ග්‍රීෂ්ම සෘතුව උදාවීමත්, උෂ්ණත්වය අධික ලෙස ඉහළ යෑමත් සමග ජපානයේ ටෝකියෝ අගනුවර රාජ්‍ය සේවකයන්ට සැහැල්ලු ඇඳුම්වලින් සැරසී සේවයට පැමිණීමට ටෝකියෝ ආණ්ඩුකාරවරයා අවසර දී ඇතැයි එරට මාධ්‍ය පවසයි.
යුරිකෝ කොයිකේ ආණ්ඩුකාරවරයාගේ මෙම සැහැල්ලු ඇඳුමින් සේවයට පැමිණීමේ සංකල්පය නම් කර ඇත්තේ, ‘ටෝකියෝ කූල් බීස්’ යනුවෙනි. ‘ටෝකියෝ කූල් බීස්’ සංකල්පය යටතේ, රාජ්‍ය සේවක සේවිකාවන්ට කොට කලිසම්වලින් සැරැසී පැමිණීමට හැකි බවත්, රාජ්‍ය සේවයේ නියැලුණු තරුණ තරුණියන් බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ සතුට පළ කර ඇත.
‘ග්‍රීෂ්ම සෘතුව වෙනදාට වඩා උණුසුම්. සාමාන්‍යයෙන් ටෝකියෝ අගනුවර පිරිමි රාජ්‍ය සේවකයන් ටයි කෝට්වලින් සැරැසී තමයි සේවයට වාර්තා කරන්නේ. අලුත් සංකල්පය යටතේ කොට කලිසම්වලින් සැරැසී සේවයට පැමිණෙන්න අවසර දී තිබෙනවා. මා සියලු පිරිමි සේවයකන්ගෙන් ඉල්ලීමක් කරනවා. කොට කලිනමින් සේවයට එන්න. ඒක පහසුවක් වේවි.’ යැයි ආණ්ඩුකාර යුරිකෝ කොයිකේ, ‘ටෝකියෝ කූල් බීස්’ සංකල්පය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
කෙසේ නමුත්, කොට කලිසමින් සැරැසී සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන්, ඇතැම් තරුණියන් සහ කාන්තාවන් අප්‍රසාදය පළ කර ඇත. අප්‍රසාදය පළ කර ඇත්තේ ඇතැම් පිරිමින්ගේ පාදවල රෝම දකින්න ලැබීම ඔවුන්ට ‘මානසිකව හිරිහැරයක්’ බව පෙන්වා දෙමිණි.
පිරිමින්ගේ පාදවල රෝම දැකීම ඇතැම් කාන්තාවන් අපහසුතාවට පත් කිරීමට හේතුවක් බව ජපන් මනෝවිද්‍යාඥයන්ගේ ද අදහසය. රෝම දැකීමෙන් අපහසුතාවට පත් වීම, ජපන් මානසික වෛද්‍යවරුන් මෙය හඳුන්වන්නේ ‘සුනෙහාරා’ යන ජපන් වදනින්ය. මෙහි සරල අරුත ‘පාද රෝම නිසා සිදුවන්නා හිංසනය’ යන්නය. ‘සුනෙහාරා’ වදන මේ වනවිට අන්තර් ජාලයට එක් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd