
(මුදිතා දයානන්ද)
ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ කම්කරු දින රැළිය එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිටදී අද සවස පැවැත්විණි.
මෙම රැළියට සමගාමීව ඔවුන් සංවිධානය කළ පෙළපාලිය බී.ආර්සී. පිටියේ සිට පස්වරු දෙකයි තිහට පමණ ආරම්භ විය.
පෙළපාලිය මුලින්ම ගමන් කරනු ලැබුවේ කොමියුනිස්ට් නායකයින් වූ මාක්ස්, එංගල්ස්, ලෙනින් හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහත්වරුන්ගේ විශාල ප්‍රමාණයේ ඡායාරූප රැගත් රථ පෙළකි.
ඉන්පසු ජනතා විමුක්ති පෙරමුණ බැනරය යටතේ එම පක්ෂ නායකයෝ ගමන් කළහ.
අන්තර් සමාගම් සේවක සංගමය ඇතුලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන නියෝජනය කරමින් ඒවායේ වෘත්තීය සමිති නියෝජිතයෝද ගමන් කරනු දක්නට ලැබිණ. අනතුරුව සමාජවාදී ශිෂ්‍ය සංගමය, කාන්තා සංගමය, කලා සංගමය, තරුණ සංගමය හා රටපුරා සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් ජවිපෙ සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් පෙළපාලියට එක්ව සිටියහ.
එෆ් ආර් සේනානායක මාවතේ සිට එක පැත්තකින් නෙළුම් පොකුණ දක්වාත් අනෙක් පැත්තෙන් රෝහල් වටරවුම දක්වාත් මැයි දිනයට පැමිණි ජනතාවගෙන් පිරි ඉතිරි යනු දක්නට ලැබිණ.


COMMENTS
ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා !! ජාතික ජන බලවේගයට ජයවේවා !! ශ්‍රී ලාංකික ජනතාවට ජයවේවා !!
බලන් සොයුරණි අන්න පෙරදිග තාම නෑ දිනකර නැගී ඒත් පෙරඹර දිලෙයි අරුණළු නැගෙනවාමයි නව හිරූ බිඳ දමාලා ගනදුරූ එළිය දේවී නව හිරූ
මුන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් බලයට ඇවිත් රට කොමිනිස් කරන්නද හදන්නේ? මුන් උස්සන් යන්නේ කාල්මාක්ස් ගේ රුපයක්. රුසියාවටත් එපා වෙච්ච කොමිනිස් ක්‍රමය ලංකාවට මොන බම්බුවකටද? ලෝකේ කොමිනිස් රටවල් කොපමණ තිබෙනවාද? අනුරයා කියන්නේ ප්‍රගතිශීලි ආණ්ඩුවක් හදනවා කියලා. කොමිනිස් රටක් ප්‍රගතිශීලි උනේ කවදාද බොල?
ජාතික විමුක්ති පෙරමුණ කියන නමවත් අපිට එපා. කෝ මුන්ගේ මාලිමාව කියන නම?
මැයි දිනය අයිති කම්කරුවාටය . දේශපාලකයාට නොවේ.
මේ මැයි රැළියේදී පක්ෂ නායකයෝ කිසිම කතාවක් කරලා නැද්ද?
ජය.. ! ජය..! ජය..!
හැම රැලියකම, රැස්වීමකම සෙනඟ විතරයි. ඡන්දෙ දෙන්නේ නෑ මිනිස්සු. මිනිස්සු යන්නේ ඔය අයියාගේ කතා අහන්න විතරයි. මොකද පැලකරලා කියනවනේ කතා මෙන්න සයිස්... අම්මපා කියලා. ඉතිං හිනාවෙලා අහගෙන ඉඳලා ගෙදර එනවා. මොකද මෙයාලාට රට දියුණු කරන කිසිම පැහැදිලි වැඩ පිළිවෙලක් නෑ. යල්පැන ගියපු ලෝකේ කොහෙවත් නැති දේවල් තමයි මෙයාලාගේ සිහින. ඒවා මේ පොළොවේ කරන්න බෑ. ගැලරිය පිනවන පොර ටෝක් දීලා මිනිස්සු හිනස්සනවා විතරයි. මෙයාලාට හොඳ, බුද්ධිමත් උපදේශකයින් ටිකක් හිටියොත් ඡන්දෙන් අඩුම 5% ක් වත් ගන්න පුළුවන්. ඒක ස්ථිරයි...