(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන්  කාලය හෙට (13) සවස 3න් අවසන් වේ.

මේ වනවිට වියදම් වාර්තා ලබා දී ඇත්තේ 8 දෙනෙකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.