
(නිමල කොඩිතුවක්කු)
කෘෂි බෝග සඳහා හානි පමුණුවන වනජීවීන් පිළිබඳ සංගණනය ජාතික කර්තව්‍යයක් සේ සලකා එයට සහයෝගය දෙන්නැයි රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ගෘහ ආශ්‍රීතව සැරිසරන බෝග හානි සඳහා වගකිව යුතු ප්‍රධාන වන සතුන් ලෙස හදුනාගෙන ඇති වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් හා මොණරුන් ඉලක්ක කරගනිමින් ලබන මාර්තු 15 වන සෙනසුරාදා උදෑසන 8.00 සිට 8.05 දක්වා විනාඩි පහක කාළයක් තුළ මෙම සංගනනය සිදුකරන බව එහි අතිරේක ලේකම්(කෘෂි සංවර්ධන) දිස්නාරත්නසිංහ මහත්මිය පැවසුවාය.
එම කාල සීමාව තුල තම ගෙවත්ත/වගා බිම/පාසල/පුණ්යේභූමි/ හා වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ අදාල පරිශ්‍රයේ සිටින වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් හා මොණරුන් සංඛ්්‍යාව ගණන් කර සංගණන පත්‍රිකාවේ සටහන් කිරීම සිදු කළ යුතු බවත් තිරේක ලේකම්වරාය කීවාය.
මෙම සංගනනයේ දත්ත පදනම් කරගනිමින් මෙම සතුන් පාලනය සඳහා කළමනාකරන ක්‍රම ඉදිරියේදි සැලසුම් කරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ(3)පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළාය.
මෙම සංගනනය ගෘහ ආශ්‍රීතව පමණක් සිදු වන බවත් නිවැරදි තොරතුරු ලබාදීමෙන් ඒ සඳහා සහයෝගය දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් අතිරේක ලේකම්වරිය පැවසුවාය.
මෙම සංගනන කටයුතු දිවයින පුරා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රදානත්වයෙන් පවත්වන බවත් ග්‍රමසේවා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ගම් මට්ටමෙන් තොරතුරු රැස් කරන බවත් ඇය කීවාය.
මේ පිළිබඳව දැනුවත් කිරිම, සංගණන පත්‍රිකා නිවෙස් හා අනෙකුත් පරිශ්‍ර වෙත බෙදා දීමසහ සංගණනයෙන් පසු පත්‍රිකා නැවත එකතුකර ගැනීම යන වගකීම් ග්‍රාම නිලධාරි/සමෘද්ධි සංවර්ධන නිලධාරි/ආර්ථික සංවර්ධන නිලධාරි/කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා වෙත පවරා ඇති බවත් ඇය තවදුරටත් පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනාඩි 5න් නම් කරන්න බෑ..රිලව් රංචුව එන්නෙ වෙලාව බලල නෙමේ..අද 10 ට එන රිලව් රංචුව හෙට එන්නෙ හවසට ..එහෙම ඇවිත් දවසට කුරුම්බා ගෙඩි 10 විතර බොනව..දඩ ලේන දවසෙම පොල්ගස් උඩ..උකුස්සා වගේ සතුන් දැන් නෑනෙ..ඒ නිසා තමයි ..සත්ව ගහනය අසමතුලිත වෙලා තියෙන්නෙ..
බරපතළම ලෙසට අපේ වගාවට නම් හානි කරන්නෙ පොල් හොරු පමණයි .උන්ට කියල අඩුමිලට පොල් ගෙන්වාගන්න මිනිස්සුත් හොරු කඩන පොල් ගබඩාකර ගන්න මිනිස්සු ඒවා විකුණන මින්ස්සුත් වගාවට බරපතළම හානි කරන සතුන් හැටියට හදුන්වා ගන්න පුලුවන්. ඒත් ඒ සත්තු රාත්‍රියේ එනවා දහවල් කාලයේ එනවා .උන් ගැනත් ආකෘති පත්‍රිකාවේ කොටසක් වෙන් කරන්න .නිකම්ම සතුන්ට පමණක් වරද පටවන්න එපා