
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළව අද (24) පැවැත්වෙන විවාදයේදී සිය අදහස් ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්, ස්ථාවර නියෝග අනුව පමණක් අදහස් ප්‍රකාශ කළ යුතු බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න දැනුම් දුන්නේය
පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේදී එළඹි එකගතා අනුව මෙම දැනුම් දීම සිදුකරන බව කතානායකවරයා නිවේදනය කළේය
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරුවන් 37 දෙනෙකුගේ අත්සන් සහිතව මෙම විශ්වාසභංග යෝජනාව පසුගියදා කතානායකවරයා වෙත භාර දෙනු ලැබුවේ මීගමුව බන්ධනාගාර ගැටුමේදී අධිකරණ අමාත්‍යවරයා සිය වගකීම් ඉටුකිරීමට අපොහොසත් වීම ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමිනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම විනයක් චාරයක් නැති ,කෑකෝ ගසමින් සත්තු වගේ හැසිරෙන අය ඉන්න විපක්ෂයක් ,ලෝකේ කිසිම රටක නැතුව ඇති.