IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ජනතා සිහිනයට තවත් වීරියෙන් කැපවෙමු

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනතා සිහිනය යථාවක් කරගැනීමට නව වසරේ දී තව තවත් වීර්‍යෙන් යුතුව සද්-අධිෂ්ඨානයෙන් යුතුව කැප වෙමු යැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නව අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි.

කථානායකවරයා මෙසේද කියයි.

අපගේ සාම්ප්‍රදායික සූර්‍ය දින දර්ශනයට අනුව නව වසරක උදාව අප සනිටුහන් කරන්නේ බක් මාසයේ දී උදාවන සිංහල-හින්දු අලුත් අවුරුදු සැමරුමෙනි. දිගු ඓතිහාසික උරුමයක්ව ඇති මෙම සංස්කෘතික මහෝත්සවය එක් අතකින් අප ජාතික සංහිදියාවේ ද සංස්කෘතික ප්‍රකාශනයකි. ඒ නිසා සමස්ත ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකට එකතු වී සිදු කරන චාරිත්‍ර-වාරිත්‍ර මගින් නව වසර පිළිගන්නේ ඉදිරි වසරේ සතුට, සෞභාග්‍ය, වාසනාව ළගා කරගැනිමේ විශ්වාසයෙන් යුතුවය. ගතවු වසර කිහිපය තුළ අපට රටක් ලෙස අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු විය. ආර්ථික අර්බුදයත්, පැවති දේශපාලන අසමතුලිතතාවයත් හේතුවෙන් රටට වගේම අප සැමගේ ජන ජීවිතයට විශාල බලපෑමක් සිදු විය. ඒ හේතුවෙන් සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රධානම සංස්කෘතික මහෝත්සවයක් වූ සිංහල-හින්දු අලුත් අවුරුද්ද පවා සැමරීම අප සැමටම ඒ තරම් සුබදායක වුයේ නැත.

නමුත් 2025 වසරේ උදාවෙන මෙම සිංහල - හින්දු අලුත් අවුරුද්ද පසුගිය අභියෝගාත්මක කාල සීමාව පසුකර රටක් ලෙස, සමස්ත ශ්‍රී ලාංකික ජාතියක් ලෙස, වඩාත් සුබදායක අයුරින් පිළිගැනිමට හැකි වී තිබේ. මා විශ්වාස කරන පරිදි කෙටි කාලයක් තුළ අපට නිර්මාණය කරගැනීමට හැකි වූ දේශපාලන ස්ථාවරත්වය මේ සදහා විශාල පිටුබලයක් විය. ඒ අනුව දිවයිනේ සතර දිශාවම එක මිටකට එක් කරගනිමින් නව දේශපාලන සංස්කෘතියක් රැගත් නව පාර්ලිමේන්තුවක් බිහි කරගැනීමට හැකි වුයේ දශක ගණනාවක සිට ජනතාව තුළ පැවති අපේක්ෂාවක් අප උර මතට පවරා ගනිමිනි. මා විශ්වාස කරන පරිදි ගත වූ කෙටි කාලය තුළ ජනතාව අපේක්ෂා කළ ජනතාවට වග වීමකින් කටයුතු කරන ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කර ගැනීමට අපට හැකි වී තිබේ. එහි ශුභදායක ඵල දැන් අප භුක්ති විදිමින් සිටින්නෙමු. පැරණි යල් පැනගිය ඉවත් කළ යුතු සියලු සිතුවිලි ඉවත් කරගනිමින්, ගොඩනගා ගත් නව යහපත් දේශපාලන සංස්කෘතිය උපයෝගි කරගනිමින්, අප ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නව බලාපොරොත්තු , ප්‍රාර්ථනා එක් කරගනිමින් නව යුගය වෙත පිය නගන්න වගේම සමාජයක් ලෙස, රටක් ලෙස, හිතන්නා වූ නව මිනිසෙකු ගොඩ නගන්න , එළඹෙන අලුත් අවුරුද්ද අපට මඟ කියනු ඇත. රටක් ලෙස අපට ඇති ඒ සිහිනය, සෑබෑ කරගැනීමට රටේ ව්‍යවස්ථාදායකය ලෙස අප සතුව ඇති භාර දූර වගකීමේ බර අප හොදින් හඳුනාගෙන සිටින බව ඔබට වගවීමෙන් යුතුව දැනුම් දෙන්නෙමු. එකී ජනතා සිහිනය යථාවක් කරගැනීමට නව වසරේ දී තව තවත් වීර්‍යෙන් යුතුව සද්-අධිෂ්ඨානයෙන් යුතුව අපි කැප වී ක්‍රියා කරන්නෙමුයැයි, ඔබ වෙත සපථ කරමින්,

එළඹෙන්නා වූ මේ සිංහල-හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි මම ඉතසිතින් ප්‍රාර්ථනා කරමි....!!!

 



අදහස් (0)

ජනතා සිහිනයට තවත් වීරියෙන් කැපවෙමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1439 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1304 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 470 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site