ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන් රෝගී තත්ත්වයෙන් පසුවන බව සඟවා අනවශ්‍ය කලබල ඇතිකිරීම හේතුවෙන් බොහෝ දෙනකු අවදානමට ලක්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (14) සවස මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
''මේ පිරිස ඉතාලියෙන් පිටවී තිබෙන්නේ බොරු කරලා. මෙහෙට ඇවිත් අපිටත් බොරු කිව්වා. තමන්ගේ රෝගී බව සඟවන්නටත් කටයුතු කළා. ප්‍රතිකාර අවශ්‍ය නැති බව පැවසුවා.''
''මේ නිසා නිරෝධායන මධ්‍යස්ථානයේ අය පවා අවදානමට ලක්වී තිබෙනවා'' යයි අනිල් ජාසිංහ මහතා පැවසීය.
''ඔවුන් රෝගී තත්ත්වයෙන් සිටිය දී ඉතාලියෙන් පිටවිය නොහැකි නිසා මිලානෝ නගරයේ සිට සැතපුම් 800ක් පමණ මෝටර් රථයකින් ගොස් කුඩා ගුවන් තොටුපොළකින් ගුවන් ගත වී මේ රටට ඇවිත් තියෙනවා. ඔවුන් පැරසිටමෝල් පානය කර උණ බස්සගෙන තමයි මේ විදියට කිසිවෙකුටත් නොකියා හැමෝම නොමඟ යවමින් පැමිණ තියෙන්නේ''
ඔවුන් ශ්‍රී ලංකාවට ඇවිල්ලත් මේ බව කීවේ නැහැ. දැන් ඒ ආකාරයෙන් පැමිණි 16 දෙනෙක් ඉන්නවා. කන්දකාඩු නිරෝධායතන මධ්‍යස්ථානයේ අය පවා මේ අය නිසා අවදානමට ලක්ව තිබෙනව''
''ඔවුන් කටුනායක ගුවන්තොටුපොළේ දී විරෝධයක් දැක්වූ නිසා බොහෝ දෙනකුට ඔවුන්ට කිට්ටු වීමට සිදුවුණා. ඉන් පසු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ දී ඊට ඇතුළු නොවී විරෝධයක් දැක්වූ නිසා එතැන දී නැවතත් අනෙක් අයට සිදුවුණා ඔවුන්ට සමීප වීමට''
''වාසනාවකට මෙන් මේ 16 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිහින් තියෙන්නේ එකම බසයක. මේ වනවිට මොවුන් 16 දෙනා වෙන්කර තබාගන්න යුද හමුදාව කටයුතු කර තිබෙනවා." යැයි අනිල් ජාසිංහ මහතා පැවසීය.
- 085
COMMENTS
ඉතාලි නෙවෙයි, අඟහරු ලෝකෙ හිටියත් ජීවත් වෙන්න මොලේ පොඩ්ඩක් කල්පනා කරලා ඉන්න ඕනේ. මෙවැනි තීරණයක් අරගෙන මෙහෙ ඇවිත් අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත අවදානමකට ලක්කරලා...
මේ වගේ අය දාන්න ඕනේ ගවගාල්වලට...
මොවුන් ඉතාලිය වගේම අනෙකුත් යුරෝපීය රටවල් වලට ගිහින් ලංකාව පාවලා දීලා ලංකාවේ මානව හිමිකම් කඩවෙනවා කියලා බොරු කියලා සරණාගතයෝ විදියට ලියාපදිංචි වෙච්ච අය. හොරෙන් ඉතාලියට ගිහින් එහෙත් විනාශ කරලා දැන් ලංකාවට ඇවිත්. මේ අයව අත්අඩංගුවට ගන්න ඕනේ. ලෙඩේ සුව උනොත් මේ අයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනේ.
මෙවැනි ආත්මාර්ථකාමී පල් මෝඩයෝ නිසා දැනටමත් කී දෙනෙක් මේ රෝගයට ගොදුරු වෙලාද දන්නේ නැහැ මේ අය වයසක අයවලුන් නොවන නිසා. ලෙඩේ සනීප කරගෙන යහතින් ගෙවල් දොරවල් බලා යන්න යයි. ප්‍රතිශක්තිකරණය අඩු අය සහ වයෝවෘද්ධ අසරණ මිනිසුන් මේ අඥානයෝ නිසා විපතට පත් උනොත් එහි වගකීම බාර ගන්නේ කවුද ? මගේ රටට දළදා සමිදුගේ පිහිටයි.!
