IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


කතෝලිකක සභාව මරණ දඩුවම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා

(යොහාන් භාසුර)

ශුද්ධෝත්තම පියතුමන් ඇතුළු විශ්ව කතෝලිකක සභාව මරණ දඩුවම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් හිටපු නියෝජ්‍යපොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට මරණ දඩුවම දියයුතු යැයි ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා කළ ප්‍රකාශය කතෝලික සභාවේ මතය නොවන බවත් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අද (21) පැවසූහ.

සිරිල් ගාමිණී පියතුමා කොළඹ අගරදගුරු නිවසේදී විශේෂමාධ්‍ය හමුවක් පවත්වමින් අද (21) එසේ පැවසූහ.

පුද්ගලයෙක් කුමන ආකාරයේ වරදක් කළත් කතෝලික සභාව මරණ දඩුවම නියම කරන ලෙස ප්‍රකාශ නොකරන බව කී සිරිල් ගාමිණී පියතුමා පැවසුවේ එම ප්‍රකාශය කළ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා මහනුවර සිටින බැවින් එම මාධ්‍ය හමුවට සහභාගි නොවීමට නොහැකි වුවද එම ප්‍රකාශය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන ලෙස දැනුම්දුන් බවත්ය.

එම ප්‍රකාශය කිරීමට පෙර ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා “මගේ මතයට අනුව මරණ දඩුවම වුවත් දියහැකියි” යැයි පැවසූ බව කී සිරිල් ගාමිණී පියතුමා ‘පාස්කු ඉරුදින ත්‍රස්තප්‍රහාර’ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයන් නීතිය ඉදිරියට ඉදිරිපත් කළ යුතු යැයි කතෝලික සභාවේ ස්ථාවර බව ද සඳහන් කළහ.

නිලන්ත ජයවර්ධනට එරෙහිව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිදේශ ක්‍රියාත්මක කර ඔහුට එරෙහිව අපරාධ නඩුවක් පිළිබඳව නීතිපතිවරයා කටයුතු කළ යුතු යන්න කතෝලික සභාවේ මතය බවත් සත්‍ය සොයාගැනීම සහ සාධාරණය ඉටුකිරීම කතෝලික සභාවේ ඉල්ලීම වන අතර වැරදිකරුවන්ට දඩුවම්දීම කතෝලික සභාවේ කරුණක් නොවන්නාක් මෙන්ම දඩුවම්දීම නීතියේ සහ අධිකරණයේ කටයුතුක්තක් බවත් පියතුමා කීහ.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරු අදාළ තනතුරුවට පත්කරන්නැයි අතිඋතුම් කාදිනල් හිමිපාණන් ජනාධිපතිවරයාගෙන් හෝ වෙනත් කිසිඳු පුද්ගලයෙක්ගෙන් කිසිඳු ඉල්ලීමක් කවදාවත් කර නොමැති බවත් ඉතාම පැහැදිළිව අවදාරණය කරන බවත් වර්තමාන හමුදාපතිවරයාට සේවා දිගුවක් දෙන ලෙස කාදිනල්හිමිපාණන් හෝ කතෝලික සභාව කිසිඳු  ඉල්ලිමක් කරනොමැති බවත් පියතුමා සඳහන් කළහ.

එවැනි ඉල්ලීම් කළ බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් රාජ්‍ය පාලනයට මැදිහත්වීමට කාදිනල්හිමිපාණන්ට හෝ කතෝලික සභාව කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් පියතුමා පැවසූහ.

කතෝලික සභාව යම් කාලයකදී කළ ප්‍රකාශයක් පාදකරගෙන මෙම ප්‍රකාශය නිර්මාණය වී ඇතැයි අනුමනා කරන බව කී සිරිල් ගාමිණී පියතුමා පැවසුවේ 2023 වසරේ ඔක්තෝබර් මස 9 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ‘පාස්කු’ ප්‍රහාරයේ පරීක්‍ෂණ පිළිබඳව ලිපියක් යොමු කළ අතර එම ලිපියෙන් එම ප්‍රහාර සිදුවූ අවස්ථාවේ සිට විමර්ශනය කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිටි ඒ වන විට මාරුවීම කර තිබූ නිලධාරීන් නැවත පරීක්‍ෂණවලටට සම්බන්ධ කරන ලෙස කාදිනල්හිමිපාණන් ඇතුළු ‘පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳව කතෝලික ජාතික කමිටුව’ ඉල්ලීමක් කළ බව ද සඳහන් කළහ.

ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා ස්ථාන මාරු කළ සීඅයිඩී නිලධාරීන් අතර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරු ද සිටි බවත් ‘පාස්කු ප්‍රහාරය’ට සම්බන්ධ පරීක්‍ෂණයේදී සත්‍ය හෙළිදරව් කර ඊට සම්බන්ධ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සහ විමර්ශන ස්වාධිනව, විනිවිදභාවයෙන් සහ අවංකව කිරීම පමණක් එම ලිපියෙන් ඉල්ලා සිටි අතර  එය හැර වෙනත් කිසිඳු ඉල්පීමක් රජයෙන් හෝ ජනාධිපතිවරයා නොකළ බවත් පියතුමා කීහ.

‘පාස්කු ඉරිදා ප්‍රහාරය’ සම්බන්ධයෙන් එක ජනාධිපති විමර්ශන කොමෂන් සභාවක් පමණක් පැවැති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ ඉමාම් සහ ජයකොඩි අල්විස් ලෙස කමිටු දෙකෙන් එක කමිටුවක් ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නට චෝදනා එල්ල කර තිබූ බවත් එම කමිටු පත්කිරීමේදීම කතෝලික සභාව එම කමිටු දෙක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව රනිල් වික්‍රමිසංහ ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවත් සිරිල් ගාමිණී පියතුමා වැඩි දුරටත් සඳහන් කළහ.

ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා ඊයේ (20) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ නිලන්ත ජයවර්ධන මහතාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම හෝ මරණ දඩුවම හෝ දියහැකි බවයි.  



අදහස් (5)

කතෝලිකක සභාව මරණ දඩුවම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා

janahitha Tuesday, 22 July 2025 09:00 AM

නැගෙනහිර පළාතට එය අදාළ නැහැ...

:       0       0

Jayasekara Tuesday, 22 July 2025 09:20 AM

කතෝලික සභාව කොහොමත් එක පාරටම තද නින්දෙන් අවදිවෙලා වගේ කියවනවා.

:       0       0

fairoos Tuesday, 22 July 2025 11:35 AM

එටකොට මහමොලකරු කවුරුත් නැද්ද ?

:       0       3

de silva Tuesday, 22 July 2025 12:07 PM

අද රටේ පාතාල නායකයෝ මරණ දඬුවම දීලා හිරේ දැම්මත් දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා ඇතුලේ ඉඳගෙන ජංගම දුරකථන භාවිතා කරමින් ගෝලයෝ දමලා මිනී මරවනවා, කප්පම් ගන්නවා, කුඩු ජාවාරම් කරනවා, මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනේ, නැතිනම් තව සිය දහස් ගණනක් නිරපරාදේ මැරෙනවා...

:       0       0

Harimanis Tuesday, 22 July 2025 03:58 PM

එතකොට කතෝලික සභාවේ දැන් ඉන්න මාධ්‍ය ප්‍රකාශක... ඔය කියන සභාවේ නොවෙයිද? එය වෙනම සභාවක්ද? ලැජ්ජයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 441 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2202 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site