IMG-LOGO

චාමරගේ මෙට්ට සිහිනය බොඳ වේ

(යොහාන් භාසුර)

මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නිදාගැනීමට මෙට්ටයක් දෙන ලෙස කළ ඉල්ලීම වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශයක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

මන්ත්‍රීවරයාට කොන්දේ අමාරුවක් තිබීම නිසා මෙට්ටයක් දෙන ලෙස බන්ධනාගාරයෙන් ඉල්ලිමක් කළ බවත් එම ඉල්ලීම බන්ධනාගාර වෛද්‍යවරයාට යොමු කළ පසු එය ප්‍රතික්ෂේප වූ බවත් දිසානායක මහතා කීය.

මෙට්ටයක් වැනි දෙයක් සැපයීමට නම් වෛද්‍ය නිර්දේශය අනිවාර්ය බව කී දිසානායක මහතා වෛද්‍ය නිර්දේශ නොමැතිව මෙට්ටයක් සැපයිය නොහැකි බව ද සඳහන් කළේය.

මන්ත්‍රීවරයාට මෙට්ටයක් අවශ්‍ය නම් කොන්දේ පවතින රෝගී තත්වයට ප්‍රතිකාර ගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස දැනුම්දී ඇති අතර එම වෛද්‍ය වාර්තා විශේෂඥ වෛද්‍යවරුන්ට යොමුකර සළකා බැලිය හැකි බවත් වැලිකඩ බන්ධනාගාරයේ වෛද්‍යවරු මන්ත්‍රීවරයාට දැනුම්දී ඇති බව ද දැනගන්නට තිබේ.

 



අදහස් (21)

චාමරගේ මෙට්ට සිහිනය බොඳ වේ

බටලන්දේ ප්‍රේමවතී Sunday, 30 March 2025 04:45 PM

එලියේ ඉඳන් යටිගිරියෙන් කෑගහනකොට නැති අමාරු කූඩුවට ගියාම ඇතිවෙනවා. ලංකාව පාලනය කරන්නේ හොර ලෙඩ්ඩුයි, හිටියවැඩි මහල්ලොයි. ඉතින් අනාගතයක් තියෙයිද?

:       4       15

ගමේ එකාලා Sunday, 30 March 2025 04:49 PM

ඔය තරම් පුෂ්ටිමත් සරීරයක් තියෙද්දී තවත් මොකටද මෙට්ටයක් ?

:       2       10

Nickon Sunday, 30 March 2025 05:11 PM

බන්ඩි ගෙඩිය තැලෙයි. මොකක් හරි පිලිවෙලක් යොදන්න.

:       3       6

Nandalal de Silva - France Sunday, 30 March 2025 05:18 PM

මුන් ලොකෙ තිබෙන ඔක්කොම කුජීත, පාදඩ වැඩ කරලා, පොලීසියෙන් අල්ලා, කූඩු කරාම තමා මහ පොළොව මත තිබෙන සියළුම මහ ලෙඩ මතක් වෙන්නේ..... යකො, පැදුරු කඩමාලු කෑල්ලක නිදාගන්න බැරි නම්, ඔය වගේ පාදඩ වැඩ නොකර ඉන්න නෙද තිබුනේ ????

:       3       11

ලූට මූස් Sunday, 30 March 2025 05:36 PM

මෙයාට මෙට්ට කෙසේවෙතත්, මේ යෝදයගෙන් නම් මෙට්ට තුනහතරක් හදතහැකි මගෙ හිතේ…!

:       3       5

Mohammed Sunday, 30 March 2025 05:37 PM

ඔන්න දැන්නම් හිටපු මැති ඇමතිවරු වෛද්‍ය සහතික එහෙම කෝකටත් කියල අරන් තියාගන්න කොට්ටයක්,මෙට්ටයක් ,පැදුරත් හිරෙදී පාවිච්චි කරන්න. ගියාට පස්සේ ඉල්ලුවට ලැබෙන්නේ නැහැ

