
(ගයාන් සූරිය ආරච්චි)
ගයින්ඩරයක් මගින් පී.වී.සී. බටයක් කපමින් සිටියදී එහි තලයක් කැඩී ගොස් සිසුවෙකුගේ පපුවේ වැදීමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා රෝහල් ගත කිරීමෙන් පසු අද (11) මියගොස් ඇති බව කටාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කටාන ප්‍රදේශයේ පදිංචි ඩී.එස්. සංජීව අලහකෝන් නැමැති සිසුවෙකි.
එම සිසුවාගේ මහප්පා විසින් ගයින්ඩරයකින් සේවා සපයන වැඩ පළක් පවත්වාගෙන යන අතර බාප්පා නොමැති අවස්ථාවේදී මෙම සිසුවා ගයින්ඩරයක් මගින්පී.වී.සී. බටයක් කපමින් සිටියදී මෙම අනතුරු සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත.
එහිදී ගයින්ඩරයේ තලයේ කොටසක් කැඩී ගොස් මෙම සිසුවාගේ පපු ප්‍රදේශය පසාරු කර පපුව තුළට කිඳා බැස තිබූ බව පොලිසිය පවසයි.
දේහය සම්බන්ධයෙන් පශ්චත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.
කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
2025 නොවැම්බර් මස 04
460
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2211
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගයින්ඩරයක් තලයක් කැඩී පපුවේ වැදී සිසුවෙකු මරුට
Senarath Monday, 14 July 2025 09:05 AM
PVC බට කපන්න ග්‍රයින්ඩර් එකෙන් කරන එක හරිම අවදානම් වැඩක්. තලේ හිරෙනු ගමන් කඩිලා විසිවෙනවා අධික වේගයෙන්. කියතෙන් කපන එක තමා හොඳම විදිහ, අවදානමක් ඇත්තේම නැති තරම්
මුරුගේසු Tuesday, 15 July 2025 08:51 PM
ග්‍රයින්ඩරය යනු ඉතාමත් ආරක්ෂා කාරී ලෙස හැසිරවිය හැකි උපකරණයකි...අවාසනාවකට ශ්‍රීලංකාවෙ අය මෙය භාවිතා කරන ආකාරය අනුව මෙවන් අනතුරු නිරන්තරයෙන් සිදුවීඇත.