(ටී.කේ.ජී.කපිල )

ඉන්දියාවේ කොයිම්බතූර් හි ඉගෙනුම ලැබීමට ගොස්  සිටි ශ්‍රී ලාංකික සිසුන් 113 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවක් මගින් අද(26)දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

ඔවුන් ගුවන් යානය තුළ සෞඛ්‍යාරක්ෂිතව , දුරස්ථභාවයකින් යුතුව කුඩා කණ්ඩායම් ලෙස අසුන් ගන්වා තිබු අතර ඔවුන් ගුවන් යානයෙන් පිටතට ගැනීමේදීත් , එම කණ්ඩායම් අනුවම එය සිදු කෙරුණි .

ඔවුන්ගේ විෂබීජහරණය කිරීමත් මෙම කණ්ඩායම් ක්‍රමය අනුව සිදු කළ අතර , ඔවුන්ගේ කොවිඩ් - 19 රෝග ලක්ෂණ පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු ද මෙම ක්‍රමයටම සිදු කෙරුණි .

ඒ අතර මෙම සිසුන් පැමිණි ගුවන් යානයත් , එහි කාර්යය මණ්ඩලයත් කටුනායක ගුවන් තොටුපළ තුළ දී විශේෂ විෂබීජහරණ ක්‍රියාවලියකට ලක් කෙරුණි .

පසුව එසේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ සිසුන් , ශ්‍රී ලංකා යුද හමුදාව විසින් , නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත විශේෂ බස් රථ මගින් රැගෙන යනු ලැබීය .

සබැඳි - කොයිම්බතූර් සිට සිසුන් 113ක් ලංකාවට රැගෙන එති