ඇමෙරිකාවේ ගිණිකොනදිග ජනපද කීපයකට ටෝනාඩෝ සුළි කුණාටුවලින් හානි සිදුවිය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ මරණ 34 ක් වාර්තා වන බවය. එයින් මරණ 12 ක් වාර්තා වන්නේ මිසෝරි ජනපදයෙන් බව ද පැවැසෙයි.
සුළි කුණාටුවලින් නිවාස ලක්ෂ ගණනකට හානි සිදුවිය. මෝටර් රථ උඩු යටිකුරු විය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ මෝටර් රථ 55 කට හානි සිදුවුණු බවය. ටෝනාඩෝ සුළි කුණාටුවලින් බලපෑම් එල්ල වූයේ මිසෝරි, මිචිගන් සහ ඉලිනෝයි ජනපදවලටය.
මේ වනවිට නිවාස 2,50,000 කට විදුලි බලය නොමැති බව පැවැසෙයි. ගස් කඩා වැටීමෙන් මාර්ග බොහොමයක් අවහිර වී ඇතැයි ද වාර්තා වේ.
ටෝනාඩෝ සුළි කුණාටු සමඟ මහ වැසි ඇදහැලුණු බවත්, මේ වනවිට මිසිසිපි, ලුවිසියානා, ටෙනිසි යන ජනපදවල මෙන්ම, ඇලබාමා, ආකන්සාස් යන ජනපදවල නගර සහ පළාත් රැසක ජල ගැලීම් වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ටෝනාඩෝ කුණාටු ඇමෙරිකාව කලඹයි
ගුණරත්න Monday, 17 March 2025 07:25 AM
ඔය ප්‍රියස් එක මෙහාට එවන්න, කෝටියකට විකුණන්න පුළුවන්.
prasanna Monday, 17 March 2025 10:34 AM
තව බෝම්බ දාලා අහිංසක මිනිස්සු මරපල්ලා