
ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවාද දින 10 ක් ඇතුළත තීරණය කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
දින 10 ඇතුළත ඇමෙරිකාව සමඟ පැහැදිලි ගිවිසුමක් ඇති කර ගැනීමට ඉරානයට නොහැකි වුවහොත්, ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට සිදුවුනු ඇතැයි ට්‍රම්ප් අවධාරණය කර ඇත.
ඇමෙරිකන් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ වොෂින්ටන් අගනුවර පැවැති සාම මණ්ඩලයේ පළමු සැසිය අමතමිනි. මේ වනවයිට ඇමෙරිකාව සහ ඉරානය අතරේ සාකච්ඡා පැවැත්වෙයි. ඒ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙනි.
‘නිකම් සාකච්ඡාවලින් ඵලක් වන්නේ නැහැ. ඵලදායී සාකච්ඡා අපට අවශ්‍යයි. පැහැදිලි එකඟතාවක් අපට අවශ්‍යයි. ප්‍රගතියක් සිදු නොවන්නේ නම් සාකච්ඡා කිරීමෙන් ඵලක් නැහැ. හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න සිද්ධ වෙනවා’ යැයි ට්‍රම්ප් සාම මණ්ඩලය අමතමින් පැහැදිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම් අන්කල්ට ඉතින් කා එක්ක හරි පැටලෙන්නම ඕනෑ නේ... නැතිනම් හරියට නින්ද යන්නේ නෑනේ...