
(ගයාන් සූරියආරච්චි, ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන ‘කාංචනා‘ නැමැත්තියගේ ප්‍රධාන ගෝලයෙක් රුපියල් කෝටි 13 කට ආසන්න හෙරොයින්, අයිස් හා මත්පෙති තොගයක් සමග කහතුඩුව, පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අද (11) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නෑබඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 ක පුද්ගලයෙකි.
පොලිස් විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යොදවා මෙම වැටලීම සිදුකර ඇත.
එහි දී පොලිස් උපාය දූතයෙකු මාර්ගයෙන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් කැස්බෑව ප්‍රදේශයට ගෙන්වා ගෙන ඇති අතර ඒ ඔස්සේ සිදු කරන ලද වැඩිදුර විමර්ශණවලදී පොල්ගස්ඔවිට ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගෙන ඇති නිවසක සගවා තිබු හෙරොයින් කිලෝ 5 කට ආසන්න ප්‍රමාණයක්, අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 1.5 කට ආසන්න ප්‍රමාණයක් හා ඩාන්සින් පිල් නැමැති මත්පෙති 800 ක ප්‍රමාණයක් විශේෂ කාර්ය බළකාය සොයාගෙන තිබුණි.
ඒ අනුව සිදුකළ විමර්ශනවලදී මෙම මත් ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක වන ‘කාංචනා‘ නැමැති කාන්තාවකට අයත් බවට තොරතුරු අනාවරණය වී ඇත. සැකකරු පදිංචිව සිටින නිවෙස කාංචනා නැමැති කාන්තාව විසින් කලක සිට කුලී පදනම මත ලබා ගෙන මත්ද්‍රව්‍ය ගබඩා කර තබා ගන්නා ස්ථානයක් ලෙස යොදා ගනිමින් මෙහි සිට විවිධ ප්‍රදේශ වෙත මත්දුව්‍ය බෙදා හැරීම සිදු කොට ඇති බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 02 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ල මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැටලීම සිදුකළහ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත් ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සදහා මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදී ඇත.
2025 ඔක්තෝබර් මස 08
1586
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෝටි 13 ක කුඩු සමග අයෙක් අත්අඩංගුවට