IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගමේ පාරවල් හදන්න ප්‍රමුඛත්වය දෙන්න

(අංජුල මහික වීරරත්න)

මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩ කඩිනමින් අවසන් කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස   ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති වල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවෙිදී ජනාධිපතිවරයා මේ බව කීය.

 ජනාධිපති කාර්යාලයේදී අද (06) මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙවර අයවැයෙන්  වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් මහාමාර්ග හා ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළව මේ වන විට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති පිළිබඳව මෙහිදී නිලධාරින් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය හා ඒවා ක්‍රියාවට නැංවීමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. 

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ හා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 



අදහස් (3)

ගමේ පාරවල් හදන්න ප්‍රමුඛත්වය දෙන්න

රුවන් Friday, 06 June 2025 06:34 PM

අවුරුදු 20-30කට අනාගතය ගැන හොයලා පාරවල් හදන්න. නැත්තං කොළඹ වගේ මාර්ග තදබදයට පිළියමක් නෑ. කොළඹ පාරවල් සුද්දා හැදුවේ වසර 133කට අනාගතය බලලා (1815-1948) ඒ ප්‍රමාණය නිදහසෙන් පසු පුළුල් කරේ නෑ කරන්නත් බෑ අනවසර ඉදිකිරීම් නිසා. කිරුළපන - පාමන්කඩ පාර පුළුල් කරන්න තාම නඩු යනවා ගෙවල් වලට වන්දි වලට, ඉතිං ඒ හින්දා මාර්ග තදබදයට විසඳුම් නෑ. ගාලුපාර කළුතරින් එහාට පටුවෙනවා. කුරුණෑගල, ගම්පහ පාරවල් දුර්වලයි. යාපනයට, නුවරට වගේම ත්‍රිකුණාමලයට අධිවේගී මාර්ගය ඕනේ ආර්ථිකමය වටිනාකම වැඩි හින්දා...

:       0       2

Nipuna Friday, 06 June 2025 06:45 PM

ඒක තමයි රාජපක්ෂලා පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රීලාට ඊළග ඡන්දෙදී වියදම් කරන්න හොරා කන්න දීපු අවස්ථාව නියමයි..!!!

:       0       0

සාලිය Saturday, 07 June 2025 08:26 AM

ඇත්ත. බොරුවට හරි පාරවල් හදන්න. ලංකාවේ අයට රට දියුණු වෙනවා කියලා දැනෙන්නේ පාරවල් හදනවා නම් විතරයි. පාරවල් හැදුවේ නැතිනම් අනිවා ඊළඟ ඡන්දේ ෆේල්....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31451 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13738 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11050 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 145 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1059 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site