
(සමන් කේ. ගමගේ)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වල් අලි බහුල ප්‍රදේශයක් වන හබරණ බෙල්ලන්කඩවල කුඹුරු යායක් ආවරණය වන පරිදි ජංගම විදුලි වැටක් ඉදිකර ඇත.
ගෝලීය පාරිසරික පහසුකම් මගින් සපයනු ලබන මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන සුවදායි භූමි දර්ශන ව්‍යාපෘති මගින් මෙම ජංගම විදුලි වැට නිර්මාණය කර තිබේ.
වල් අලින්ට පාගා කඩා බිද දැමිය නොහැකි ආකාරයට මෙම විදුලි වැට නිර්මාණය කර ඇති අතර මෙය සකසා ගැනීමට යකඩ බට යොදාගෙන තිබේ. මේ සඳහා විදුලිය සූර්ය කෝෂ මගින් ලබා ගැනීම විශේෂත්වයකි.
මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ගොවීන්ගේ අස්වනු නෙලීමෙන් පසු අලි වැට වගා භූමියෙන් ඉවත් කර ගත හැකි වීමයි. නැවත වගාවන් ආරම්භයත් සමග විදුලි වැට සවිකර ගැනීමට ගොවීන්ට හැකියව උදා වේ.
සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන ජංගම අලි වැටක් නිසා වගා කන්නයක් තුළ අවශ්‍ය ස්ථානයක සවිකර ඉන් අනතුරුව කන්නෙන් පසුව අලිවැට පහසුවෙන් ඉවත් කර ගැනීමට හැකිවීම නිසා නැවත වන අලින්ට අවශ්‍ය ආහාර ලබා ගැනීමට හැකිවන පරිදි නිර්මාණය කිරීම ද විශේෂත්වයකි.
මෙම අලිවැට නිරීක්ෂණ කටයුතු සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සුවදායි භූමි දර්ශන ව්‍යාපෘතියේ ජාතික ව්‍යාපෘති කළමණාකරු අජිත් සිල්වා ඇතුළු පරිසර අමාත්‍යංශයේ නිළධාරීහු පිරිසක් සහභාගි වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිද ඕක ගෙනත් දියවන්නාව වටේට හයි කරන්න ,ලංකාවේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි
විශිශ්ටයි . දේශපාලනේ ගෑවිලා නැති නිසා අති විශිශ්ටයි .
අලියා බුද්ධිමත් සතෙක් .ලොකු ගසක කොටයක් ගෙනල්ලා විදුලි වැට උඩ දැම්මොත් වැට කැඩිලා යයි.ඊට පස්සේ මොකද්ද වෙන්නේ