(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල පුංචි ශ්‍රී පාද කන්ද, බෝබුරුදිය ඇල්ල සහ බඹරකන්ද දියඇල්ල රක්ෂිතවල හටගත් හදිසි ගින්නකින් අක්කර සියයක් පමණ කොටසක් දැවී විනාශ වී   ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කලුගල්පිටිය පුංචි ශ්‍රී පාද කන්ද රක්ෂිතයේ ඊයේ (23) රාත්‍රි හදිසි ගින්නක් හටගත් අතර, බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය ,බදුල්ල එළදලුව යුද හමුදා නිළධාරින් ආපදා නිළධාරින් එක්ව ගින්න නිවා දැමීමට උත්සාහ කළ ද පවතින අධික වියලි දේශගුණික තත්ත්වයත් සුළගත් සමග ගින්න සීග්‍රයෙන් පැතිර යන්නට වූ බවත් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි .

මේ අතර ඌවපරනගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝඹුරු දිය ඇල්ල ට ඉහලින් පිහිටි කදපොල සීතාඑළිය රක්ෂිතයේ  ද ගින්නක් හටගත් අතර, වැලිමඩ අඩවි වන නිළධාරින් ,නුවරඑළිය යුද හමුදා කදවුරේ නිළධාරිහු එක්වී එය නිවාදැමීමට කටයුතු සිදු කළහ.