IMG-LOGO

කොළඹ ඇළ මාර්ග - කාණු කඩිනමින් පිළිසකර කරන්න උපදෙස්

(අංජුල මහික වීරරත්න)

කොළඹ දිස්ත්‍රික්කයේ  ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගය පැතිරීම දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සහ ඊට අදාළ ආයතනවල නිලධාරීන් සමඟ අද (20) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු නොවීම පිළිබඳ මෙහිදී නිලධාරීන්ගෙන් විමසූ ජනාධිපතිවරයා අවිධිමත් ලෙස සිදුකර තිබෙන කසළ බැහැර කිරීම මෙන්ම අපජලය බැහැර කිරීම සම්බන්ධව තිරසාර විසඳුම් සහිත සැලැස්මක් සකස් කරන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේය. 



අදහස් (4)

කොළඹ ඇළ මාර්ග - කාණු කඩිනමින් පිළිසකර කරන්න උපදෙස්

Daranagama Wednesday, 21 May 2025 05:02 AM

ගම්පහ තත්වය දෙවෙනි නොවේ. සුළු වර්ෂාවකින් උවද ගම්පහ නගරය ගංවතුරට යටවේ.

:       0       0

සාලිය Wednesday, 21 May 2025 07:19 AM

උපදෙස් ලබා නොදී සුද්ධ පවිත්‍ර කරන ආකාරයට සිස්ටම් එක හදන්න. ඒකටයි ඔයාලා පත් කලේ.

:       0       1

අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 11:29 AM

ඔයා හිතාගෙන ඉන්නේ අනුර කුමාර කියන්නේ වාරිමාර්ග ඉංජිනේරුවෙක් කියලාද, රටේ ජනාධිපති ඉන්නේ උපදෙස් හා නියෝග දෙන්න තමයි. ඒ උපදෙස් හා නියෝග අනුව ක්‍රියාත්මක වෙන්න තමයි අදාල නිලධාරින් පත් කරලා තියෙන්නේ. දේශපාලකයෝ තමන් නොදන්නා මගුල් කරන්න ගිහිල්ලා තමයි රට මේ තරම් විනාශ වුනේ...!

:       0       2

Kamal koyrala Wednesday, 21 May 2025 12:21 PM

ඇළ මාර්ග අයිනේ පදිංචි පැල්පත් ඉවත් කිරීම සහ කසල කලමනාකරණය තමයි අවශ්‍ය. එමෙන්ම මේ කසල ඉවත් කිරීමේ කාලවේලාවන් රාත්‍රිෙය්දී විය යුතු අතර, උදෑසන නගර පිරිසිදුවත්, වැදගත් මෙන්ම ගොඩනැගිලි ඉදිකිරීමේදී කසල බැහැරවන ක්‍රම යන සියල්ල සලකා බැලිය යුතුය. එමෙන්ම පරිසර හානි නීතිරීති දැඩිකළ යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 755 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site