
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොසොන් උත්සවය නිමිත්තෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා මදුරු ගහනය පාලනය කිරීම සඳහා අනුරාධපුරය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුමා ඩෙංගු මර්දන ප්‍රධාන කාර්යාලයෙන් අතිරේක කාර්ය මණ්ඩලය එවන්න කියලා ලිඛිතව ඉල්ලීම් කර ඇතත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් ඒ සඳහා අනුමැතිය ලබාදී නැතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රදේශයේ නිවාස හා පරිශ්‍ර ඩෙංගු මදුරු කීටයන්ගෙන් ගහන දැයි පරික්ෂා කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
මේ වන විට ඩෙංගු රෝගය රට පුරා ව්‍යාප්ත වෙමින් තියෙන බව ජනමාධ්‍ය මගින් සියලු ජනතාවට දැනගන්න ලැබෙනවා. ඒ වගේම සෞඛ්‍ය අංශ සහ අනෙකුත් පළාත් පාලන සියලු ආයතන මගින් දැනුවත් කරලා තියෙනවා ජනතාවට අවදානම් කාල පරිච්ඡේදයක් ගත කරන්න කියලා.
අපි දන්නවා ළඟදීම පොසොන් උත්සවය තියෙනවා. එම උත්සවයට අනුරාධපුර ප්‍රදේශයට ලක්ෂයකට අධික ජනතාවක් පසුගිය වසර හා සසඳලා බැලුවා ඒ වන්දනාමාන කටයුතුවලට පැමිණෙනවා .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්මය රකින්නා ධර්මය විසින්ම රැකගන්නෙ නැද්ද දැන්?
එකිනෙකා කා කොටාගන්න රාජ්‍ය නිලධාරීන් කොහොමද මහජනතාවට සේවය කරන්නේ. දුෂ්කර තත්ත්ව මධ්‍යයේ වැඩ කරල ප්‍රතිඵලය පෙන්වන අය අංශ ප්‍රධානීන් නොකර මේ තත්ත්වය නතර කරන්න බෑ.
නාමල් කුමාර සහරාන්ට හෝ බෝම්බ ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නැත. නමුත් ඔහු TID නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනීමෙන් සහරාන් අත්අඩංගුවට ගැනීම නැවැත්තුවා. නාමල් කුමාර නාට්‍ය පිටපත ලිව්වේ කවුද? ජවිපෙ රජය එය සොයා ගැනීමට අකමැති වූයේ ඇයි?
ජවිපේ රජයක් නැත, රජය නොවෙනස්ව පවතී. ඇත්තේ මාලිමා ආණ්ඩුවකි. බොරු කීම මෙලොවදීත් පරලොවදීත් විපාක ගෙනදෙන බව දහමෙහි ඇත.