:       3       7

මැක්ස් Sunday, 30 March 2025 06:03 PM

මෙට්ටයක් ඕන නම් මොට්ටයෙක් වගේ "මේක මාර ජනතාවාදී ආණ්ඩුවක් ය, නිකමට වත් බොරුවක් නොකියන්නේ ය, චන්දයට පෙර කළ කී දෑ, ගැසූ කයිවාරු එලෙසම ක්‍රියාත්මක කරන්නේ ය, ජූලී චන්ග්ට බියේ කටයුතු නොකරන්නේ ය, රණවිරු දඩයමට පක්ෂ නොවන්නේ ය, පොල් මිල අඩු කලේ ය, එක පෑන් පහරින් ඩඩ්ලිගේ හාල් මිල බැස්සුවේ ය, පාතාලය එක්ක හැප්පී එය කුඩු පට්ටම් කලේ ය, ජාතික ආරක්ෂාව තිතටම කරන්නේ ය, රිලව් ගණන් කිරීම වැනි දැවෙන ප්‍රශ්න වලට කර ගසන්නේ ය, දැන් රිලවුන් වෙනම දුපතකට දමා, කෑම නොමැති වන කාලයට මියෑදෙන්නට ඉඩ නොහරින්නේ ය, වරායෙන් කන්ටේනර් පන්නන්නට ඉඩ නොහරින්නේ ය වැනි අට අනුවක් දේ කිව්වා නම් හෙටම ඔහෙට මෙට්ට එකක් නෙවෙයි, දෙක්කම් ෂුවර් ය!

:       10       6

Rata PerataMonday, 31 March 2025 11:59 AM

වහල් මානසිකත්වය නම් බොහොම බැරෑරැම් වගේ

:       0       0

ලලනිMonday, 31 March 2025 12:42 PM

අනේ මැක්ස්, ඔයත්, යෝගත් වගේ අය දිගට දිගේ මේවාගේ මොන පල් හෑලි ලියල ස්වයං වින්දනයක් ගත්තට, වෙන කවුරැවත් ඒව කෙල පිඩක් තරම්වත් ගනංගන්නෙ නෑ.

:       1       5

බකල ජයා Sunday, 30 March 2025 06:42 PM

ඒ මෙට්ටෙ ලොකු මාරකයකින් ගැලවුනා කියල මට හිතෙන්න ... ...

:       1       6

පිටිගල මිලානෝ Sunday, 30 March 2025 06:57 PM

ඔයා ඇවිල්ලා තියෙන්නේ බාගෙ ටිකට් එකකින් ඒ නිසා මෙට්ට නැහැ පැදුර විතරයි.

:       3       3

Dayan Sunday, 30 March 2025 08:29 PM

බිම නිදා ගැනීමෙන් ශරීරය හැඩගස්වනු ඇත. වෛද්‍යවරු ඒ ගැන හොඳින් දනිති. එබැවින් කරදර වීමට කිසිවක් නැත.

:       2       2

රනේ Sunday, 30 March 2025 08:34 PM

පව් අනේ! පව් කරන කොට වගේ නෙමයි දුක් විඳින කොට අමාරු ඇති..

:       4       4

Pradeep Kumara Sunday, 30 March 2025 10:13 PM

කොන්දෙ අමාරුවට හොඳම ප්‍රතිකාරය තමයි මෙට්ට නැතුව නිදා ගැනීම.

:       1       6

Thambuththegama sinhaya Sunday, 30 March 2025 10:21 PM

වැඩිය කෑ ගහන් ආවොත් මෙට්ටයක්වත් දෙන්නේ නැහැ .

:       7       6

Perera Sunday, 30 March 2025 11:40 PM

මූට කොන්දක් තියෙනවාද?

:       3       5

Rasi Monday, 31 March 2025 04:49 AM

තව කොඳු අමාරු සැදිය හැකි පිරිසක් ඉදිරියේදී පැමිණීමට නියමිත බැවින්, මෙට්ට ටිකක් ගබඩා කර තබා ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරියෙන් ඉල්ලා සිටිමි.

:       2       5

Jayasekara Monday, 31 March 2025 09:48 AM

මුන් කරලා තියන විනාශයට මහත තියා පැදුරක්වත් දෙන්න නරකයි

:       3       7

මිලානෝ වැසියා Monday, 31 March 2025 12:07 PM

මාලිමා ආණ්ඩුවේ ඉන්න උන් ටිකත් මෙට්ට නැතිව බිම නිදා ගන්න ලෑස්ති වෙලා හිටපල්ලා. මේ ආණ්ඩුව වැඩි කල් දුවන්නේ නෑ. ආණ්ඩුව වැටුණු දාට පච කොටාටයි ගෝලයෝ ටිකටයිත් වෙන්නේ මෙට්ට නැතිව වැලිකඩ කූරු ගනින්න තමා.

:       1       3

de silva Monday, 31 March 2025 01:59 PM

බලේ තිබුණු කාලේ ඉදිරිය ගැන හිතලා හිර ගෙවල් ටික හොඳට සැප පහසුවට හද ගත්ත නම් හරි නේද ?

:       1       0

සෝමපාල Monday, 31 March 2025 02:19 PM

යකෝ මුන් තව ටික දවසක් ඉන්නකොට කියයි අහවල් අමාරුව තියෙනවා නෝනත් ගෙනත් දෙන්න කියලා. අහිංසකයෙකුට තමයි ගෙදරින් බත් ටිකක්වත් ගෙනිහින් දෙන්න අමාරු.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 36 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site