
(අංජුල මහික වීරරත්න)
ඩීසල් නෞකාවකට ඇනවුමක් ලබා දී ඇති අතර ජුලි දෙවන සතිය වන විට එම නෞකාව ලංකාවට පැමිණෙනු ඇතැයි ඉන්ධන අර්බුදය පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් පත්කළ කමිටුවේ සභාපති හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
පෙට්‍රල් ලබා ගැනීම සම්බන්ධයෙන් ද ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද සාගල රත්නායක මහතා සඳහන් කළේය.
ගෑස් මෙට්‍රික් ටොන් තිස්තුන් දාහක් ජුලි මාසයේදී මෙරටට ලැබීමට නියමිතව ඇති බවද සාගල රත්නායක මහතා සඳහන් කළේය.
පුවත්පත් කර්තෘවරුන් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති හමුවකදී සාගල රත්නායක මහතා මේ බව කීය.
COMMENTS
රට බංකොළොත් කරලා කට්ටියක් පැත්තකට වෙලා... මේ කොහේ හිටපු කට්ටියක්ද? රට අරාජික වෙලා තියෙන තරමක්...
අරගල සාගල...
එතකම් රට වහලා තියමු. අනේ මෙයාගේ කට... නන්දසේන සහ සෙට් එක යනකන් ලංකාවට අබ සරණයි.
රටේ පාලනයට වෙච්චි දේ... අන්ත පරාජයට පත්වූ මෙම පරාජිතයන් අද රට පාලනය කරන්න වෙලා... අපේ විමල්, ගම්මන්පිල, මහින්දානන්ද, සරත් වීරසේකරලාට අද වෙලා තියන ඉරණම. ඔවුන්ව බිත්තියටම තල්ලු කරලා ඉවරයි...
කෝට් බෑයකුත් දාගෙන මේවා කියන්න ලැජ්ජා නැද්ද?
වෙච්චි දේ... "අන්ත පරාජයට" පත්වූ මෙම පරාජිතයින් අද රට පාලනය කරන්න..!!!
මේ එක මහජන ඡන්දයකින් පත්නොවුණු හොරු රනිල්ගේ කපටිකමින් පාර්ලිමේන්තු රිංගාගෙන මුළුරටම තවතව වලපල්ලට යවනවා. අමු මහදවල් මෙය ගෑස්වලින් ගහපු ගැහිල්ල අපි TV නිවුස් වල දැක්කා. ගොන් මිනිසුනේ, මේ පාහරයින්ට මේ උතුම් රට විනාශ කරන්න දුන්න ඇති. රට වනසමින් මේ ආණ්ඩුවයි, රනිලුයි අද මේ රට කරන්නේ ජනතාව ලියා දුන්නු බූදලයක් වගේ. අනේ අපේ රටට වෙච්චි දෙයක්...
ජනතාව ඡන්දෙ දීලා පත්කළ ජනාධිපතිට සහ අනෙක් නායකයන්ට අවශ්‍ය දැනුම සහ රට පාලනය කරන්න ශක්තිය නැහැ. කොහෙන්වත් සිටිය කට්ටියක් රට පාලනය කරන්නේ... මිනිස්සු මේ අච්චාරු පාලනයට කැමැති නැහැ. අලුත් ඡන්දයක් තියන්න ඕනෑ... දේශපාලනය අර්බුදය විසඳන්නේ නැතිව මේක කරන්න බැහැ.
රට කාපු ඇත්තෝ...!
රටේ ජනමතය පැත්තකට දාලා ගහලා එළවපු ටිකයි, ඡන්දෙන් පැරදුණු අයගෙයි විගඩම් දිහා බලන් ඉන්න වෙලා තියෙන්නේ...!
ඒ කොහොම වෙතත් අර ගෑස්වලින් කොමිස් තියාගත්තා වගේ නොකර දුන්නොත් ඇති...
පහුගිය අවුරුදු 74 පුරාම හිතපු, කරපු විදියට නැතුව, ටිකක් වෙනස් විදියට හිතන්නකෝ දෙයියනේ.. මේ "එදා වේල ටුවර්" එක මෙහෙම තව කොච්චර කාලෙකටද? ඇයි අපෙන් මෙහෙම පළිගන්නේ...?
අනේ ඔබලාට කරන්න බෑ.. ඔබලාට ලයිට්, ඩීසල් ඔක්කොම තියෙනවා. අර අහිංසකයින්ට මුකුත් නෑ. පලයල්ලා...
අද තියෙන බඩගින්නට අද කන්න නැතිනම් මොනවාටද ඔය ටයි, කෝට් දාගෙන ගහන කයිවාරු. රටේ ජනතාවට තියෙන දුක්, කම්කටොලු ඔහෙලට නැහැ නේද? ඒවා තේරුම් ගන්නවා වෙනුවට හැමදාම හැමදාම මොකක්හරි බොරුවක් කියලා මගහැරීමක් කිව්වොත් අපි වැරැදි නැහැනේ...!
අනේ අර කළුතර පැත්තේ දරුවෙක් ඩීසල් හදන්න පුළුවන් කියනවා නේද? නුඹලාට හෙනම ගහන්න ඕනේ..
අනේ මෙයාලාට යන්න කියන්න මිනිස්සු දුක් විඳිනවා පාරේ... මොවුන් සැප විඳිනවා...
මෙයාට මේවා කියන්න තරම් වගකීමක් දුන්නේ කවුද? ආන්ඩුවක් කියලා පිස්සන් කොටුවක් හදාගෙන එක එක දවසට එකඑක ජෝකර්ලා එළියට එනවා. ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට කොන්දක් නැද්ද මේ බයිලා අහගෙන ඉන්නේ..? මොන ජනබලයක් දීලද රටේ ආර්ථිකය පාලනය කරන්නේ?