IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


කුරුණෑගල දරුවන් අපයෝජනය කළ ගුරා මාරු

(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල මිශ්‍ර පාසලක ගුරුවරයකු එහි හය වසරේ සිසුවියන් පිරිසක අ⁣පයෝජනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවැත්වූ විමර්ශනයේ දී සැකකාර ගුරුවරයා අතින් එම සිසුවියන් පිරිස අපයෝජනයට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කළේය.

පාසලේ ආදි සිසුන් සහ මවුපියන් සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කරන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් අනුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය මෙම විමර්ශනය පැවැත්වීය.

මේ සිද්ධියවී ඇතැයි පැවැසෙන්නේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ය.

මෙම අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවූ බවට මවුපියෝ පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාට මෙයට පෙර පැමිණිලි කර සිටියහ.

ඒ අනුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් මනෝ සමාජයීය නිලධාරිනී කාංචනා සුබසිංහ, දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරිනියන් වන චමීරා රාමනායක සහ ලක්මිණි ධර්මදාස යන මහත්මීහු මෙම විමර්ශනය කළහ.

විමර්ශන කණ්ඩායම අපයෝජනයට ලක්වූ බව කියන සිසුවියන්ගෙන්, ඔවුන්ගේ මවුපියන්ගෙන්, පාසලේ විදුහල්පතිවරයාගෙන් සහ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මුදිතා ජයතිලක මහත්මියගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.

සැකකාර ගුරුවරයා අවස්ථා කීපයකදීම පාසල් කාල වේලාවේදී සිසුවියන් සිවුදෙනා අපයෝජනයට ලක් කර ඇති බව පැහැදිලිව ම අනාවරණයවී ඇතැයි විමර්ශන වාර්තාවේ දැක්වේ.

මෙම ගුරුවරයා සේවය කරමින් සිටින පාසලේ රාජකාරි සඳහා වාර්තා කර නැති බව ද ඔහු සිටින තැනක් හෝ සොයා ගැනීමට නොහැකිවී ඇති බවද වාර්තා වේ.

නොදන්වා සේවයට නොපැමිණීම හේතුවෙන් සැකකාර ගුරුවරයාගේ සේවය අත්හිටුවා ඇති අතර, පාසලේ විදුහල්පතිවරයා ද මෙම ගුරුවරයා සම්බන්ධයෙන් වාර්තාවක් කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයට බාරදී ඇතැයි වාර්තා වේ.

අවිවාහක 56 වැනි වියෙහි පසුවන මෙම ගුරුවරයාට එරෙහිව මීට පෙර වැල්ලව ප්‍රදේශයේ පාසලකින් ද මෙවැනිම අපයෝජන චෝදනාවක් එල්ලවී තිබූ බවට කියති.

එම චෝදනාව සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

 



අදහස් (1)

කුරුණෑගල දරුවන් අපයෝජනය කළ ගුරා මාරු

දිමුත් Monday, 26 February 2024 03:28 PM

මීට පෙරත් චෝදනා එල්ල වුණු මේ ගැන නැවත සේවයට යොදවපු කෙනා ගැනත් විමර්ශනයක් කර ක්‍රියාමාර්ගයක් ගත යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 568 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site