අපි තවත් ඔයා කියන ඒවා පිළිගන්නේ නෑ මහත්තයෝ. මාසයකට උඩදී ගන්න තිබුණු දේවල් දැන් කරන්නේ. මේ වෙනකම් කිසිම රටකට වාරණය කළේ නෑ. චීනා ඒ අයට ඕනි ඕනි විදියට ආවා ගියා. නිරෝධනය එයාලා සත පහකට ගණන් ගත්තේ නැ. ඔයගොල්ලෝ කිව්වා චීන්නු නිරෝධනය කරලා මෙහෙට එවනවා කියලා. අපි කොහොමද කාගෙවත්ඔ නිරෝධානයක් විස්වාස කරන්නේ. ඔහේලාට ඕනි චීනය සුද්ද කරලා වැරැද්ද යුරෝපයට පටවන්න. යුරෝපයටත් නෙවෙයි යුරෝපා රටවල ඉඳන් ආව ලංකාවේ අයගේ පිට පටවන්න. මොකක් කළත් මේ රට දැන් මරු කටක තියෙන්නේ. සමහර ප්‍රකාශ දැක්කම හිතෙනවා විශේෂඥ වෛද්‍යවරයෙක්ද කියලා.
ඔබතුමාලා ඉක්මනින් තීරණයන් නොගෙන වැඩ කරපු එකේ ප්‍රශ්නයක්නේ ඕක.. දැන් අරම ආවා, මෙහෙම ආවා කියලා වැඩක් නෑනේ.
කාලකණ්නි...................
දැන්වත් වේලිවේලි තියෙන හෝටල් ටික මේ වැඩේට අරගෙන පුද්ගලයින් වෙන්කරලා මේ වැඩේ හරියට කරන්න. ඔක්කෝටම බෝ වුණාට පස්සේ එක එක්කෙනාට ඇඟිල්ල දික්කරලා වැඩක් නැහැ...
මේ අයව උල තියන්න ඕනෑ..
රට වෙනුවෙන් පවතින අර්බුදය පාලනය කිරීමට රජයට නොහැකි බව ඔබ ඔප්පු කර තිබේ.
වෙන්නප්පුවේ අරයා වෙන්න ඇති......
මේ අයට අනුකම්පා කර සුව කරන්න බලන්න. නමුත් මේ අය කර ඇත්තේ බරපතල වරදකි. මේ අය යටතේ තව ජීවත්වන අය ඉන්නවත් ඇති. ඒ නිසා එ අය ගෙන සිතා කරමු.
චිනේ නම් මේ වගේ අයව වෙඩි තියලා මරනවා. කිසිම වගකීමක් නැති, ආත්මාර්ථකාමී, ජාරාම ජරා මිනිස්සු.
ඉතාලියේ ඉන්න අය එහේ ඇපල් කඩන්න ගිය කට්ටිය වෙන්න ඇති.................
කණගාටුයි කියන්න. උගත් බවේ හා නූගත් බවේ වෙනසයි මේ පෙන්නන්නේ. චීනෙන් ආපු ළමයි ටිකේත් මේ කාලකණ්නිත් අතර වෙනස! මෙවැන්නන් රට විරුවන් ලෙස හදුන්වාදෙන්න පුලුවන්ද?
මොවුන්ට ලෙඩ සුවවූ පසු නඩු පැවරිය යුතුයි.
ඒ කාළකණ්නි අයට වෙඩි තියලා දාන්න.
රජයේ මේ ප්‍රශසනීය නිරෝධායන වැඩපිළිවෙල විවේචනය කරද්දීම මට හිතුම මේ මිනිස්සු මොකක් හරි හංගන්න හදනවා කියලා. ඇත්ත වශයෙන්ම රජයට කරන්න තියෙන්නේ මේ වැඩපිළිවෙල විරෝධය පාන එක. ඒ වගේම නිරෝධායන වැඩපිළිවෙලට සහභාගී වන අයට අනියත බියක් ඇතිවන ආකාරයට (පැටිසය් කන්න දෙන්නේ, බෝතලේ කපල තේ දෙන්නේ වගේ) බොරු ප්‍රචාරය කරන මිනිස්සුන්ට, අන්තර්ජාල ප්‍රකාශ වලට තරාතිරම නොබලා ඉතාම දැඩි දඩුවම් ලබාදිය යුතුයි.
