IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ජනපති ඇමරිකා ගිහින් ජපන් යයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සැප්තැම්බරයේ ඇමෙරිකාවේ සහ ජපානයේ සංචාරයක නිරත වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම ජනාධිපතිවරයාගේ ඇමරිකා සංචාරයේ ප්‍රධාන අරමුණයි.

ජනාධිපතිවරයා සැප්තැම්බර් 23 වැනිදා එක්සත් ජනපදය බලා පිටත්ව යන අතර 24 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

එහිදී ජනාධිපතිවරයා රජයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉදිරි වැඩ පිළිවෙල ගැන පැහැදිලි කිරීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදී ජනාධිපතිවරයා ලෝක නායකයන් කිහිප දෙනෙකු ද හමුවීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වැනිදා නිව්යෝක් සිට ජපානයේ ඔසාකා නගරයට පැමිණෙනු ඇත. ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා ජපාන සංචාරයේ නිරත වෙයි.

ජනාධිපති අනුර දිසානායක මහතා ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සමඟ සැප්තැම්බර් 29 වැනිදා සාකච්ඡා පවත්වන අතර 30 වැනිදා ජපානයේ නරුහිතෝ අධිරාජයා හමුවීමට නියමිතය. ජනාධිපතිවරයා ජපන් රජය සමග පවත්වන සාකච්ඡා වලදී ශ්‍රී ලාංකිකයන් සඳහා ජපානයේ වැඩි රැකියා අවස්ථා ලබා ගැනීම සහ දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ජපානයේ 2025 එක්ස්පෝ ප්‍රදර්ශනයට සහභාගී වන අතර එහි පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා දින සැමරුමටද එක් වනු ඇත.එම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සංචාරක, ව්‍යාපාරය, වෙළෙඳ සහ ආයෝජන යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිරිස් සහභාගී වෙති.

මීට අමතරව ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ජපානයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවද හමුවීමට නියමිතය.

 



අදහස් (15)

ජනපති ඇමරිකා ගිහින් ජපන් යයි

පිටරැටියා Sunday, 10 August 2025 02:32 PM

අදූෂිත ජනතාවාදි නායකයා ගැන ලෝකේ ඉහළම පිළිගැනීමක් තියෙන බව පැහැදිලි .අපේ රටට යහපතක්ම වේවා !

:       35       107

යෝගා Sunday, 10 August 2025 03:08 PM

සිරිසේනත් ඕකම කලා. පුලුවන් තරම් රට සවාරි ගැහුවත් රටට වෙච්ච සෙතක් නෑ. එයත් විහිළු නම් සැපයුවා.

:       72       52

ලසන්තSunday, 10 August 2025 03:37 PM

ඒකත් හරියට අර යෝගා තකතීරු කමෙන්ට් දාලා අපිට විහිළු සපයනවා වගේද?

:       19       45

විපරමා Sunday, 10 August 2025 06:45 PM

හිටපු බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවෝ තමුන්ගේ කෙනෙක් සභාපති කරලා, සිය ගණන් පිරිවරාගෙන දිගට හරහට සවාරි ගහලා එයාර් ලන්කා සමාගමත් බන්කොලොත් කෙරුවා. ජනාධිපතිතුමා රට යන්නේ එතුමාට ලැබෙන ආරාධනා වලට... අදූෂිත ජනතාවාදී නායකයෙක් වශයෙන් පිළිගැනීමත් තියෙන බව දන්නෝ හොඳාකාරවම දන්නවා.

:       23       33

kamalSunday, 10 August 2025 11:45 PM

එයා ගැන මොන කතාද? නෝන්ජල් මනුස්සයෙක්නේ...

:       0       3

Nihal Sunday, 10 August 2025 03:14 PM

පසුගිය දශක 3ක් පමණ රට සමුළුවලට මැතිඇමති සනහුරෙේ ඔක්කෝම ගුවන් යානා පුරෝගෙන ගිහින් රටේ ආර්ථාකය හැම අංශයක්ම විනාශ කරලා දැමිමා දැන් එහෙම නැති එක මාලිමාවට දීපු ඡන්දය නිසානේ හැගීම සැනසීමක්.

