
(අංජුල මහික වීරරත්න)
කොළඹ දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගය පැතිරීම දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සහ ඊට අදාළ ආයතනවල නිලධාරීන් සමඟ අද (20) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.
කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු නොවීම පිළිබඳ මෙහිදී නිලධාරීන්ගෙන් විමසූ ජනාධිපතිවරයා අවිධිමත් ලෙස සිදුකර තිබෙන කසළ බැහැර කිරීම මෙන්ම අපජලය බැහැර කිරීම සම්බන්ධව තිරසාර විසඳුම් සහිත සැලැස්මක් සකස් කරන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ තත්වය දෙවෙනි නොවේ. සුළු වර්ෂාවකින් උවද ගම්පහ නගරය ගංවතුරට යටවේ.
උපදෙස් ලබා නොදී සුද්ධ පවිත්‍ර කරන ආකාරයට සිස්ටම් එක හදන්න. ඒකටයි ඔයාලා පත් කලේ.
ඇළ මාර්ග අයිනේ පදිංචි පැල්පත් ඉවත් කිරීම සහ කසල කලමනාකරණය තමයි අවශ්‍ය. එමෙන්ම මේ කසල ඉවත් කිරීමේ කාලවේලාවන් රාත්‍රිෙය්දී විය යුතු අතර, උදෑසන නගර පිරිසිදුවත්, වැදගත් මෙන්ම ගොඩනැගිලි ඉදිකිරීමේදී කසල බැහැරවන ක්‍රම යන සියල්ල සලකා බැලිය යුතුය. එමෙන්ම පරිසර හානි නීතිරීති දැඩිකළ යුතුයි.