IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ඩයනා ගමගේට ඇප

(රොෂන් තුෂාර)

නඩු විභාගය සදහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ළද ඩයනා ගමගේ හිටපු අමාත්‍යවරිය රුපියල් මිලියන 10ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (25) නියෝග කළේය.

නඩු විභාගය සඳහා පෙනී නොසිටීම සම්බන්ධයෙන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විත්තිකාරිය අධිකරණයට ඉදිරිපත්වීම හේතුවෙන් මෙම ඇපය නියම කරනන බව මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

ආගාමික හා විගාමික  පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා  වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි  චෝදනා යටතේ රහස් පොලිසිය පවරා ඇති නඩු හතකට පෙනී නොසිටීම හේතුවෙන් පසුගිය 21 දින  ඩයනා ගමගේ මහත්මියට මෙම වරෙන්තුව නිකුත් කර තිබූ අතර  ඇපකරුවන්ටද   නොතීසී   නිකුත් කර තිබිණි.

ඩයනා ගමගේ විත්තිකාරිය අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ  ඉමාෂා  සේනාධීර මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ වෛරස් උණ රෝගය හේතුවෙන් අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බවය.

ඊට අදාළ වෛද්‍ය සහතිකය අධිකරණයට ඉදිරිපත් කරන බවද සඳහන් කළාය.

2014 ජනවාරි මස 20 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ලේදි එන්.50191386 දරන ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම,වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම,2016 ජූලි මස සිට 2017 ජූලි මස දක්වා ,2017 ජූලි මස 17සිට 2018 ජූලි මස 16 දින දක්වා,2018ජූලි මස 17සිට 2019 ජූලි මස 16 දක්වා,2019 ජූලි මස 17 සිට 2020 ජූලි මස 16 දක්වා, 2020 සිට 2022 නොවැම්බර් පළවෙනි දින දක්වා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සිටිමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදවල් සිදුකිරීම, ඇතුළු චෝදනා යටතේ මෙම නඩු හත

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය මගින් ගොනුකර ඇත.

ඩයනා ගමගේ වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ  ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විත්තිකාරී අධිකරණයේ පෙනී සිටීම හේතුවෙන් අපි නියම කරන බව සඳහන් කළේය



අදහස් (1)

ඩයනා ගමගේට ඇප

Perakum Liyanagama Tuesday, 26 August 2025 11:09 AM

ඇප දෙන්න වටින්නෙ නෑ කරපු වැරදි වලට. රටවැසිකම නැතිබව දැන දැනම පාර්ලිමේන්තු ආව. ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරල හොර පාස්පෝට් එකක් හදාගත්ත. අපි කලොත් කොහොමද. මෙයා අද ඉන්න ඕන හිර ගෙදර. එයා ආරක්ෂා කරපු අයටත් නිසි දඬුවම් දිය යුතුය. ඒත් ඉතිං ඒව කොහෙද මේ ඉංදියන් සාගරයෙ අමුතු ඇටය නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 478 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17022 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 678 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site