IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


කල්මුණේ ළමා නිවාස පාලිකාවට කිසිම වෘත්තීය සුදුසුකමක් නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කල්මුණේ ළමා නිවාසයක දී 15 හැවිරිදි දරුවකුට විකට් පොල්ලකින් සහ කොස්සකින් පහරදී  ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් ළමා නිවාස පාලිකාව කිසිම වෘත්තීය සුදුසුකමක් නො ලැබූ අයෙකු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

මේ වන විට අදාල සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරිය අදාල පරිවාස නිලධාරිනිය පිට පාරෙන් අා කෙනෙක්දැයි  සොයා බැලු බවත් නමුත් ඇය විභාගය සමත් වී තිබුනත් වෘත්තීය  සුදුසු කමක් නැතැයි කීවා ය.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය මගින්   ඉතා ඉක්මනින් රටපුරා පරිවාස නිලධාරීන්  පුහුණු කිරීමට කටයුතු කරන බවද ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.



අදහස් (9)

කල්මුණේ ළමා නිවාස පාලිකාවට කිසිම වෘත්තීය සුදුසුකමක් නෑ

කලුමදේව දමිත් Monday, 04 December 2023 03:07 PM

නිවාස පාලිකාව හා පරිවාස නිලධාරි කියන්නේ තනතුරු දෙකක් කියලා මතක් කරන්න ඕනෑ... පරිවාස නිලධාරින්ට පුහුණුවක් දීම අත්‍යාවශ්‍යම දෙයක් වගේම නිවාස පාලක පාලිකාවන්ටද පුහුණුවක් දීමට කටයුතු කරන්න ඕනෑ...

:       1       14

Rata Perata Monday, 04 December 2023 03:17 PM

සාමාන්‍ය පෙළවත් සමත් නැති අය පාලනය කරන රටක මේවා ගැන මොන කතාද?

:       0       17

ගමේ එකාලා Monday, 04 December 2023 03:45 PM

දූෂිතයෝ, මාල හොරු, ආර්ථික ඝාතකයෝ, ගණිකාවෝ, කුඩු කාරයෝ, මැරයෝ පාලනය කරන රටක, ඉන්න උන්ගේ සුදුසුකම් දිහා බැලුවාම මේවා ඒ හැටි දේවල්ද?

:       0       16

අරවින්ද මොනරවිල Monday, 04 December 2023 05:05 PM

අනිවාර්‍ය්යෙන් මේවා සුදුසුකම් බලා දෙන තනතූරු නොවෙයි ඒනිසා යම්කිසි සිදුවීමක් වෙනතුර ක්‍රියා මාර්ග ගන්න බලාගෙන ඉන්නේ නැතුව කාලයෙන් කාලයට අදාල නීලධාරින් දැනුවත් කළයුතු බව, පුහුණු කළයුතු බව කායික හා මානසික සුදුසුකම් පරික්ෂා කළයුතු බව නොවැටහෙන නොතේරෙන බලධාරින් ඉන්න රටක මෙහෙම දේවල් සිදුවෙන එක පුදුමයක් නොවේ...

:       0       5

වීරසූරිය Monday, 04 December 2023 07:02 PM

මොනරවිල මහත්තයෝ ළමා නිවාස පාලක පාලිකාවන් ගන්න අධ්‍යාපන සුදුසුකම් අදාල පළාත් පරිවාස දෙපාර්තමේන්තුව නියමකර තියෙනවා. ඒත් හරියට කරන්න කිසිවෙකුට අමාරුයි... රැකියාවක් නැතත් බොහෝම දෙනෙක් ඔය තනතුරු ගන්න කැමැති නැහැ.. කෙනෙක් සොයාගන්න හරිම අමාරුයි. ඔබතුමා බලන්න ගෙදර දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා නම් කොහොමද කියලා... එහෙම තියෙද්දී දරුවෝ දහයක් විස්සක් කෙනෙකුට දෙන්නෙකුට පාලනය කරන්න පුළුවන් කියලා හිතනවාද? අනෙක පරිවාස නිලධාරින් හැටියට ගන්නේ සමාජ විද්‍යාව සම්බන්ධ උපාධිය සහිත අයගෙන් තමයි. ඒත් ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරින් නම් විභාග තියලා ගන්නේ නැහැ ඉන්නම පරණම කෙනෙකුට සුදුසුකම් නැතත් දෙනවා මේවැනි වැරැදි බොහෝමයක් වෙන්න හේතුවක් තමයි පළාත් මට්ටමේ බඳවා ගැනීම...

:       0       0

Asela Monday, 04 December 2023 06:26 PM

ගීතාට තියෙන සුදුසුකම් මොකක්ද? ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයෙක් වෙන්න...

:       4       9

විපරමා Monday, 04 December 2023 11:33 PM

රටම දන්න එකේ ඔබතුමා නොදැන ඉන්න එකනේ පුදුමේ...?

:       0       0

pakeer Monday, 04 December 2023 09:35 PM

ඒ වුණාට මම නම් ඒ කාලේ ආසම නිළිය ගීතා...

:       0       0

Perera Tuesday, 05 December 2023 06:21 AM

පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ගෙන් කීයෙන් කීදෙනෙක්ට ද හරි හමන් සුදුසුකමක් තියෙන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1208 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1192 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 437 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site