(නිමන්ති රණසිංහ)

නිරෝධායන නිති උල්ලංඝනය කරමින් කොළඹ කොල්ලූපිටිය ක්‍රෙස්කැට් මොනාච් අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ සාදයක් පැවැත්වූ විදේශිකයන් දෙදෙනකු ඇතුළු නව දෙදෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දිම ලියනගේ මහතා අද  නියෝග කළේය.

නිරෝධායන නිති උල්ලංඝණය කිරීමේ චෝදනාවට ඇප නියම කළ ද නිරෝධායනය සඳහා යොමු කිරීමට තමන්ට බලයක් නැතැයි මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා පොලීසියට දැනුම් දුන්නේය.

ඒ අනුව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අනුමැතිය මත ඔවුන් දින 14ක කාලයක් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දැනුම් දෙන බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.