 20 September 2024 11:31 AM

මේක කරන්න නිහඬ කාලසීමාව වෙනකන්ම හිටියනේ. මේකෙ සත්‍ය හොයාගන්න පෙර, වෙනත් අයගෙ අදහස් දැනගන්න ක්‍රමයක් නැහැ, මේ අය වසර හැත්තෑ ගනනක් කියපු බොරු බැලුවම මේක මොකක්ද ? කොහොම වෙතත් වෙනසක් කරන්න අවශ්‍ය අයට මේවයින් රවටන්න බැහැ, ඔය දෙතුන්ගොල්ලම ඕක විශ්වාස කරන්න.

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 594 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 811 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 343 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site