නිසි අධ්‍යාපනයක් නැති, තව කෙනෙකුගේ ජිවිතයක වටිනාකමක් දන්නේ නැති, රටටත් සමාජයටත් කිසිදු වැඩකට නැති අඩුම තරමේ තම පවුලේ අයටවත් ආදරයක් නැති පුද්ගලයන්.
කටුනායක ගුවන්තොටුපළෙන් වී.අයි.පී කට්ටිය නිරෝධායනයට යන්නේ නැතුව ලොකු අය අල්ලගෙන් හිමිහිට මාරු වෙනවා කියල ආරංචියි . මේක බොහොම අනතුරුදායක තත්වයක්. සාමාන්‍ය ජනතාව හැමදාම අමාරුවේ දැම්මේ ඔය වී.අයි.පී අය තමයි. කරුණාකර ගුවන්තොටුපළේ සේවය කරන අයව දැනුවත් කරන්න.
සුව වූ පසු මාස 6 කට හිරේ දමන්න.
මේ අයව අරන් ගිහින් ලෝකාන්තයෙන් පල්ලෙහාට අතාරින්න තියෙන්නේ. මේ වගේ තකතීරුවෝ නිසා අද මුළු රටක්ම අවදානමේ.
අනිවාර්යයෙන්ම පුළුවන් උපරිම දඩුවම් ලබා දෙන්න. ප්‍රජාතන්ත්‍රවාදය හැමවිටම මෙවැනි මිනිස්සුන්ට ගැළපෙන්නේ නෑ. ඔවුන් නිසා රටක් අනතුරට වැටුනා. අපි ඔවුන්ට දැඩි දඩුවම් ලබා දෙන තෙක් බලා සිටිනවා. එදා මේ බුරූවෝ කෑ ගහන කොට සොල්දාදුවන් ,රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්නේට මැදිහත් වෙන හැටි දැක්කා. ඒසී වාහන වල ජනෙල් ඇරගෙන ගෙවල් වල අය එක්ක කතා කරපු හැටි දැක්කා. වහාම ඔවුන් වෙනුවෙන් රජය කරන වියදම ගණන් බලා අය කර ගන්න. රජය ක්‍රියාත්මක වනතුරු අප බලා සිටිමු. රජයට අවශ්‍ය මොවුන්ගේ ජන්දයද නැත්තම් රටේ අනෙක් මිනිස්සු ගේ ඡන්දයද ? මේ අයට දඩුවම් නොදුන්නොත් මම නම් කිසි කෙනෙක්ට ජන්දේ දෙන්නේ නෑ.
සල්ලි මත්තෙම නැහෙන කාලකණ්ණි. කිසිම ගානක් නැතුව තමුන්ගේ පවුල විතරක් නෙවේ මුළු රටම අමාරුවෙ දාපු හැටි. මිනීමැරුම් චෝදනා යටතේ මේ අයට රජයෙන් නඩු දාන්න ඕන.
මිනීමැරීමට උත්සාහ කිරීම ... ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නීතියක් තිබේද?
තමන්ගෙ රටේ අහිංසක මිනිස්සු බිල්ලට දීපු අය.........
මේ අයට විරුද්ධව නිතිය දැඩිව ක්‍රියාත්මක කරන්න. මේක මිනි මැරුම් කිරීම තරම් ලොකු වරදක්. එළියට ගියානම් කීදෙනෙකුට හැදෙයිද?
බොරු සෝබන දානකොට නිකමට හිතුනා මොකක් හරි හංගන්න හදන විත්තිය. වායු සමීකරණය නැතිව ඉන්න බැහැ, බෝතල් කපලා වතුර දෙන්නේ ගේ පට්ට කෙබර ඇද බානකොට හිතුනා පැනපු කට්ටිය බව. බලන්න විදේශගමන් බලපත්‍රයත් විමර්ශනයට ලක්කර පහුගිය පුවතුත් බලන්න.
හරි නම් මේ ගොල්ලන්ට දඬුවමක් දීලා එ්ක ප්‍රසිද්ධ කරන්න ඕනේ.. අනිත් අයටත් පාඩමක් වෙන්න.
