(අංජුල මහික වීරරත්න)
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ පව කීය.
වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු තීරු බදු සහන සහිත වාහන ගෙන්වීම සිදු කර නොමැති බවත් නිවැරදි ක්‍රමවේදයකට යටත්ව වාහන ගෙන්වීම සිදු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
''වාහන ගෙන්වීම නිවැරදි ක්‍රමවේදයකට යටත්ව අපේ ඩොලර් ප්‍රමාණයන් පිටට ඇදී යන්නේ නැති විදිහට අපට නැවත රට තුළ ඩොලර් අර්බුදයක් ඇති නොවන ලෙසට වාහන අවශ්‍යතාවය සැපිරීම සඳහා යම් ඉඩ ප්‍රස්ථාවක් විවෘත කිරීම සඳහා අවස්ථාව ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා '' යනුවෙන් ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට කියන්න ඔබ මෙය කරන්නේ කෙසේද?. ඔබට එක්සත් ජනපද ඩොලර් පිටතට ගලායාම පාලනය කිරීමට අවශ්‍ය වන අතර පාවිච්චි කළ වාහන ආනයනය කිරීමට අවශ්‍ය වේ. ඔයාලා ජපානෙන් ගෙන්වන පාවිච්චි කරපු වාහන වලට ඉහල ගාස්තුවක් අය කරනවා. ඉතින් ඔබේ ආණ්ඩුව සෝචනීයයි. තොපිලට වඩා රනිල් හොඳයි! අඩුම තරමින් ඔහු කතා කරන්නේ තේරුමක් ඇතිව