
(අංජුල මහික වීරරත්න)
මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ජාතික ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට තීරණය වී තිබේ.
කැනෝයිං සහ කායාකිං (Canoeing and Kayaking ) , ඔරු පැදීම (rowing ) , යාත්‍රා කිරීම ( Sailing ), සර්ෆින් කිරීම ( Surfing ) යන සම්මේලන හතරේ සාමාජිකයින් හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද මේ පිළිබඳ මූලික සාකච්ඡා පැවැත්විණි.
ඉදිරියේ දී මෙරට ජාතික ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිළිබඳ මූලික පියවරක් වශයෙන් මෙම සාකච්ඡාව සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු සහ ක්‍රී සම්මේලන 4 හි, සභාපතිවරු සහ ලේකම් වරු ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔරු පදින්නේ කොහෙද? බෙරේ වැවේද?