:       24       59

යසපාල Sunday, 10 August 2025 03:39 PM

ඔය ගමන්ම කියුබාවටත් යන්න සහෝදරයා. ප්‍රයෝජනවත් වෙයි.

:       8       45

ගුණරත්න Sunday, 10 August 2025 04:31 PM

මේ අවුරුද්දේ විදේශ සංචාර කීයද? සීයා ජනතා මුදලෙන් සංචාර ගියා කියලා නාහෙන් අඬාගෙන හිටි මාලිමාවුන් දැන් කරන්නේ මාසෙට දෙපාරක් කොහේ හරි පිටරටක රවුමක් ගහන එක...

:       47       34

ලමය Sunday, 10 August 2025 05:51 PM

මේ මනුස්සය කොහේ ගියත් අපේ සල්ලි නාස්ති නොකරන බව දන්නවා. රටට වැඩක් වෙන දෙයක් කරගෙන එයි. යහපත් මනුස්සයෙක්

:       22       48

prasanna Sunday, 10 August 2025 08:23 PM

රට ගිහිල්ලා කටවල් දිහා බලාගෙන ඉන්නවා...

:       25       27

ChathuraniSunday, 10 August 2025 11:09 PM

මිනිස්සු කතාකරද්දී කට දිහා බැලෙනවා ..එහෙම නැතිව පු* දිහා බලන්නේ නැහැනේ.මට හිතෙන්නේ ඔයානම් පු* දිහා බලාගෙන කතාකරන සත්වයෙක්.

:       4       5

Nishan Monday, 11 August 2025 04:25 AM

මහා මණ්ඩලේ අමතන්නේ සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද? නොදන්න ඉංග්‍රීසියට නොගිහින් බොරු සෝබන පන්ඩිතකම් නැතුව සිංහලෙන් කතා කරන්න.

:       8       11

Marikkar Monday, 11 August 2025 06:02 AM

මෙය ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා 20% ක තීරුබදු අඩු කිරීමේ සෘජු පිළිබිඹුවක් මිස අන් කිසිවක් නොවේ. මෙම සංචාරය රටේ ස්වෛරීභාවයට ඉතා නරක ප්‍රතිවිපාකයක් වනු ඇත. ශ්‍රී ලංකාවේ හමුදා කඳවුරක් විවෘත කිරීම සහ පොතුවිල් හි ඊළඟ ගාසා තීරය සහතික කිරීම සඳහා ඊශ්‍රායලයේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කරන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනු ඇත, මෙම භයානක ප්‍රතිවිපාක දෙක නිසැකවම අපේ රටට සිදුවනු ඇත.

:       9       10

ලුම්බිණි Monday, 11 August 2025 07:10 AM

රනිල් වික්‍රමසිංහ කෙනෙක් වීගෙන යනවා වගෙයි .

:       7       9

අරවින්ද මොණරවිල Monday, 11 August 2025 10:18 AM

රාජ්‍ය තාන්ත්‍රික ආරාධනා සහ පසුගිය කාලයේ බලයේ හිටි ජානාධිපතිවරුන් රජයේ වියදමින් ගිය පුද්ගලික සංචාර වල වෙනස් නොදන්නා රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලියේ කසළ ශෝධකයන් හිතාගෙන ඉන්නේ ජනාධිපතිවරයා රටේ මහජන මුදල් නාස්ති කරන බවයි. කවදා හෝ තමන්ගේ නායකයෙක් ළගට කිට්ටුවෙන් අවස්ථාවක් ලදහොත් රාජ්‍ය තාන්ත්‍රික සංචාර හා ඉහත කල්ලියේ නායකයන් රජයේ වියදමින් කල පුද්ගලික සංචාර අතර වෙනස අසා දැනගන්න ලෙස දන්වමි.

:       5       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site