
(ගයාන් සූරිය ආරච්චි)
ගයින්ඩරයක් මගින් පී.වී.සී. බටයක් කපමින් සිටියදී එහි තලයක් කැඩී ගොස් සිසුවෙකුගේ පපුවේ වැදීමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා රෝහල් ගත කිරීමෙන් පසු අද (11) මියගොස් ඇති බව කටාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කටාන ප්‍රදේශයේ පදිංචි ඩී.එස්. සංජීව අලහකෝන් නැමැති සිසුවෙකි.
එම සිසුවාගේ මහප්පා විසින් ගයින්ඩරයකින් සේවා සපයන වැඩ පළක් පවත්වාගෙන යන අතර බාප්පා නොමැති අවස්ථාවේදී මෙම සිසුවා ගයින්ඩරයක් මගින්පී.වී.සී. බටයක් කපමින් සිටියදී මෙම අනතුරු සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත.
එහිදී ගයින්ඩරයේ තලයේ කොටසක් කැඩී ගොස් මෙම සිසුවාගේ පපු ප්‍රදේශය පසාරු කර පපුව තුළට කිඳා බැස තිබූ බව පොලිසිය පවසයි.
දේහය සම්බන්ධයෙන් පශ්චත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.
කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
PVC බට කපන්න ග්‍රයින්ඩර් එකෙන් කරන එක හරිම අවදානම් වැඩක්. තලේ හිරෙනු ගමන් කඩිලා විසිවෙනවා අධික වේගයෙන්. කියතෙන් කපන එක තමා හොඳම විදිහ, අවදානමක් ඇත්තේම නැති තරම්
ග්‍රයින්ඩරය යනු ඉතාමත් ආරක්ෂා කාරී ලෙස හැසිරවිය හැකි උපකරණයකි...අවාසනාවකට ශ්‍රීලංකාවෙ අය මෙය භාවිතා කරන ආකාරය අනුව මෙවන් අනතුරු නිරන්තරයෙන් සිදුවීඇත.