IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ටෙලිකොම් ගැන කාරක සභා වාර්තාව කුණු කූඩෙට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කළ නිර්දේශය පිළි නොගැනීමට රජය තීරණය කර තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට ගැටළුවක් බැවින් එය අනුමත නොකරන බවට එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවට පාර්ලිමේන්තුව හමුවේ අද (09) සඳහන් කළේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන තිබියදී මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව රජය කිසිසේත් පිළිනොගන්නා බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ප්‍රකාශ කළේය.

ඒ තත්ත්වය යටතේ ආංශික අධික්ෂණ කාරක සභාව විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය නොකරන ලෙස කළ යෝජනාව රජය ඉවත දමනු ඇති බව එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාවේ පිටපතක් අද (09) දිනම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යැවීමට ද ආණ්ඩු පක්ෂ කාර්යාලය පියවර ගෙන තිබිණි.

 



අදහස් (10)

ටෙලිකොම් ගැන කාරක සභා වාර්තාව කුණු කූඩෙට

යෝගා Friday, 09 June 2023 06:04 PM

එතකොට ආණ්ඩුවේ පදේටද හැමෝම නටන්න ඕනෑ..?

:       9       90

ලක්මාල් Friday, 09 June 2023 09:24 PM

රජය ව්‍යාපාර කළයුතු නැත. රජය කළ යුත්තේ ව්‍යාපාර නියාමනය කිරීමයි...! 

:       53       35

aravinda Monarawila Saturday, 10 June 2023 03:21 PM

සම හරක්ට හිතෙන දේවල් කෙරුවා නම් මේ රට මෙච්චරවත් ඉතුරු වෙන්නේ නැහැ.

:       3       9

swene Friday, 09 June 2023 09:24 PM

ආණ්ඩුවේ තීරණ වෙනස් නොවන්නේ නම් ආංශික කාරක සභා රැස්වීම් තැබීම පවා කාලයත් ධනයත් නාස්ති කිරීමකි...!

:       8       60

කිරිපුතා Saturday, 10 June 2023 02:59 AM

දුර නොබලා තියෙන තියෙන එක විකුණලා දමනවා වගේ නෙවෙයි ඕවගේ අතුරු ප්‍රතිඵල ගෙවන්න වෙන්නේ අනාගත පරපුරට... මෙයාලා අටවලා හොඳට කොමිස් අරගෙන මැරිලා යයි.

:       9       24

Mayadunna Saturday, 10 June 2023 06:49 AM

සරත් වීරසේකර මැතිවරණයකදී මෝඩ ජනතාවගේ මනාප බලාගෙන හදන වාර්තා පිළිගත යුතු නොවේ...

:       15       20

චන්දිම ෆොන්සේකා Saturday, 10 June 2023 10:18 AM

සමහරු මෙතැනදී රජයේ ආයතන පුද්ගලිකකරණය හරියි කියන මතයේ ඉන්නවා. හැබැයි ප්‍රතිපත්තිගරුක, අවංක දේශපාලකයින් විසින් පාලනය කරන වෙන රටක නම් ඒක 100%ක් හරි. එතකොට මමත් ඒ මතයේ ඉන්නවා. නමුත් මේ රටේ ඉන්න වංචනික, තක්කඩි දේශපාලුවන් එක්ක නම් ඔය වැඩේ කරන එක හරිම අවදානම්... දන්නවානේ එදා ඉඳන් මොවුන් වැඩ කළේ තමන්ගේ බඩ මුල් තැනට දීලානේ. වාචාලකට, හැකර වොයිස් කට් දිදී දිගට හරහට ගහවි කොමිස් උන්ගේ පරම්පරා ගානකට හරියන්න. අන්තිමේදී කොයි වැඩේ කරන්න ගියත් වුණා වගේ මෙතැනදීත් වෙන්නේ රටේ මිනිස්සුන්ටමයි වන්දි ගෙවන්න...

:       4       17

aravinda Monarawila Saturday, 10 June 2023 01:14 PM

ඇමැති කටු සූප්පන රනිල්ගේ කුක්කෝ රනිල් ගහන ගහන පදේට නටනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?

:       4       22

Wimalcrc Sunday, 11 June 2023 09:38 AM

පොහොට්ටුවෝ ඔය බොරුකාරයාව පත්කළේ ජාතියෙන්ම පළිගන්න තමයි. දැන් ජාතික ආරක්ෂාව ගැන වදවෙන්න ජාතියකුත් නෑ වගේ...

:       0       2

fairoos Sunday, 11 June 2023 06:12 PM

තවත් කාලකණ්ණියෙක්... නන්දසේනත් එක්ක එකතුවෙලා රට කෑවා... දැන් එනවා ජාතික ආරක්ෂාව ගැන කියවන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 514 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1428 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 406 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1486 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 571 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 838 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1030 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1442 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 374 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site