(අංජුල මහික වීරරත්න)
කොළඹ විශ්ව විද්‍යාලය විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධ හා ආලේපන කිහිපයක් වෙනුවෙන් විශ්ව විද්‍යාලයට හිමි වූ කතෘභාගයෙන් කොටසක් විශ්ව විද්‍යාලයීය පිළිකා පිළිබඳ පර් යේෂණ අරමුදලට යොදවා තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ (IBMBB) මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම සිය පර් යේෂණ ඇසුරින් කළ විද්‍යාත්මක අනාවරණ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් වෙනුවෙන් මෙම මුදල ලැබී ඇත.
Vernolac - පිළිකා සෛල නැසීමේ හැකියාව පර්යේෂණාත්මකව තහවුරු කරන ලද පෝෂක ඖෂධය, Satiny - අකලට හිස කෙස් වැටීම, ජානමය තත්වයන් නිසා තට්ටය ඇති වීම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කිරීමේ අද්විතීය ගුණයෙන් හෙබි ඖෂධීය ශීර්ෂාලේපය,
Ortho Shield -සන්ධි ආශ්‍රිත වේදනා සහ කැක්කුම් සමනය කිරීමේ හැකියාව විද්‍යාත්මකව තහවුරු කරන ලද ශාකසාර අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද ආලේපනය,Bio Shape - ස්ථුල භාවය පාලනය කරමින්, අමතර මේදය බැහැර කරමින්, ආහාර පාලනයටත් ශරීරයේ හැඩය මනාව පවත්වා ගැනීමටත් ඉවහල් වන පෝෂක ඖෂධය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට මෙම කර්තෘභාග මුදල් හිමිව ඇත.
මෙම ඖෂධ අලෙවි කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුම් ගතව ඇත්තේ දේශීය සමාගමක් වන වන ෆැඩ්නා සමාගම් සමූහයේ අනුබද්ධිත ෆැඩ්නා ලයිෆ් සයන්ස් සමාගමයි.
ෆැඩ්නා සමාගමේ අධිපති චමේන්ද්‍ර සෝමතුංග මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර් ය එච්.ඩී කරුණාරත්න මහතාට අදාල කර්තෘ භාග මුදල බාර දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
170
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ සරසවිය බෙහෙත් හදා පිළිකා අරමුදල තර කරයි
බද්රානි Thursday, 28 September 2023 06:36 PM
මට හිතෙන්නේ මේක, පිළිකා සෛල නැසීමේ ඖෂධයක් නොව, රූපලාවන්‍ය සඳහා සුදුසු ආලේපන වර්ගයක් බවයි. ලංකාවේ ඉන්න පල් මෝඩයින් මේ වගේ විහිලු වැඩවලට චූන් වුණාට මේවා, ලෝකෙට විහිළු.. මොනවා වුණත් ජන්මයෙන් පැවතෙන ස්වභාවය මත කාගේ කාගේ හෝ පොකට් එකට නම් ගාණක් වැටෙන්න ඇති... අර හන්දිපත් අමාරුවට සිල්ලර කඩවල තියන තෙල් කුප්පියක් ගා ගත්තා නම් ඔයිට වඩා පිළිකා රෝගීන්ටත් වේදනාවට සහනයක් ලැබෙයි. මෙච්චර කල් ගහපු කයිවාරු හා පම්පෝරිවල හැටියට සමහරක් හිතාගෙන ඉන්නේ වැඩිම ඖෂධ හා වෙනත් නිෂ්පාදන කරලා තියෙන්නේ ලංකාවේ අය කියලනේ...? ඔහොම ජහ්...!!!