ඉතාලි ගිය අය අතර මොලේ කළඳක් නැති දෙන්නෙක් හමුවූ වගයි...
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාණනි , ඔබතුමා වැනි විද්වතුන් මෙම ව්‍යවසන ගැන කරුණු පැහැදිලි කිරීම අපි ඉතාම අගය කරමු . වැඩක් කිටීමට ගිය විට සමහරු මෙවැනි ක්‍රියාවන් කරති මෙම කරුණු පාඩම් ලෙස ගෙන නීතියේ ආධිපත්‍ය මනාව විහිද දක්වන සමාජයක් බිහිකිරීමට කාලය ඇවිත් ඇත. දැන් කාලය ඇවිත් ඇත්තේ බුද්දිමත් ජනතාවක් බිහිකිරීමේ කර්තව්‍යයි. මිනිසුන් රට හැර ගියේ දිළිඳු භාවයෙන් මිදෙන්නට. එම මිනිසුන්ට අපි මොනවා උනත් අනුකම්පා කලයුතුය .
ඔබතුමා කතා කියකිය ඉන්නවා පසුගිය දිනක ලංකාවට අපු මම, ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ තිබෙන සෞක්‍ය කාර්යාලය ඉදිරිපිට ගුවන් මගින් 100 විතර සමග පෝලිමේ හිටියා. උණ බලන්න හිටියේ එක නිලධාරියායි. පෝරමය සම්පූර්ණ කරන්න හිටියේත් එක මනුස්සයෙක්..., ඔෆිස් එක ඇතුලේ කරපටි දමාගෙන තුන්හතර දෙනෙක් සතුටු සාමීචියේ යෙදිලා සිටියා... ඊට පස්සේ පුරවලා දීපු පෝරමේ අත්සන නැත කියලා, ආගමන නිලධාරියා මාව නැවත සෞඛ්‍ය කාර්යාලයට හරවලා යැව්වා. අන්තිමේ බලාගෙන ගියාම මම මේ පෝලිමේ ඉන්න ඕනේ නැහැ. ආගමන විගමන කවුන්ටරයට වම්පැත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙන්නෙක් මේසයක් තියාගෙන සිටියා..., මට ඔවුන්ගෙන් අවසර ගත්තම ප්‍රමාණවත්, මේ විදිහට අනවශ්‍ය ලෙස ජනතාව එක පොදියට රස්තියාදු කරන කොට ඔවුන් අතර කොරෝනා පැතිරීමේ අවදානමක් නැද්ද? පැමිණෙන ගුවන් මගින් උපදෙස් දීලා නිසි තැනකට යොමු කරන්න ඔබගේ නිලධාරීන් නිසිලෙස පියවර ගෙන තිබුනේ නැහැ. ගුවන් තොටුපළෙන්ම වැඩේ අවුල් කරගෙන දැන් කියනවා ඉතාලියේ ඉඳලා අාපු මිනිස්සු පැනලා ගියා කියලා.., ඔබගේ නිලධාරියෝ හරියට වැඩේ කළා නම් එහෙම වෙන්නේ නැහැ...
හිරේ ඉන්න හිර කාරයින් පැනලා ගියාම වගකියන්න ඕනේ ජේලර්ලා.., ඒවගේ ඉතාලි කාරයින් පැනලා ගිය එකට වගකියන්න වෙන්නෙත් ඔබතුමාට.., රජයට දොස් කියලා වැඩක් නැහැ. රජය ගුවන් තොටුපල තුළ ඔබලාට පරිපාලන කාර්යාලයක්, උපකරණ, ආරක්ෂාවට සහ මගීන් මෙහෙයවන්න ගුවන් හමුදාව සහ ගුවන්තොටුපල ආරක්ෂක සේවය වැනි පහසුකම් දීලා තිබුණා. අවශ්‍ය ප්‍රමාණයට නිලධාරින් යොදවා එන පුද්ගලයින්ගේ විස්තර රුධිර සාම්පල වැනි දේවල් අරගෙන හැමෝම හොඳ පරීක්ෂා කළා නම් ඔය කොරෝන කාරයින් අල්ලගන්න තිබුණා. ලෙඩෙකුට පැරසිටමෝල් එකක් බීලා දොස්තරට නොපෙනෙන ලෙඩේ වහගෙන මාරුවෙන්න පුළුවන්ද?