IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ගම්පහ ජාත්‍යන්තර පාසලක සිසුවියකට අයි.ටී ගුරාගෙන් යස පාඩමක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 17 හැවිරිදි සිසුවියකට තලංගම කිඹුලාවල හන්දියේ රථගාලක මෝටර් රථයක් තුළදී ලිංගික අතවර කළ බව කියන එම පාසලේ තොරතුරු තාක්ෂණවේදය උගන්වන 49 හැවිරිදි ආබාධිත ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

දැරියගේ පුංචි අම්මා ලන්ඩන් වල පදිංචිව සිටින බැවින් එම රටට යාමට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීම ට සඳහා අවශ්‍ය පොත් කීපයක්  ලබාගැනීමට අවශ්‍යව තිබූ බැවින් එම පොත් කොල්ලුපිටිය ප්‍රදේශයෙන් මිලදී ගැනීම සඳහා උදව් කරන මුවාවෙන් මෙම දැරියව රවටා සැකකාර ගුරුවරයා ඔහුගේ මෝටර් රථයෙන් කොළඹට රැගෙන විත් තිබූ බව පොලිසිය කියයි

සැකකාර ගුරුවරයාගේ ඉගැන්වීම මත දැරිය මවට පවසා ඇත්තේ ඔන්ලයින් පන්ති නිමවීමෙන් පසු ගුරුවරයා සමග පොත් මිලදී ගැනීම සඳහා  යන බව  අංශභාගයෙන් පෙළෙන මවට පවසා ඇතැයි පොලිසිය කියයි.

සැකකාර ගුරුවරයා ගම්පහ සිට දැරියව මෝටර් රථයේ ඉදිරිපස අසුනේ නංවාගෙන පැමිණ කිඹුලාවල රථගාලේ මෝටර් රථය ගාල් කිරීමෙන් අනතුරුව දැරියව අමතා තිබූ සැකකරු මෝටර් රථයේ ඉදිරිපස අසුනේ මැද තීරුවෙන් පිටුපස අසුනට රැගෙන ගොස් මෙම අතවරය සිදු කර ඇති බව එම සිද්ධිය දුටු ත්‍රිරෝද රථ රියැදුරකු පොලිසියට කළ දැනුම්දීමක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

දැරිය මුල්ලේරියාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා මහතා වෙත ඉදිරිපත් කර සිදු කළ වෛද්‍ය පරීක්ෂණයට අනුව දැරිය ලිංගික අතවරයට පත්ව ඇති බවට අනාවරණ වූ බව පොලිසිය පවසයි.

 



අදහස් (6)

ගම්පහ ජාත්‍යන්තර පාසලක සිසුවියකට අයි.ටී ගුරාගෙන් යස පාඩමක්

පූජා. Monday, 26 July 2021 02:45 PM

දැන්වත් තේරෙනවාද පාසැල් දරුවන්ට, ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම.. හැම දරුවෙක්ම දැනගන්න ඕනේ මොකාටද හැරෙන්නේ කියලා... මේ ගෑණු දරුවාට බැරිවුණාද කණ පැලෙන්න දෙකක් දීලා කාරෙකින් එළියට පැනගන්න.. මේ දරුවන්ගේ ගෙවල්වල උදවියටවත් බැරි වුණාද තම දරුවන්ව දැනුවත් කරන්න.

:       84       306

JayanMonday, 26 July 2021 03:55 PM

මන්දා තමුන් පාසල් ගිය කෙනෙක්ද කියලා, ඒත් අවුරුදු 14 දී (9 වසර) ලිංගික අධ්‍යාපනය ළමුන්ට දෙනවා සෞඛ්‍ය පාඩම්වල. මෙතන වෙලා තියෙන්නේ දැරිවිව රවට්ටගෙන... අමනයින්ගෙන් පිරිලා තියෙන්නේ මේ ලෝකේ. මිනිස්සු ඒක දැනගෙන දරුවන් ගැන හොයන්න ඕනෑ...

:       90       163

ගමේ එකාලාMonday, 26 July 2021 08:01 PM

අවුරුදු 17 ක ගැහැණු ළමයෙක් රවට්ටගන්න එයා බබෙක්ද? අද කාලේ ඉන්න කෙල්ලො කොල්ලන් මොනවද නොදන්නේ...? ගුරාව විශ්වාස කරලා ආපු ගමනක් වෙන්ඩ බැරිද? ගුරා ආබාධිතයෙක් කියලනේ තියෙන්නේ....

:       61       94

සමිත සේනක අලුත්ගමගේ.Monday, 26 July 2021 05:47 PM

පූජා කියන දේ සත්‍යයයි. ලිංගික හිංසනයන් වලට බොහෝ විට දරුවන් ගොදුරුවන්නේ, අවශ්‍ය නිසි දැනීම නොමැතිකම නිසා කියලයි සිතෙන්නේ. ඒත්, මේ රටේ ඇතැම් අය සිතන්නේ ලිංගික අධ්‍යාපනය කියන්නේ අසභ්‍ය දේ කියායි. අන්න එතැන තමා වැරදිච්ච තැන. ලිංගික අධ්‍යාපනය නිසි ලෙස නොදත් නිසා තමයි... බොහෝ තරුණ, බාල, වැඩිහිටි බොහෝදෙනා අන්තර්ජාලයේ අසභ්‍ය දේවල් නරඹා විනාශ වෙන්නේ. ලිංගික අධ්‍යාපනය කියන්නේ ක්‍රමානුකූලව පිළිගත් අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුකූලව කෙරෙනා මිනිස් ප්‍රජනක පද්ධතිය ගැන කෙරෙනා හැදෑරීමක්. ලිංගේන්ද්‍රිය කියා කියන්නෙත්, මනුෂ්‍ය අපේම ශරීරයේ තිබෙන ඉන්ද්‍රිය පද්ධතීන්. අපේ රටේ සමහර දෙනා සිතන්නේ, ඒ පද්ධති තිබීම හා ඒවා ගැන හැදෑරීම වරදක් බවයි. ඒ එසේ වෙතත්, පුංචි දරුවෙකුට ඉන්නට නොදෙන මිනිසුන් තමයි මේ රටේ ඉන්නේ... මහා ලොකු හැදිච්චකම එළිපිට ප්‍රදර්ශනය කරනවා. ඒත්, හිත්වල නියම හැදියාව ඇත්තේ සුළු පිරිසකගේ විතරයි. තිත්ත ඇත්ත මෙයයි...

:       0       0

විපරමා Monday, 26 July 2021 03:26 PM

මරු ගුරා, ආබාධිතයෙක් කිව්වට වැඩ නම් පෙන්නලා තියෙනවා.

:       9       45

කපිල Monday, 26 July 2021 06:17 PM

ගම්පහ පැත්තේ මේ වගේ නරුමයෝ ඕනෑ තරම් ඉන්නවා.. ගම්පහ සේරම එකතැනකට ටියුෂන් කාරයෝ ගෙන්වලා ඔවුන්ට සදාචාරය ගැන වෙනම පන්තියක් කරන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 180 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 372 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 381 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site