
(සිතුම් චතුරංග)
වවුනියාව සෙට්ටිකුලම නේරියකුලම ප්‍රදේශයේ නිවසක් අසල සඟවා තිබූ ටි 56 වර්ගයේ ජීව උණ්ඩ 721 සමඟ සැකකරුවන් දෙදෙනකු ඊයේ (02) පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.
පසුගිය 21 වැනිදා කිරිබත්ගොඩදී ටි.56 ගිනි අවියක් සහ පතොරම් ගැබක් සමඟ අත්අඩංගුවටගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ටි.56 ජීව පතොරම් සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ එම විමර්ශනවලට අදාලව පසුගිය 22 වැනිදා වවුනියාව නේරියකුලම ප්‍රදේශයේදී සැකකරුවකු අත්බෝම්බ 84 ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවටගනු ලැබූ අතර ඔහුගෙන්ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුවන් දෙදෙනා පිළිබඳ කරුණු අනාවරණයවී ඇතැයි පොලිසිය පැවසීය.
එක් සැකකරුවකුගේ නිවස ආසන්නයේ වළදමා තිබියදී ජීව පතොරම් 621 සහ අනෙත් සැකකරු සන්තකයේ තිබී ජීව පතොරම් 107ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයාගත් බවත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද අප්පා මෙච්චර ආයුධ සහ පතරම්... පොලීසිය සහ හමුදාව ඉන්න අයගැන සෝදිසියෙන් ඉන්න වෙයි.
ලොකු ජාලයක් වගේ පේන්නේ... තව කොහේ කොහේ ආයුධ සහ පතරොම් හංගලා තියෙනවද දන්නේ නෑ. ප්‍රශ්න කරගෙන යනකොට තවතවත් කරුණු එළිවෙයි... කොළඹටත් ව්‍යාප්ත වෙලා ඇති...