
(ජේ .ඒ. එල් ජයසිංහ)
මහවැලි ගඟ උතුරායාමෙන් ඇති වූ ජල ගැල්මෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 300ක පමණ පාඩුවක් වී ඇතැයි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.
මහවැලි ගඟ උතුරා යාමෙන් ඇතිවූ ගංවතුර නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යුත් උපකරණ, පරිගණක පර්යේෂණ දත්ත උපකරණ, වටිනා ගෘහ භාණ්ඩ ඇතුළු කෝටි ගණනක් වටිනා දේපළ විනාශ වී ඇති බව ද උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සදහන් කළේය.
සිදුව තිබෙන හානිය මේ වන විට ගණන් බලාගෙන යන බවත්, ගංවතුර නිසා විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය, කෘෂිකර්ම පීඨය සහ පශු වෛද්‍ය පීඨයේ කෝටි ගණනක් වටිනා පර්යේෂණ හා විද්‍යුත් උපකරණවලට හානි සිදුව තිබෙන බවත් ඔහු පැවැසීය.
විශ්වවිද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානයේ තිබූ කෝටි 6 ක පමණ පරිගණක උපකරණ විනාශ වී ඇති අතර ක්‍රීඩා උපකරණ නඩත්තු ඒකකයේ විදුලි උපකරණ, විශාල ප්ලාස්ටික් ජල ටැංකි රැසක් ගංවතුරට ගසාගෙන ගොස් ඇති බව ද උපකුලපතිවරයා කීය.
ඇතිවූ ආපදා තත්වය නිසා හානි වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලය යථා තත්වයට පත් කිරීමේ අභියෝගයට මුහුණදීමට සිදුව ඇති බව ද මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවැසීය.


2025 දෙසැම්බර් මස 04
59
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
363
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජල ගැල්මෙන් පේරාදෙණිය සරසවියට කෝටි 300ක පාඩුවක්
Nipuna Friday, 05 December 2025 09:08 AM
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ලැබූ අධ්‍යාපනයේ පිහිටෙන් විදේශවල පුරවැසිබව ලබා හොඳ රැකියා කරන ආදි විද්‍යාර්ථයින්ට කළගුණ දක්වන්න ඉතා හොඳ අවස්ථාවක්.
Bunny Preena Friday, 05 December 2025 09:17 AM
දැන් කාලගුණය හුඟක් වෙනස් වෙලා අලුතින් හිතලා පරිගනක වැනි යන්ත්‍ර අ් කරන අඩුම ගානේ ගංගා ආශ්‍රිතව හෝ ගංවතුර අවදානමට භාජනය විය හැකි ප්‍රදේශවල ඇති මහල් කිහිපයකින් යුක්තව ආයතනවල පහළ හාලයේ සවි නොකර ඉහළ මහළයට ස්ථාපනය කළ හැකි නම් එම උපකරණ විනාශ වෙන එක වළක්වා ගන්ඩ පුළුවන් වේවි. මෙවර ගංවතුර කවුරුවත් බලාපොරොත්තු විදියට ආපු එකක් ඉදිරියටත් එහෙම වුණොත්?
janahitha Friday, 05 December 2025 09:25 AM
ගංගාරාමයෙන් කෝටි තුනක් ලබාදිලා තිබෙනවා ඔක්කොම ආදි සිසුන් බොහොමයක් විදේශ වල් එකතු වුනොත් නැවත ගොඩ නගන එක අපහසු නොවේ